Sunday, January 31, 2016

අළුත් පක්ෂයක් එයිද

මහින්ද මහතාට ජනවාරි 8 ට පෙර රටේ විශාල ජනබලයක් තිබිනි. මේ ජනබලය ගොඩනැගුනේ මාධ්‍ය බලය,රාජ්‍ය බලය ආදී හැම බලයක්ම යොදාගෙනය. මහින්ද යනු කිසියම් ගූඪබවක් සහිත අද්භූත පුරුෂයෙකු බව උදේ හවා මහමග තිබෙන දැවැන්ත කටවුට් දුටු හුදී ජනයාට සිතෙන පරිසරයක් තිබිනි.මහින්දගේ සහෝදරයන් හා දරුවන්ගේ නම් කියන්නට සතුරෝද බියවූහ. ඒ වෙනුවට   බීප් බීප් කියවුනි. සියල්ලෝම දැවැන්ත ප්‍රතිරූප විය.

ජනවාරි 8 වෙනිදා මේ මහා ලෝකය බිදවැටුනත් එය ජනතාවටද අදහාගත නොහැකිවිය. කිසිවෙක් නොසිතූ ලෙස මහින්ද යලිකරලියට ආවේය.මේ කිසිම බලයක් නැතිව ඊලඟ මහමැතිවරනයට තරග කල විට ලක්ෂ කිහිපයකින් මහින්දගෙ බලය පිරිහුනි. මහින්ද යනු ක්ෂයවන විකිරනශීලී මූලද්‍රව්‍යයක් මෙනි. දැන් තවත් කාලයක් ඉක්ම ගොස ඇත.

ප්‍රාදේශීය මට්ටමෙන් මහින්ද තවමත් ජනප්‍රියය. එහෙත් එම තත්වය කලමනාකරනය කරගැනීම ආන්ඩුවට කාලය පිලිබද ප්‍රශ්නයක් පමනි.එන්න එන්නම ජනප්‍රියත්වය පිරිහෙන මහින්දගෙන් බිම් මට්ටමද හැලෙන්නට පටන් ගත්විට ඔයමන්ත්‍රීවරු  නොමිනේසන් ඉල්ලා වත්මන්ම් ලේකම්වරයා පසුපස යනු ඇත.

මහින්දට කරන්න දෙයක් ඇත්තේම නැද්ද.
මේ අලුත් ආන්ඩුවේ නගින කලාවයි. දැන් ගහන ගහන ගල වරදී. අඩු තරමින් 1019 වනතුරුවත් ඉවසා සිටිය යුතුය. ඒ ශේප් න්‍යායෙනි.

ඒ ඉවසීම ගෝලබාලයන් සමහරෙකුට නැත.මහින්ද පෙරටුකරගෙන අලුත් පක්ශයක් සැදීම ගැන කතා ඇත ඇසෙන්නෙ එබැවිනි. එහෙත් මේ කිසිදා සිදුනොවන දෙයකි. මන්ද මහින්ද නටවන නූල් ඇත්තේ ආන්ඩුවේය. එනම් මහින්ද නැටුමක් නටන්නට සැරසෙන විටම ඔහුගේ සහෝදරයන් දරුවන් කල නොහොබිනාකම් ගැන පරීක්ෂන පැවැත්වීමයි.මේ නිසා විමල්ට ගම්මන්පිලට අලුත් පක්ෂයක් කොයිතරම් අවශ්‍යවුනත් මහින්ද පවුල ඉන්නෙ දෙකට දෙවාරේය. නමුත් මෙසේ මඩේ සිටවූ ඉන්න මෙන් මහින්ද සිටිනවිට ඔහුගේ බලය දුර්වල වේ.නමුත් කරන්නට දෙයක් නැත.

එහෙත් අලුත් පක්ෂයක් හදයි කියා සිතන්නට අමාරුය. මන්ද මහින්දට දැන් අංක එක වී ඇත්තේ පවුල බේරාගැනීම බැවිනි.

Thursday, January 28, 2016

ඉන්දියාව සමග ගිවිසුම හොදද නරකද

අනෙක් සියළු කතා පැත්තකින්ම තියමු. ගිවිසුමට එරෙහිව නගන තර්කවලින්ම පටන් ගනිමු. 125,000 කට කරන වැඩේ රු 25,000 කට ඉන්දියන්කාරයන් ඇවිත් කරන බවත් අපේ වෘත්තියවේදීන් ට කෙලවෙන බවත් කියයි.
ඇත්තටම එහෙම වෙනවානම් අපේ ජීවන වියදම අඩුවේ. වෘත්තියවේදීන් වෙනුවෙන් අප විශාල ජීවන බරක් දැරිය යුත්තේ ඇයි. වෘත්තියවේදීන් මේ තරගයට මුහුන දෙනවානම් හොදය. 
අනෙක් අතට වෘත්තියවේදීන් වෙනුවෙන් කරන ආයෝජනය සමාජයක ලෙස ප්‍රතිඵලදායකද .අපගේ බදු මුදලින් වෛද්‍යවරු පුහුණු කරමු. ඔවුහු ඉගෙනගෙන රට යති. චැනල් කරති. මම හිතන්නෙ ඔවුන්ට ඉන්දියන්කාරයන් සමග තරගයක් දෙන්නට වීම සමාජයක් ලෙස නරක නැති බවයි.

ඇත්තටම එහෙම වෙයිද

ඇත්තෙන්ම ඉන්දියන් වෘත්තියවේදීන් මෙහි එන්නේය කියානම් සිතිය නොහැක. ඔවුන්ට අඩු පඩියට වැඩි ජීවන වියදමක දරාගෙන ජීවත් වීමට තරම් මොලේ අමාරු ඇති කීප දෙනෙක්නම් එනු ඇත.
ඉන්දියන් රුපියල මෙරට රුපියලට වඩා වැඩි වටිනාකමක් ඇති නිසා එවැනි වෘත්තිකයෙකුට විශාල වැටුපක් ගෙවීමට සිදුවේ. එවැන්නෙක් මෙහි එනවාට වඩා බටහිර රටකට පැනගනිති.

ඉන්දියන් බලපෑම දැකිය හැක්කේ කුලීකාර ක්ශේත්‍රයෙහිය.
කුලීවැඩකට මිනිහෙක් හොයාගන්නට අපට මොන තරම් අමාරුද .ඉතින් ඉන්දියන්කාරයන් අඩුවට කුලීවැඩකර දෙන්නේනම් නරකද

ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නැත. මම බලන්නෙ ලංකාවෙ මධ්‍යම පන්තිකයෙකුගේ දෘෂ්ටිකෝනයෙනි. අඉන්දියන් ආහාර ,ඉන්දියන් කලාව හා ඉන්දියන් කුලීකරුවන් අවශ්‍යය.

අවදානමක ඇත්නම් ඇත්තේ අපට නොවේ. ඔය වෘත්තියවේදීන් ය කියන ලිං මැඩියන්ටය. රටක් ලෙස වාසිසහගතය.

ඉන්දියාව ඔය කියන තරම් හිගන රටක් නොවේ. අපටද විශාල වෙලැදපොලක් විවෘත වේ. අප හුරු විය යුත්තේ වෙළදාමටය.නිෂ්පාදනයටය. එහෙත් අප කරන්නේ සේවා සැපයීමටය.මෙය ආර්ථික වශයෙන් අපට කාර්යක්ෂ්ම වී නැත. හොයන්නෙ රජයේ රස්සාය. විශාල ප්‍රාග්ධනයක් වැයකර වෘත්තිකයන් බිහිකිරීම රටට වාසියක් නැත. 

අප ස්වෝත්තමවාදී වී ආර්ථික ජාතිවාදී වී සේවය කරන්නෙ අතලොස්සක් වෘත්තීයවේදීන් වෙනුවෙන්ද එසේ නැතිව අප  අප ගැනම සිතීම අපට වාසිසහගත නැද්ද 

මෙම ගිවිසුමෙන් අපේ ජීවන වියදම අඩුවනු ඇත.සමහර විට අඩු මුදලට ගෘහසේවිකාවන් සොයාගැනීමටද හැකිවනු ඇත. අපේ ගාමන්ට් වලට ඉන්දියන් ලාබ ශ්‍රමය ගෙන්වා විදේශ විනිමය ඉපයීමට දක්ෂ විය යුතුය.අප රැකියා සොයන්නන් නොව ඉන්දියන් කාරයන්ට රැකියා සපයන්නන් වෙමු.

Buffalo soldier in the heart of America

Buffalo soldier, dreadlock rasta
There was a buffalo soldier in the heart of America
Stolen from Africa, brought to America
Fighting on arrival, fighting for survival

I mean it when I analyze the stench
To me it makes a lot of sense
How the dreadlock rasta was the buffalo soldier
And he was taken from Africa, brought to America
Fighting on arrival, fighting for survival

Said he was a buffalo soldier, dreadlock rasta
Buffalo soldier in the heart of America

If you know your history
Then you would know where you're coming from
Then you wouldn't have to ask me
Who the 'eck do I think I am

I'm just a buffalo soldier in the heart of America
Stolen from Africa, brought to America
Said he was fighting on arrival, fighting for survival
Said he was a buffalo soldier, win the war for America

Dreadie, woy yoy yoy, woy yoy-yoy yoy
Woy yoy yoy yoy, yoy yoy-yoy yoy
Woy yoy yoy, woy yoy-yoy yoy
Woy yoy yoy yoy, yoy yoy-yoy yoy
Buffalo soldier troddin' through the land, wo-ho-ooh
Said he wanna ran and then you wanna hand
Troddin' through the land, yea-hea, yea-ea

Said he was a buffalo soldier, win the war for America
Buffalo soldier, dreadlock rasta
Fighting on arrival, fighting for survival
Driven from the mainland to the heart of the Caribbean

Singing, woy yoy yoy, woy yoy-yoy yoy
Woy yoy yoy yoy, yoy yoy-yoy yoy
Woy yoy yoy, woy yoy-yoy yoy
Woy yoy yoy yoy, yoy yoy-yoy yoy

Troddin' through San Juan in the arms of America
Troddin' through Jamaica, a buffalo soldier
Fighting on arrival, fighting for survival
Buffalo soldier, dreadlock rasta
Woy yoy yoy, woy yoy-yoy yoy
Woy yoy yoy yoy, yoy yoy-yoy yoy
Woy yoy yoy, woy yoy-yoy yoy
Woy yoy yoy yoy, yoy yoy-yoy yoy

උපරිම බලය බෙදීමකට යමු

උතුර නැගෙනහිර ගැටළුව සම්බන්ධයෙන් බලය බෙදීමේ ක්‍රියාවලියකට යාමට යෝජනා කෙරේ. පිරිසක් මෙයට එකහෙලාම එරෙහි වෙති.බලය බෙදීම යනු කුමක්ද කියා සොයා බලමු.

ඒකීය හා සන්ධීය කියා ව්‍යවස්ථා දෙවර්ගයකි. මෙම බෙදීම් නිශ්චිතවම වෙන්කර පෙන්වා දිය නොහැකිමුත් 13 වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පසු ලංකාව සංධීය දෙසට ගමන් අරඹා ඇති බව පැහැදිලිය.එහෙත් තවම ඉන්නේ ගන්දබ්බ අවධියේය.

බලය බෙදීමකදී රට නොකැඩීම අනිවාර්ය කොන්දේසියයි.එය ව්‍යවස්ථාවටම ඇතුලත් කෙරේ. ඉන් පසු එම සීමාව යටතේ උපරිමව බලය බෙදිය යුතුය. මෙහිදී බලය යනු මල් පාත්ති වලට වතුර දැමීමේ බලය වැනි ඒවා නොවන බව කිව යුතුය.එසේනම් මොනවාද

පොලිස් ඉඩම් බලතල ඇතුලුව දැනටමත් 13 න් හී ඇති බලතල සක්‍රිය කිරීම ,ත්‍රිවිධ හමුදාවක් තබා ගත හැක්කේ විදේශ සබදතා පවත්වාගෙන යා හැක්කේ යුද්ධය හා සාමය ප්‍රකාශකල හැක්කේ,ජනරජයේ මුද්‍රාව ලගතබාගත හැක්කේ ,වරදකරුවන්ට සමාව දිය හැක්කේ මධ්‍යම රජයේ ප්‍රධානියාට  පමනි.

උතුරු නැගෙනහිරට තමන්ගේම ව්‍යවස්ථාදායකයක් නිර්මානය කර ගැනීම, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරනය විසින් මෙහි සම්මත කරන පනත් පසු විපරමකට ලක් කරනු ලැබිය හැක. රට දෙකඩ කිරීම වැනි දෙයක් යෝජනා වුනොත් එය ජනමත විචාරනයකට ලක් කල යුතුය.

දෙමල ජනයා ජාතියක් ලෙස පිලිගැනීම.

වෙන්වීමේ අයිතිය ඇතුළු ස්වයන් තීර්න අයිතිය, කලබල නොවන්න. කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයේ  සහ අයර්ලන්තයේ බෙදුම්වාදී  ජනමත විචාරන සාර්ථක නොවීය. වෙන්වීම යනු සිතනතරම් ලේසි නැත. මෑත යුගයේ බෙදී ගියේ දකුනු සූඩානය පමනි.ඊට හේතුව බලය බෙ
දීම නොව බලය නොබෙදීමයි.

බලය බෙදීම ගැන සාකච්ඡා විය යුත්තේ තිම්පු සාකච්ඡාවලින් ඉදිරියට මිස ආපස්සට නොවේ.

රට බෙදීමට අපටත් වඩා විරුද්ධව
න්නෙ ඉන්දියාවය. අප ඉන්දියාව සමග පෙලට සිට ගත යුත්තේ එබැවිනි.

මට ඊළාම්වාදියෙක් හෝ කොටි හිතවාදියෙක් නොවෙමි. මම උතුරෙ හා දකුනේ ජාතිවාදයට විරුද්ධය.කොටි පෙරටුකරගෙන ඉදිරියට ආ දෙමල ජාතිවාදයට එකහෙලාම විරුද්ධය.
අසූව දශකයේ උඩුවරගේ හෙන්‍රි පෙරේරා ප්‍රමුඛ පිරිස ගෙන ආ ප්‍රගතිශීලී මතවාදය ට කිට්ටු මතයක් දරන අතර සිංහලයන් යනු ද්‍රවිඩ ගෝත්‍රයක් බව ප්‍රකාශ කරමි.උත්තර භාරතීය වෙස් මුහුනක් දමා සිටියත් අප සැබවිම ද්‍රවිඩයන්ය.

Wednesday, January 27, 2016

දෙමළ භාෂාව ඉගෙනීමේ වැදගත්කම

දෙමළ භාෂාව ඉගෙනීමේ වැදගත්කම තේරුම් ගැනීමට අප ප්‍රමාද වුනා වැඩිය. ඇත්තෙන්ම සිංහල ජනයා දෙමළ ඉගෙන ගෙන එය සම්බන්ධීකරන බසක් ලෙස භාවිතා කිරීමට පුරුදුව සිටියානම් තිස් අවුරුද්දක් තිස්සේ ඇදුන යුද්ධයද වලක්වාගත හැකිව තිබිනි.

අප දෙමළ බස ඉගෙනගත යුත්තේ ඇයි. ප්‍රධාන වශයෙන්ම එය ලොව විශාල පිරිසක් භාවිතා කරන ජාත්‍යාන්තර බසක් නිසාය. ඉන්දියාව ,මැලේසියාව ,සිංගප්පූරුව,කැනඩාව වැනි රටවල් විශාල ප්‍රමානයක කෝටි දහයක් පමන වන ජනතාවකගේ මවු බස දෙමළයි. එසේම සිංහල බස පෝෂනයේදීද  දෙමල බස මහ මෙහෙයක් කර ඇත.

අපගේ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන බොහොමයක් දෙමළ ,මුස්ලිම් ජනතාවට හිමි බව පෙනේ. මේ අය දෙමළ කතා කරන ජනතාවයි. අපට දෙමළ මුස්ලිම් කඩයකට ගොස් භාන්ඩ හා සේවා මිලදී ගැනීමට දෙමළ බස දැනගෙන සිටීම වැදගත්ය.

එසේම අප අතර විශාල ප්‍රමානයක් දෙමළ හා මුස්ලිම් ජනතාව සිටින බව දනිමු. අපට ඔවුන් සමග දෙමලෙන් කතා කිරීමට බැරිවීම ලොකු අඩුපාඩුවක් නොවේද

දෙමළ දැනසිටීම නිසා ඉන්දියානු කලාවන් භුක්තිවිදීමේ අවස්ථාවද උදාවේ. බොහෝ සිංහල ගීත හා සිනමාපට දෙමළ හා හින්දි නිර්මානවල කොපි බව නොරහසකි.

සහජීවනය ගැන අද කතා කෙරෙයි.එහෙත් විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කලේ උතුරට දෙමලෙන් ලියුම් නොලැබෙන බවයි.ඇයි අපට ඔවුන් සමග ඔවුන්ගෙ බාෂාවෙන් කටයුතු කරන්න බැරි?

අප ඉංග්‍රීසි ඉගෙන ගැනීමට දරන මහන්සියෙන් සීයෙන් එකක් දෙමල ඉගෙන ගන්නට දක්වනවාද. ඉංග්‍රීසි මෙන් නොව දෙමල ඉගෙනීමට පහසුය. එය සිංහල වැනිම බසක් බැවිනි.

සියල්ලටම වඩා අසල්වැසියාගේ හද ගැස්ම තේරුම්ගැනීමට දෙමල බස දැන ගැනීම වැදගත්ය.

Sunday, January 24, 2016

ඉන්දික තොටවත්ත

50% සම්භාවිතාවයට ඔට්ටු අල්ලමින් සාත්තර කීම ලංකාවේ අනාදිමත් කාලයක් සිට සිදුවන්නකි. යම් සාත්තරයක් හරිගිය විට ඔහු ඉසිවරයෙක් වේ. ඔහු ඉන් පසු කියන අනෙක් සාත්තර වැරදීම අවුලක් නැත. 50% සම්භාවිතාවය නිසා එක්කො හරි යයි නැත්නම් වරදියි. 

සමහර සාත්තරකාරයන් බොරු කීමට පෙර සාමාන්‍ය දැනුමක්වත් ලබාගැනීමට ප්‍රවේසම් වී නැත. නවසීලන්තය ලෝක කුසලානය දිනීම, රන්ජන්ට ලෝක සම්මාන ලැබීම වැනි අනාවැනි උදාහරන වේ. එක්කෝ සිය අනාවැකිය නිසා පිකප් වන අය එම දේවල් ලබාගනීය කියා සිතීම හෝ මහජනයා මෝඩයන් බවට ඇති මතය ගැන ඇති අධිතක්සේරුව නිසා එසේ සාත්තර කියනවා විය හැක.

පසුගිය ජනාධිපතිවරනයෙන් පසු සාත්තරකාරයන්ගේ ග්‍රහයන් නීච විය. නක්ෂත්‍රය තුලින් සිදුවන්නේ සිදුවූ දේවල් එසේනම් මෙසේ විය කියා හේතු පැහැදිලි කිරීමයි. එයින් අනාවැකි කීම මුලින් කී 50% සම්භාවිතාවයට ඔට්ටු ඇල්ලීමය.

මේ සියලු සාත්තරකාරනගේ ක්‍රමවේදයට වෙනස්ව අපූරු මහත්මයෙක් ගහෙන් ගෙඩි එන ලෙසින් ඍජු අනාවැකි කීම මෙරට අනාවැකි ඉතිහාසයේ ටර්නින් පොයින්ට් එකක් විය. ඔහු 50% සම්භාවිතාවය නොව කිසියම් අධිමානසික බලයක් වැනි දෙයක් භාවිතා කරන බව සිතිය හැක.

අනාවැකි කීම ගත්විට අපූරු පරස්පරයන් මතුවේ. එනම් සුනාමිය ගැන දන් නේ නම් එදා කිසිවෙක් එහි නොයයි. එවිට මුලින් දුටු අනාගතය සැබෑ අනාගතය නොවේ. පරදින බව දන්නේ නම් මහින්ද ඉල්ලන්නේ නැත. 


ප්‍රසන්න රණතුංග මීලග අගමැති වන බව ඉන්දික කියයි. එයද 50% සම්භාවිතාවයක් නොව අති විශේෂ එකකි. එහෙත් එය බලන්නට 2020 වනතුරු ඉන්නට සිදුවේ.ඉන්දික මහතා මහින්ද පරදිනබව ස්ථිරවම ප්‍රකාශ කළේය.එසේම යලි මැදමුලන බල්ලෙකුටවත් අරලියගහ මන්දිරේට යන්න බැරි බව කීය. හරියටම හරිගියේය. ෆොන්සේකා 2017ට පෙර රට හැරයනබව ඔහු කියයි. ආ අපට 2010 වනතුරු ඉන්න සිදුනොවේ. 

මහින්ද පරදින අනාවැකිය සහ ඔහු අරලියගහමන්දිරයට නොයාම අතිසුවිශේෂ අනුමානයක් ලෙස තර්ක කළ හැක. ඉන්දිකව යලි පරීක්ෂා කළ යුත්තේ එබැවිනි.

නමුත් ඉන්දික මහතා අපගේ නොඉවසිල්ල දැනගෙනමදෝ ඉතා ලග අනාවැකියක් කියයි. ඒ මාර්තුවට පෙර කස්ත්‍රෝ මියයන බවය. ආ අපට ඉන්දික පරීක්ෂා කිරීමට තව ඇත්තේ මාසයකි. 

එඩිතර අනාගතවක්තෲවරයානෙනි ඔබගේ නිර්භීතබවට අපේ ආචාරය. නමුත් මාර්තුවට පෙර අප ඔබව පරීක්ෂා කරමු. ඉරහද කාරයා පිලිප් කුමරු ගැන කී අනාවැකිය මෙන් නොවේවා. ඉරහද කාරයා ගේ අනාවැකි බොරුවීමේ සම්භාවිතාව 100% ක් පමන වේ.කරූට කිසිදා ඇමතිකමක් නොලැබෙන බව කීවේය. ප්‍රභාකරන් අල්ලන දින දී කිච වූ වාර අනන්තය. ඔබට එසේ නොවේවා. ඔබගේ කීර්තිනාමය රැකීමට කස්ත්‍රෝ වගබලාගනීවා.

කස්ත්‍රෝලට කියන්නෙ අපි ඉන්දික වගෙ කෙලින් ඉන්න කියා පරන සම සමාජ ගීතයක් තිබුනා කියා මට මතකය.

Friday, January 22, 2016

හැම ගමකටම ජනාධිපතිකෙනෙක්

අදටත් ඉන්දියාවට වඩා ලංකාවේ ආයෝජනය කරන්න මිනිස්සු කැමතියි. පසුගිය වසර 9 දී වුනේ බොහෝ අයෝජකයන්ට හම්බන්තොට අයෝජනය කරනවානම් රජ පුතාගේ අනුග්‍රහයෙන් සියළුම පහසුකමුත් වෙන දිහාක කරනවානම් කප්පම් ගෙවීමුත් කරන්න සිදුවීම. කොළඹ දකුණු වරායේ අයෝජනයෙන් සිංගප්පූරු වරාය හිමිකරුවන් ඉවත්වුනා. ඒකට හේතුව මිලියන 500 ක ගතමන්ට් එක ගෙවන්න එකඟ නොවීම. //

මේ ඉයන් වෙනත් බ්ලොග් එකක දැමූ කොමෙන්ටුවකි. මේ කතාව ඇත්තනම් ලංකාවේ හැම ගමකටම ජනාධිපතිවරයෙක් අවශ්‍ය බව පෙනේ.මහින්දට එරෙහිව ඉතා සාර්ථකව මෙන්ම ඉතා වෛරීව වද මාකට් කළ හැකිව තිබූ මෙම අදහස පුළුල්ව සමාජගත කෙරුනේ නැත.

කෙනෙක් කියන කතාවක් අප පිළිගත යුත්තේ සාක්ෂි තිබේනම් හා සද්භාවයෙන් කියන්නේ නම් පමනි. මා මෙය විශ්වාස කරන්නේ මන්ද.මටද සාක්ෂි ඇති බැවිනි. මට හමුවූ දැඩි මහින්ද පාක්ෂික මේසන් කෙනෙක් කීවේ ඔහුට හම්බන්තොට ව්‍යාපෘතිවල වැඩ නැති බවයි. ඒ මන්ද කියා ඇසූ විට මහින්ද මහත්තය කොන්ත්‍රාත් පිට යනව කියා දැනගෙන ඒව හම්බන්තොටටම දෙන්න කියා කිව්ව කියා පැවසීය. මෙය සිදුවුනේ 2006 තරම් ඈතය. එදාද මම මේ ප්‍රකාශයේ අස්වාභාවික බවක් දුටුවෙමි.මහින්ද ඒ වනවිට රටේ නායකයාය.

සියලුම සංවර්ධනය හම්බන්තොටට ගෙන  ආ බවත් එයින් සිදුවුනේ තල වේලන වී වේලන අධිවේගීමාර්ග ඉදිවීම බවත් අප දනිමු. සූරියවැව ක්‍රීඩාංගනය හරක් බැදීමට ප්‍රයෝජනවත්ය. කොළඹ ජාත්යාන්තර සම්මන්ත්‍රනශාලාව මෙන් එකක් හම්බන්තොටට හැදීය. මේ එකක්වත් හම්බන්තොටට වැඩක් නැත. හම්බන්තොටට සිදුකල යුතු අවශ්‍ය සංවර්ධනය නොව හම්බන්තොට අගනුවරක් කිරීමට අනවශ්‍ය සංවර්ධනයක් ඔහු කලේය. ඒ සදහා ගන් ණය වලට මුලු රටේම මිනිස්සු පොලී ගෙවිය යුතුය.එය මෙහි ශෝචනීය තත්වයයි.

ඉහත මේසන් බාස්ගෙ කතාවෙන් පසු මෙවැනි කතා සියගනන් ඇසුවෙමි. එහෙත් මහින්ද ගැන අන්ධවූ අය මේ කතා විශ්වාස කිරීමට නොපෙළඹෙති. බොහෝ කම්හල් හම්බතොටට ගෙන යන ලෙසත් ඒවායේ සේවය කරන පිටපලාත්වල අයට ගමන් දීමනාවක් ගෙවන ලෙසත් උපදෙස් ලැබුනි. කොළබට එන නැව් බලහත්කාරෙන් හම්බන්තොටට හැරවීමේ කතාද ඇත්ත විය හැක.

මේ කතා 100% ක් ම ඇත්තදැයි නොදනිමි. ඇත්තනම් මේ ගම්බල්ලාට පිට පලාත්වලින් එක ඡන්දයක්වත් දිය යුතු නැත.

ජාති ආගම් වාද වලට රාජකීය විසදුමක්

හිටපු ජනාධිපතිතුමිය මා අප්‍රිය කරන දේශපාලන චරිතයකි. එහෙත් ඇය කල අගනා ප්‍රකාශයක් නිසා ඇය ගැන යමක් කීමට සිතේ. චන්ද්‍රිකා මහත්මිය මෙරට ජනාධිපතිව සිටි යුගයේ එක්තරා අපූරු වැඩකට අත ගැසුවාය. ඒ පාසල් සුද්ද කිරීමය. මෙය නම් හිතන තරම් ලේසි නැත. පාසල්වාදය යනු එක්තරා කුලවාදයකි.  අපේ සමාජය උපතේ සිටම බෙදුම්වාදීය. අප ගේ බෙදීම් සිහිවනවිට සිනහවත් කෝපයත් ලැජ්ජාවත් දුකත් එකවිටම පහල වේ.

විදුහල්පතිවරු හොරාකන බව ප්‍රසිද්ධ රහසකි. චන්ද්‍රිකා යුගයේදී ප්‍රසිද්ධ පාසල්වල හොරු දෙදෙනෙක් ඉවත් කළත් ඔවුන් අත් අඩංගුවට ගත්තත් එම ප්‍රයත්නය නිශ්ඵල වුනේ පාසල් මාෆියාව විධායක ජනපති ක්‍රමයටත් වඩා ලොකු බව පෙන්වමිනි. ගැහැනියක් පිරිමියෙක් කිරීමට අමතරව පාසල්වාදය සමග හැප්පෙන්නටද විධායක ජනපතිවරුන්ට බැරිය.

චන්ද්‍රිකා යුගයේ සම අවස්ථා පනත නම් අපූරු ප්‍රගතිශීලී පනතක්ද ගෙනා නමුත් පසුගාමීහු එය කඩාකප්පල් කලහ.

මම කියන්නෙ මේ බෙදීම් නැතිකරගන්න කියා නොවේ. ඒවා බොහොම ප්‍රවේශමෙන් ආරක්ෂා කරගත යුතුය. මංගල යෝජනා වල ජාතිකුලමල කියන මුත් පාසල ගැන සදහන් නොකිරීම අඩුවක් නිසා එයද සදහන් කරන්නේ නම් සම්පූර්න වේ. ඉදින් මේ  ජානමය ලෙස බෙදුම්වාදී අපට කිසිවෙක් බෙදුම්වාදය අත හරින්න කියා කීම විහිලුවකි. බෙදුම්වාදය තුලම සාධනීය ජයග්‍රහන ලැබීමට අප උත්සාහ කල යුතුය.

කොළඹ රාජකීය විද්‍යාලය බලන්න. එය රටේ තිබෙන උසස්ම පාසල බවට විවාදයක් නැත. ශිෂ්‍යත්වයෙන් ඉහලම ලකුනු සීමාව ඇත්තේද රාජකීය පාසලටයි. මෙයට රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ කියාද කියති. එම පාසලට වෙනම අනන්‍යතාවයක් ඇත. මේ අනන්‍යතාවය තුල සමානාත්මතාවය සහ සාධාරනත්වය තිබීම අප මතු කරන කාරනයයි. එනම් මෙහි ජාති කුල ආගම් භේද නැතිව සැවෝම රාජකීයයෝය. එහි අභ්‍යන්තරයේ පන්ති භේද තිබිය හැකි වුවද රාජකීය සම්ප්‍රදාය තුලින් වෙනත් පසුගාමී භේද නිශේධනය කෙරේ.

රාජකීය උත්සව වලට ටයිකෝට් දමාගෙන පැමිනිය යුතු අතර සරම බැනියම ,වේට්ටිය ,මුස්ලිම් ගවුම ඇදගෙන කිසිවෙකු එන්නේ නැත. විවිධ ගංගාවන් ගලා ඇවිත් එක් මුහුදකට වැටෙන සේ විවිධ සමාජ කන්ඩායම්වලින් එන අය රාජකීය කෝව තුල එකම උප සංස්කෘතියක ජීවත් වේ. කුඩා කල සිටම විවිධ ජාතීන් ආගමිකයන් එකට ඇසුරු කරන නිසා මෙම පාසලේ ආදි සිසුන් භේද අවුලුවමින් සමාජය වියවුල් කරනු ඇතැයිද සිතිය නොහැක.

චන්ද්‍රිකා මැතිණිය කීවේද ජීවිතේටම දෙමල ළමයෙක් මුස්ලිම් ළමයෙක් දැක නැති සිසුන් සමහර පාසල්වල සිටින බවයි.යුද්ධ ඇතිවීම ගැන පුදුමයක් නැත. යුද්ධ කරන්නේත් සාමය කරන්නේත් ලොකු ඉස්කෝලවල ආදි සිසුන් බැවිනි. අනෙක් අය ඉන්නෙ ඉදිරි ආරක්ෂක වලල්ලේ සෙබලුන් සේ මැරුම් කන්නටය. ඉතින් ප්‍රභූ පාසල් වල ගෝත්‍රික සොභාවය දුරු කර ජනවර්ග ප්‍රශ්න නියපොත්තෙන්ම කඩා දැමිය හැකියි නේද.

වෙනත් අය ඇසුරු කිරීමට අවස්ථාවක් නැතිවීම කනගාටුවකි. හොදම විසදුම 25% ක් වත් අන්‍ය සිසුන් ඇතුලත් කරගැනීමට කෝටාවක් ලබා දීමයි. විවිධ ජාතීන් හා ආගමිකයන් 25% ක් ඇතුලුකරගත්තා කියා පාසල් අනන්‍යතාවයට හානි වෙන්නේ නැත. එයට හොදම උදාහරනය රාජකීය විදුහලයි.

සෙසූ ප්‍රභූ පාසල් රාජකීය විද්‍යාලය ආදර්ශයට ගෙන අඩුම තරමින් වෙනත් ජාති ආගම්වලට අයත් සිසුන් 25% ක් වත් සිය පාසල්වලට ඇතුලත්  කරගෙන තම පාසල්වල ඇති ගෝත්‍රික සොභාවය නැතිකරගන්නේනම් යෙහෙකි.

කලබල නොවන්න. මා කියන්නෙ සිංහල බෞද්ධ පාසල් ගැන පමනක් නොවේ. හින්දු මුස්ලිම් හා කතෝලික පාසල්වලද මෙම 25% ප්‍රතිශතය අනුගමනය කල යුතුය.

Thursday, January 21, 2016

කුමාර් ගුනරත්නම් හා ඊනියා වම්මු

කුමාර් ගුනරත්නම් දේශපාලන මාතෘකාවක් වී තිබේ. ඇත්තෙන්ම මෙම වාසනාවන්ත රජයට සුළු හෝ අභියෝගයක් කරන දෙතුන් දෙනාගෙන් ඔහුද කෙනෙකි. රජය වාසනාවන්තය කීවේ ශ්‍රීලනිපය හා ජවිපෙ මෙල්ල කර ගත් බැවිනි. වෙන කිසිදු රජයකට වඩා වේගවත් ගමනක් යාමට මෙම රජයට ලැබුන ආශිර්වාදයකි.ජේ ආර්ට හොද දේශපාලන දැක්මක් තිබුනද ඉන්දියාවත් ශ්‍රීලනිපයත් ජවිපයත් ඔහුගේ කකුලෙන් ඇද්ද නිසා අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා ලගා විය නොහැකි විය. කඩාකප්පල්කාරී බලවේග මෙල්ල වීම රටේ වාසනාවකි.

කුමාර් ගුනරත්නම්ට දේශපාලනය කිරීමට බාධා කළයුතු නැත. ඔහුට සිසුන් කුලප්පු කිරීමකට එහා කිසිම දෙයක් කල නොහැකි නිසාය. ජවිපෙන්ද කඩා ගත හැකිවුනේ සුළු ප්‍රතිශතයකි. රජය කල යුත්තේ කුමාර් දේශපාලන වාද විවාද වලට තුඩු දෙන විවාද මාතෘකාවක් කර නොගෙන ඔහුට කිසියම් සහනයක් දීමයි. 89 යුගයේ සෝමවන්ස වැනි කැරලිකරුවන් අද භුක්තිවිදින ආකාරයේ තත්වයක් කුමාර්ටද ලැබීම වරදක් නැත.

කුමාර් යනු සෙසු වාමාංශිකයන්ට වඩා වෙනස් අයෙක් නොවේ. ඔහු ඕස්ට්‍රේලියාවේ සුඵෝඛභෝගී දිවියක් ගත කරයි.එසේ කරන අතර මෙහි සිසුන් උසිගන්වයි. නමුත් පැරනි ජවිපෙ මෙන් උපාධිය නිශ්ඵලයැයි ඔහු නොකියයි.

පරන වමේ නායකයන් ප්‍රභූ පන්තියෙන් ආවත් ඔවුන් සිය දේශපාලනයට තෝරාගත්තේ කම්කරුවන්ය.වම ගැන අපේ විවේචන කුමක් වුවත් ඔවුන්ගේ මෙම ප්‍රවේශය නිවැරදිය. ඊට වෙනස්ව ජවිපෙ තෝරාගත්තේ සිසුන්ය. සිසුන් යනු සුළු ධනේශ්වර පිරිසකි. ඔවුනට විශ්ව සාදාරන සමානාත්මතාව ගැන හැඟීමක් නැත. ඔවුන්ගේ සමානාත්මතාව ඔවුන්ටම සීමා වූවකි. ඔවුන්ගේ අරමුන උපාධිය ලබාගෙන ජනතාවට ස්වාමිවරුන් වීමයි. වෙන විදියකින් කීවොත් පන්තිය මාරු කිරීමයි.

මෙවැනි පිරිසකින් ප්‍රතිපත්තිගරුක දීර්ඝ දේශපාලනයක් අපේක්ෂා කළ නොහැක. පැරනි ජවිපෙ සාමාජිකයන් හැම කෙනෙක්ම පාහේ විවිධ ආර්ථික සබදතා මත සිය දේශපාලනය පදනම් කරගන්නේ එබැවිනි.සමහරු දෙමල ජාතිවාදය සරන ගියහ.පසුගිය කාලයේ සාමය යනු විශාල වෙලද වටිනාකමක් තිබූ එකකි. පොරොන්දු මුදල නොදීම ගැන නෝර්වේ ට එරෙහිව තව කුමාර් කෙනෙක් නඩුවක්ද දැමීය.තව පිරිසක් ත්‍රස්තවාදය මර්ධනය පිනිස නීත්‍යානුකූල රජයට උදව් කලහ.තව පිරිසක් සිංහල ජාතිවාදී වූහ.

සාමාජිකත්වය ආර්ථික ,කාලමය,ශ්‍රම වශයෙන් සූරාකමින් සැප විදින නායකත්වය හැරුන විට දිගුකලක් ජවිපෙ දේශපාලනය කරන්නෙ සුළු පිරිසකි.( ජවිපෙ වෙනත් පක්ෂ මෙන් නොව සාමාජිකත්වය ආර්ථික වශයෙන්ද සූරාකයි. සාමාජිකයන්ගේ දේපොල පක්ෂයට ලබාගෙන ඒවා ආපසු ඉල්ලන විට සහෝදරය මොනවද කියන්නෙ පක්ශය වෙනුවෙන් ජීවිතත් පූජ කරපු අය ඉන්නව. සහෝදරය ඉඩමක් ඉල්ලනව කියමින් හරවා යවයි, කාල සූරාකෑම යනු වෙනත් ප්‍රයෝජනවත් කාර්යයක් කිරීමට වෘත්තීය පුහුණුවක් ලැබීමට ඇති අවස්ථාව අහිමිකර පක්ෂයේ වැඩ කරවාගන්නා නිසාය.ශ්‍රමය නම් අමුඅමුවේම සූරාකයි ).

වෙනත් වම්මුන්ට වඩා කුමාර් ගුනරත්නම් අමුතු වමෙක් නොවේ. එනිසා අනෙක් වම්මු භුක්ති විදින වංචනික ජීවිතය ඔහුටද ගෙවීමට අවස්ථාව තිබිය යුතුය.එය ඔහුට දේශපාලනය කිරීමට ඇති අයිතියයි.

ගවඝාතනය තහනම් කර ගවයන්ට තණබිම් සුලබ කරමු

හරක් මස් කෑම අනාදිමත් කාලයක සිට පැවති දෙයකි. එහෙත් හරකා බොහෝ ශිෂ්ටාචාරවල  දේවත්වයට නැංවූ සතෙකි.එහෙත් හරක් මස් කෑම මහා අපරාධයක් වුනේ ඉන්දියාවේ වෛදික ආක්‍රමනයෙන් පසුය.ඉන්දියාව තුල ගවයාට මුල්තැන ලැබුනි. ගවරැලක් පාර මාරුවන විට ඔවුන් එලවන්නේ නැතිව බැතිසිතින්  වාහන නවත්වාගෙන සිටින ඉන්දියානුවා සුලබ දසුනකි.ඉන්දියාවේ මිනිසුන් හා ගවයන් එක වහලක් යට දිවි ගෙවන අවස්ථාද දැකිය හැක. තෛපොන්ගල් දින ගවයා සරසා කැවිලි කවා ඌට නමස්කාර කෙරේ.එහෙත් අරුමය ඉන්දියාව මුල් පෙලේ ගවමස් නිෂ්පාදකයෙකුද වීමයි.

ලංකාවේ එක්තරා අවදියක ගවමස් කෑම පිලිකුලට හේතුවක් විය.පොලොන්නරු යුගයෙන් පසු සදකඩ පහනෙන්ද ගවයා ඉවත් කෙරුනි.නුවර යුගය වන විට ගෙරිමස් කෑම රොඩී කුලයට දැමීමට හේතුවක් විය.මේ සියල්ලටම හේතුව හින්දු බලපෑමය.

බටහිර ජාතීන් ලංකාව අල්ලගත් පසු ගවයාට තිබූ මේ උසස් තැන අහිමිවිය. නිදහස් සටනේ ප්‍රධානම සටන්පාටය වුනේ ගවමස් කෑමෙන් වළකිමු යන්න වීමෙන් ගවයාට නිදහස අහිමී තිබූ තරම පෙනේ.අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවේ බුද්ධගයාව බේරාගැනීමටත් ගවයාට අහිමිවූ බලතල යලි ලබා දීමටත් සටන් කලේය. ඩී ඇස් ලාගේ බාරොන් ජයතිලකලාගේ ලියුම් ලිවීම් සැබෑ ජාතික සටන් ලෙස නොපිලිගනිමුනම් සැබෑ සටන කලේ ධර්මපාල බව කිව හැක.ධර්මපාල ගවයාගේ ගුන වයමින් රටපුරා ඇවිද්දේය.

නිදහස ලැබුනත් ගවයාට සිත්සේ රැස් විහිදුවන්නට බැරි විය. ඒ මස්කඩකාරයන් නිසාය. ඔවුහු ලෙඩ වූ රෝගී වූ ගවයන් මිලට ගෙන මස් කළහ. ඇත්තෙන්ම මෙරට මස් සදහාම ගවයන් ඇතිකිරීමක් කිසිදාක නොවීය.

ගවයන් බේරීමේ පින්කම් ජනප්‍රියවුනේ එය අපලවලින් මිදීමේ ක්‍රමයක් වූ බැවිනි. තමන් විසින් ගවයෙක් මුදාහල පසු මස්කඩේ මුදලාලි ඒ මුදලින් අටපිරිකර වෙලදාමක් පටන් ගනු ඇතැයි සිතූ අප බෞද්ධයෝ නොවටිනා ගනන් දී ගවයන් බේරූහ. ඇත්තටම අසරනයන්ගේ තුට්ටු දෙක මස්කඩේ මුදලාලිට පූජා කිරීමේ පින්කම මෙහෙයවන්නේ කේන්දරකාරයෝය. ඔවුහු අපල වලින් බේරීමට ගවයන් නිදහස් කිරීම නිර්දේශ කරන නිසා කනකර උගස් තබා හෝ ගවයන් බේරීමට ජනතාව පෙලබී සිටිති.

මේ සා උද්ඝෝෂන කරමින් කවිලියමින් සිරුරු වලට ගිනිතබාගනිමින් ගවයන් රැකගන්නවාට වඩා ගව ඝාතනය නීතියෙන්ම තහනම් කල හැකිනම් සුදුසුය. එහෙත් වැඩිවන ගවගහනයට අවශ්‍ය
තණබිම් සුලබ කල යුතු අතර ටික කලකින් මිනිසුන් ඉක්මවා වර්ධනය වන ගවගහනයට ධර්මද්වීපය පූජා කල හැක.

සියලුම පින්වතුන් ඉඩම් මිලටගෙන තණබිම් ඇතිකල යුතුය. පාසල් ,කම්හල්,මහාමාර්ග වැනි බිහිසුනු බටහිර විද්‍යාවට පාරකපන පරිසරයට අහිතකර දේවල් විශාල තණබිම් බවට පත්කල යුතුය. ගවයන් උදෙසා රෝහල් හා විශ්‍රාමශාලාද ඉදිකල යුතුය. එසේ නැතිව ගව ඝාතනය හෙලා දකිමු කියා කෑ ගැසීම පමනක්ම ප්‍රයෝජනවහ් නැත.

Monday, January 18, 2016

සිවුරට නීති එපාද

බුද්ධාගම නම් වූ ළමයා බලාකියා ගන්නේ රජය නම්වූ භාරකරුවෙකි.මේ ළමයාට නීති රීති දැමීම ගැන කතාබහක් ඇතිවී තිබේ.නීතිරීති නැතිව ළමයෙක් බලාගන්නේ කෙසේද .මේ ළමයා වල්මත්වීමට ඉඩ ඇත.

මෙම නීති රජයේ උවමනාවට හැදූ ඒවා නොව ආගමික නායකයන්ගේ උවමනාවට හැදූ ඒවායි ඇත්තෙන්ම ඔවුහු දීර්ඝකාලයක් තිස්සේ මෙම ඉල්ලීම කලහ.ඔවුන්ට එම ඉල්ලීම කරන්නට සිදුවුනේ භික්ෂූන්ගේ නොමනා හැසිරීම නිසාය. ඇත්තෙන්ම ඔළුවට අතහේදුවත් සාදු සාදු කියා කියන ජනතාවක් වෙසෙන රටක භික්ෂූන් මෙසේ පිස්සු නැටීම පුදුමයක්ද නැත.

නායක හාමුදුරුවරුන්ට පිස්සු නටන භික්ෂූන්ට දඩුවම් දීමේ හැකියාවක් නැත. මෙම නීති වලින් පිස්සු නටන අය මෙල්ල කිරීමට නායක ස්වාමීන් වහන්සේලාට බලය දෙනු ලැබේ. එය අවශ්‍යම දෙයකි.

බුදුදහම පිලිපැදීම හැර අන් සියල්ලම භික්ෂූහු කරති. ඔවුන් කල බරපතලම ආක්‍රමනය නම් පාර්ලිමේන්තු යාමයි. ගුරුකම් ,රැකියා කිරීම් ආදී තමන්ට අයත් නැති බොහෝ දේද ඊට අමතරව කරති.



ගිහියන්ගෙන් විරෝධයක් එල්ල වීමට පෙර නායක හිමිවරුන් මෙසේ රජයෙන් ඉල්ලීමක් කිරීම ප්‍රඥාගෝචරය.එහෙත් දැන් නායක හිමිවරු පසෙකට වී සිටිති. දේශපාලන උප්පරවැට්ටිකාරයෝ මෙයින් අයුතු ප්‍රයෝජන ගෙන මෙය රජය භික්ෂු හඩ මර්ධනය කිරීමට යෙදූ උපායක් කියා කියති.

භික්ෂූන් හඩ නගන්නේ කුමකටද. ඔවුන්ට පැවරී ඇතැයි ඔවුන් කියන යුතුකමකටය. මෙහිලා හොදම උදාහරනය වාරියපොල හිමිය. ඇත්තෙන්ම එදා වාරියපොල හිමි කලේ අනවශ්ය නිෂ්ප්‍රයෝජන වැඩකි. උඩරට ප්‍රදේශ ඉංග්‍රීසීන් ට පවරා දීමේ ගිවිසුම අත්සන් කිරීමේ කාලවේලා ප්‍රශ්නයක් එහිදී හේතු විය.කෙසේ වෙතත් මේ ඊනියා වගකීම නිසා භික්ෂුවගේ ආගමික වගකීම් පැහැරහැරීමට මෙන්ම විවිධ පක්ශවලට බැදී දේශපලානය කරමින් සිවුර යුනිෆෝම් එකක් කරගෙන ගිහියොත් නොකරන නොපනත්කම් කිරීමට ආවරනයක් කරගෙන ඇත.

මෙම නීති පමා වී හෝ ගත් කාලෝචිත පියවරකි.බලමු ගනින්නාන්සේලා මීට කුමක් කරයිද කියා

Saturday, January 9, 2016

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ යනු මේ රටේ දේශපාලන සංකේතයක් බවට පත් වූ දේශපාලකයෙකි. ඊට ප්‍රධාන හේතුව යුධ ජයග්‍රහනය ම නොවේ. දිගුකලක සිට වමට බර දේශීයත්වය අගය කරන ජාතිකවාදී නැඹුරුවකි. ඒ සදහා නායකත්වය සැපයුවේ මහින්දය. මහින්ද යනු කපටි දේශපාලනඥයෙකි. කපටිකම දේශපාලනයට අවශ්‍ය ය. ඇත්තෙන්ම ඔය දේශපාලනඥයන් කිසිම කෙනෙක් ඔවුන් ව්‍යාජ ලෙස පෙනී සිටින ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් සැබෑ ජීවිතයක් ඇත. ඔවුහු දේශීයත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ ගැලරිය වෙනුවෙනි.

මහින්ද යුධ ජයග්‍රහනයේ එකම හිමිකරුවාද නොවේ. 2005 වන විට ජාත්‍යාන්තර පසුබිම ත්‍රස්තවාදයට එරෙහි ව පැවතිනි. ඉන්දියාව එල් ටී ටී ඊ යේ විනාශය ප්‍රාර්ථනා කළේය. ඉන්දියන් සහාය නොවන්නට ලංකාවට යුද්දය ජයගත නොහැක. ලෝකෙයේ රටවල් විශාල ප්‍රමානයක සහාය ලැබුනේ රජයටය. බාල දෙමල චිත්‍රපටයක මෙන් හදිසියේම වීරයා ලෙස මහින්ද ඉස්මතුවී යුද්ධය ජයගත්තා නොවේ. ජේ ආර්ට ,ප්‍රේමදාසට ,චන්ද්‍රිකාට නොතිබූ වාසිසහගත පරිසරයක් මහින්දට විය.එහෙත් බටහිර රටවලට අවශ්‍ය වුනේ එල් ටී ටී ඊය නිරායුධ කිරීම මිස ඔවුන් විනාශ කිරීම නොවේ.

එල් ටී ටී ඊය විනාශ කෙරුනි. එය මෙරට ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව විය. නමුත් මහින්දට වෙනම ගමනක් තිබිනි. එනම් රටේ සියළු කටයුතු ඔහුගේ පවුල කේන්ද්‍රකරගෙන ඉදිරියට ගෙන යාමයි. එය අතීත රාජාන්ඩු මුලාදර්ශයට සමාන විය. ආර්ථිකයේ කිසිම බටහිර විරෝධයක් නොවුනත් එවැන්නක් සමාජයට පෙන්වන ලදී.

මහින්ද යන පුද්ගලයා මත පදනම් වූ දේශපාලනයක් ක්‍රියාත්මක වූ අතර සෙසු සියල්ල අධෛර්‍ය කෙරුනි. මෙම තත්වය අනාගත බලාපොරොත්තු තිබූ සෙසු දේශපාලනඥයන්ගේද කලකිරීමට හේතුවිය. මහින්දගෙන් පසු නාමල්ට යන තේමාවට වැඩි දෙනා අකමැති වූහ.

මහින්දගේ සංවර්ධන කටයුතුද විවේචනයට ලක් විය. එම සංවර්ධනය ගිනි ඔලියට ණය ගෙන ඔහුගේ ගම සංවර්ධනය කිරීමක් බවට චෝදනා එල්ල විය. කිසිදු දීර්ඝ කාලීන ඉලක්කයක් නැතිව අගනගරයකට අවශ්‍ය සියල්ල ගමේ ඉදිකිරීම ගැන විවේචන විය. සියල්ල තම ඡන්ද බල ප්‍රදේශයේ ඉදිකිරීම ජාතික දේශපාලකයෙකුගේ හැසිරීම විය යුතු නැත. නැව් නො එන වරායන් ,ගුවන් යානා  නො එන එයා පෝට් ගැන කතා කෙරුනේ මේ පසුබිමේය.සම්මන්ත්‍රන ශාලා,ක්‍රීඩාංගන විශාල මුදලක් වැයකර ඉදිකෙරුනේ අගනුවරකට අවශ්‍ය උපාංග ලෙසය. කොලඹ තියන සියල්ල හම්බන්තොට ඉදිකිරීම සංවර්ධනය නොවේ. කොළඹ සංවර්ධනය ගමට ගෙන ඒම යනු කොළඹ තිබෙන සියල්ල ගම්වල ඉදිකිරීම නොවේ. එය විකාරයකි. හම්බන්තොට අගනුවර බවට පත්කිරීමේ අවශ්‍යතාවයක් මහින්දට තිබුනා විය හැක.

මහින්ද රජ නාඩගමට ඇන්දීම නම් විමල් හා ඩලස් ගේ මෝඩ ක්‍රියාවක් විය හැක. මට මතක් වන්නේ රජුගේ සිරුරේ වැසූ මැස්සා ට කෙටූ මෝඩ වදුරාය.රජු පසුව අප්පච්චි බවට පරිවර්තනය විය.එයද මහින්ද නටවන වදුරන්ගේ ක්‍රියාවක් විය හැක.

මෙම සම්ප්‍රදාය ප්‍රතික්ෂේප වී ඇත. එසේම මහින්ද යනු අද යල්පැනගිය දේශපාලනඥයෙකි. ඔහු යලිත් කරලියට ගෙන ඒමට බැරිය. බලයෙන් අන්ධව කල ක්‍රියාවන් එලියට අදින නිසා ඔවුන්ට ඩීල් දේශපාලනයකට යානටද සිදුවේ.එය 1994 යුගයේ මහින්දගේ වීදි වීදි සටන්වලට වඩා වෙනස්ය.

කෙසේ නමුත් හවුල් ආන්ඩුවට විපක්ෂයක රික්තය පවතී. එය අනාගතයට බාරය. අනාවැකි කීමට කල් වැඩිය.එහෙත් එම අඩුව පිරවෙනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගෙනි. ඒකාබද්ධ විපක්ෂය තුලින් නව නායකත්වයන් බිහිවනු ඇත.

වර්තමාන ආණ්ඩුව නිදහසින් පසු බිහිවූ ශක්තිමත්ම ආන්ඩුව වී තිබේ. විමල්ට හා ගම්මන්පිලට ආන්ඩු විරෝධය බොහෝ කලක් ඇදගෙන යාමට හැකියයි නොසිතේ. ශ්‍රීලනිපයේ බලය මෛත්‍රීපාල පිල සතුය. එසේම මන්ත්‍රීවරු වැඩි දෙනෙක් බරමෛත්‍රී පිලටය. නමුත් බිම් මට්ටමේ ජනතාව වඩා කැමති මහින්දටය. මෙම ප්‍රමානය දිනෙන් දින අඩුවන බව සත්‍යයකි.එහෙත් ශක්තිමත් නායකත්වයක් තිබුනොත් ආන්ඩු විරෝධය පනගැන්විය හැක.

මහින්ද පිළිබිඹුකල දේශපාලන ප්‍රතිරූපය දක්ෂ ලෙස විනාශ කලේ ඔහුට හොර ඒකාධිපති දූෂිත හංවඩුව ගසමිනි. නීතිය ක්‍රියාත්මක වීම නිදහස ආදිය මහින්ද යුගයට සාපේක්ෂව යහපත් මට්ටමක පවතී. ආන්ඩුව දුර්වල ජාතික ගැටළුවේදීය. එය මහින්දට වාසි සහගත කෙලිබිමකි. එහි ආන්ඩුව ක්‍රීඩාකරන ආකාරය අනුව ඉදිරිය තීරනය වේ. 

ඒකාබද්ධ විපක්ශයට මහින්ද හැර වෙනත් ශක්තිමත් නායකයෙකු අවශ්‍යය. එසේ නොමැතිනම් බිම් මට්ටමේ ශ්‍රීලනිප පාක්ෂිකයා ක්‍රම ක්‍රමයෙන් මෛත්‍රී පිලට යනු ඇත. මහින්ද මහමැතිවරනයේදී තනිව තරග කලානම් ඔහුට අද ඔහුගේම කියා බලයක් ඇත. මෙවරද ඔහු මෝඩ තීරනයක් ගතහොත් ඔහු නවතින්නේ ඉතිහාසයේ කුනු බක්කියේය.

මහින්ද විරෝධීන් මහින්ද පරාජය කලේ ඔහුගේ සෑම තුරුම්පුවකටම තුරුම්පු නිර්මානය කර ගැනීමෙනි. දෙමල සංධානය පසෙකින් තබා හෙල උරුමය දිනා ඝැනීමෙන් ඔවුහු මහින්දගේ බලයේ ප්‍රධානම මර්මස්ථනාය ආක්‍රමනය කලේය. ඇත්තෙන්ම හෙල උරුමයේ වැදගත්කම ඇත්තේ ඔවුන්ගේ ඡන්ද පදනමේ නොව පාවෙන ඡන්දවලට කල හැකි බලපෑමේය.

එසේම මහින්දගේ සුමනදාස වෙනුවට පොදු විපක්ෂයෙන් නිර්මානය කළ අන්ධ මහතාද කලේ දැවැන්ත කාර්යභාරයකි.එමගින් කේන්දර වලින් කරන මානසික බලපෑම එවලට පොදු විපක්ෂය ජයගති.

වර්තමානයේ විමල් හා ගම්මන්පිල සිල්ලරට ඇද ගෙන යන විපක්ෂය යන්නේ ප්‍රපාතයකටය. ඒ අලුත් අශ්වයෙක් නැති නිසාය. මහින්දගේ ආශීර්වාදය සහිත අලුත් අශ්වයෙක් සොයාගතහොත් ක්ෂය වන බලය අඩුකරගත හැක. ආන්ඩුව ජන අප්‍රසාදයට පත්වීමේ වාසියද ලබා ගත නොහැකිව ඇත්තේ නායකයෙක් නැති අඩුව නිසාය.

යළිත් මහින්ද ගෙන ඒම නම් සාර්ථක නැත. මහින්දගේ අනාගතය  ආශීර්වාද කරන්නෙකු ලෙස මිස නායකයෙකු ලෙස නොවේ. එසේම වාමාංශික දේශ හිතෛශී නායකත්වයකට ලංකා දේශපාලනයේ රික්තයක් ඇත.ඔහු මිස්ටර්ක්ලීන් කෙනෙක් නම් ආන්ඩුවට ප්‍රබල අභියෝගයකි. එහෙත් එවැන්නෙක් පේන තෙක් මානයක නැත.

Friday, January 8, 2016

පොලීසිය හා අයුතු ජනරාශි


ඇඹිලිපිටියේ බිග් ගර්ල් පාටියකට බිග් බෝයිලා කඩාවැදී කල ජංජාලයක් ගැන පුවත් අසන්නට ලැබුනි. පොලීසිය යනු නීතිය රකින ආයතනයකි. පොලිස්කාරයන්ට  පොලු රැගෙන  ගම්වාසීන් පහර දෙන්නට ගියහොත් පොලීසියේ ඕ අයි සී ට සිය නිළධාරීන් රාජකාරි සදහා යැවිය නොහැකි වනු ඇත. පොලිස්කාරයා යනු නීතිය රකින නිළධාරියාය. පොලීසිය නැති සමාජයක් ගැන සිතීමද උගහට වන්නේ එසේය.

එහෙත් පොලිස් නිළ ඇදුම ලාගත් ඕනෑම කෙනෙක් සිතන්නෙ තමන් නීතිය රකින නිළධාරියෙක් ලෙස නොව ලයිසන් චන්ඩියකු ලෙසය. එහෙත් පොලිස් නිළධරයා තුලින් සෙසු පුද්ගලයෙකුට වඩා විනයක් සහ වගකීමක් අපේක්ෂා කළ යුතුය. පොලිස් භටයෙකු නොවන ඕනෑම කෙනෙකුට වඩා විනයක් පොලිස් භටයෙකුගෙන් අපේක්ෂා කිරීම වැරදි නැත.

පොලීසියද මේ  රටේ ජනතාවගේම කොටසකි. පොලීසියට බැදෙන්නට පිටසක්වලින් එන්නේ නැත. එසේ නම් පොලිස් භටයාගේ දුර්ගුන සියල්ල  සාමාන්‍ය ජනතාවගේම දුර්ගුනය.ලංකාවේ මහජනයා සිය සහෝදර ජනතාවගෙන් වෙනස්වන මුල් අවස්ථාවේදීම කරන්නේ ඔවුන් මඩවන එකය. රැකියාවක් ලබාගෙන කාර්යාලගත වන වැසියා තම සේවය පතා එන එකා මඩවයි. මේ හීනමාන ගතිය සියල්ලන් තුලම ඇත. අන්තිමට බලන විට සියල්ලෝම අනෙකා මඩවා ඇත.

පොලිස් රැකියාව යනු අනුන් මැඩවීමට ලබෙන පහසු රැකියාවකි. ලංකාවේ සෑම පොලිස් ස්ථානයකම වධ හිංසා කිරීම සාමාන්‍ය දෙයකි. එසේම පොලිස් නිළධරයා ට තිබෙන නීතිමය බලය නිසා සෙසුජනයා පීඩාවට පත්කිරීමට හැකියාවක් ඇත. එසේ  වී ඇත්තේ අසීමිත නීතිමය රැකවරනය නිසාය. මේ නිසා පොලිස් නිළධාරීන් අතින් අහිංසකයන් පීඩාවට පත්වීම වැළැක්වීම ඉතා අත්‍යාවශ්‍යය.

ඇඹිලිපිටිය සිදුවීමේදී එම සාදය ගැන අසල්වාසීන්ගෙන් පැමිනිලි ලැබී තිබූ බව කියවේ. ඇත්තෙන්ම රාත්‍රියේ අනුන්ට කරදරයක් නොවන ලෙස සාද පැවැත්වීමට අප දන්නේ නැත. අපෙන් අනුන්ට වන හිරිහැරය අප උවමනාවෙන්ම නොසලකා හරිමු. බේබද්දන්ගේ පාටියකින් තමන්ට වන හිරිහැරය ගැන පැමිනිලි කිරීමට මිනිස්සු බිය වෙති.දියුණු රටවල නම් ශබ්දය වැඩි වුවද කෙලින්ම ඇවිත් විරෝධය පලකිරීම සාමාන්‍ය දෙයකි. බොහෝ විට විදේශිකයෝ,  වැදගත් මිනිසුන් ඝෝෂාවට අකමැති වෙති. දියුණු රටවල ශබ්ද දූෂනය ගැන නීති අකුරටම ක්‍රියාත්මකය.

සාද පවත්වන අයට වැඩ වරදින්නේ ඔවුන් සේම අවිනීත පිරිසක් ඔවුන් හමුවට ආ විටය. රාස්සයන් කන්නේ පරාස්සයන්ගෙන්ය. පදමට අරක්කු බී සිටින පිරිසකගෙන් අරක්කු ඉල්ලා ආවේ පොලිස් භටයන්ය. මම නම් වුන දෙය නොදනිමි. අරක්කු ඉල්ලා ආ පොලිස් භටයන් ගුටිකන්නට ඇත. ඔවුන් ආපසු පොලීසියාට ගොස් එන්නේ  සිය සහෝදර වෘත්තිකයන් සමගය. නීතියේ සියලු වාසි අතැතිවය. ඊලග ජවනිකාවෙන් නියත පරාජය ලබන පාටි කාරයන් අම්බානට ගුටි කා රෝහලට පෙර පොලිස් කූඩුවට යති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ අදහස් වලින් නිව්ස් බලන ඕනෑම කෙනෙකුට තරු විසිවීම සොබාවිකය. මා ඔහුට තුමා කීවේ ඔහු එම වදනට ගැලපෙන නිසාය. ඔහු කියන්නෙ ඇත්තය.  අවශ්යතාවය පරිදි ඕනෑම දෙයක් පොලීසියේ වාසියට අර්ථකථනය කෙරේ. එසේ කිරීමට නීතිමය බාධාවක් නැත. බොහෝ දෙනෙක් මෙය නොදනිති. ඒ පොලීසියෙ වරද නොවේ. නීති හදා ඇත්තේ එලෙසය. අයුතු ජනරාශිය ,පොලිස් රාජකාරියට බාධාකිරීම ගැන ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක අත් අඩංගුවට පත්විය හැක. නීති හදා ඇත්තේ එහෙමය.අන්තිම වාසිය පීඩකයාටය.

එක්තරා රසවත් සිදුවීමක් සිදුවිය. පොලිස් නිලධරයකු නිවසකට වැදී කාන්තාවක් දූෂනය කරන්නට විය. ඇගේ සැමියා ඊට එරෙහි විය. සැමියාව අත් අඩංගුවට ගෙන උසාවි දමන ලද්දේ පොලීසියේ රාජකාරියට බාධා කිරීම ගැන චෝදනා කරය. බලපුවම කතාවත් ඇත්තය.මෙය අනාවරනය වුනේ උසාවියෙනි.

ඇඹිලිපිටිය සිද්ධියේදී පුළුල් ජනතා විරෝධයක් එල්ල විය. මෙහිදී නීතීඥයන් ගේ සේවය ප්‍රශංසනීයය. පොලීසිය සිය බලය අයුතු ලෙස පාවිච්චි කරන හැම විටම නීතීඥයන් පෙරට පැමින ඇත. නීතීඥ සංගම් නොවන්නට මෙරට ජනතාවට වෙන දේ සිතා  ගතවත් නොහැක. පොලිස් මිනීමැරුම් වලට ලක්වන අය අන්තිමට ඔවුන්ම වැරදිකරුවන් වීමේ ඉතිහාසය වෙනස් වුනේ නීතීඥ මැදිහත්වීම නිසාය. නඩු ඇසීම පොලීසියට භාර දුන්නනම් සේයා ඝාතන සිද්ධියට පාසල් සිසුවා ආයුධ පෙන්වන්නට  ගොස් මැරුම් කා දක්ෂ පොලිස් නිළදාරීන් උසස් වීම්ද ලබා ගෙන ඉවරය.

සීමාව ඉක්මවා වැඩකිරීම හොද සිහිය පලවාහරින මත්වතුර පානය යහපත් නැත. ගෑනු ළමයෙක් වැඩිවිය පත්වීම කූරිය ගහනතුරු අරක්කු බොන්න කාරනයක් නොවේ.එය සාමාන්‍ය ජීව විද්‍යාත්මක සිදුවීමකි.උත්සව පැවැත්වීමේ සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක වටිනාකම් ඇත. මේ පාටිවලින් එය සිදුනොවේ.නමුත් මේ අරක්කුපාටිවල අරමුන කොහෙවත් යන කාලකන්නින් ආතල් ගැනීමය.

පොලීසිය සීමාව ඉක්මවා ගිය බව අමුතුවෙන් කිවයුතු නැත.පාටිකාරයන්ද වැරදිය පොලිස්කාරයන්ද වැරදිය

පොලිස් හා හමුදා සේවකයන් කරන වැරදි වලට දඩුවම් ලැබීම ඉතා අවමය. ඔවුන් කරන වැරදිවලින් .00001% කටවත් සාධාරන විමර්ශන හා නඩු විභාග නොපැවැත්වේ. මම සිතන්නේ එය මුලු ලොවටම පොදු තත්වයක් බවයි. නියර මිටි තැන්වලින් ජලය ගලා යාම ඊයේද සිදුවිය අදද සිදුවේ හෙටද සිදුවනු ඇත.


මීලඟ ලිපිය මහින්ද රාජපක්ෂ