tag:blogger.com,1999:blog-2839096652914971300.post1360420064253428707..comments2023-06-29T02:47:11.255-07:00Comments on සිව්වැනි මානය fourth dimension: දෙමළ භාෂාව ඉගෙනීමේ වැදගත්කමසිව්වැනි මානය fourth dimensionhttp://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2839096652914971300.post-56311591306044817592016-02-05T12:44:10.019-08:002016-02-05T12:44:10.019-08:00ඔබ දෙමළ දන්නේනම් සිංහල නොදන්නා දෙමළුන් හා මිතුරු ක...ඔබ දෙමළ දන්නේනම් සිංහල නොදන්නා දෙමළුන් හා මිතුරු කම් ඇති කර ගත හැක. ඉංගිරිසිය එතරම් නුහුරු සංදියේ අප මේ දුක විඳ අත්දැකීම් ඇත.

දෙමළ ඉගෙන ගැනීමේ සැබෑ වාසිය ඔබට ලැබෙන්නේ ඔබ මරක්කල මනුෂ්‍යයෙකුගේ වෙළෙඳ සලකට ගොඩ වූ විටයි. එහි උන් උන් කතා කරන්නේ දෙමළෙනි.

එහෙත් රජය මැදිහත් වී සිංහලයන්ට (ඔව්, ලංකාවේ සිංහලයන්ට !) දෙමළ ඉගැන්වීමට යාම මරි-මෝඩ කමකි. දෙමළුන්ට සිංහල ඉගැන්වීම මීට වඩා 6-7 ගුණයකින් වියදම් අඩු සේම තවත් අතකින් පහසු ද වන කටයුත්තකි. මේ රටේ දෙමළුන්ට එදිනෙදා ජීවිතයේදී සිංහලයින් හා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන නිසාය.

එසේම රාජ්‍ය සේවයේ උසස් වීම් සඳහා දෙමළ අනිවාර්ය කිරීම අපරාධයකි. එසේම අප දකින අයුරින් නම් එය එක් ජන වර්ගයකට අසාධාරණ ලෙස වෙනස් කොට සැළකීමකි. දෙමළුන් හා කටයුතු කිරීමට සෑම රාජ්‍ය නිලධාරියෙක්ම දෙමළ දැන සිටිය යුතු නැත - භාෂා පරිවර්ථකයන් ලෙස හඳුන්වන නිළධාරී සනුහරයක්ම සිටිනුයේ ඒ සඳහාය.

ආරක්ෂක අංශ වලට, විශේෂයෙන්ම පොලීසියට නම් දෙමළ ඉගැන්වීම කීයක් ගියත් කළ යුතුය. එපමණක් නොව දෙමළ දත් පොලිස් බුද්ධි අංශ සුදුසු තන්හි අනුයුක්ත කිරීමද කළ යුතුය. රාජ්‍යයට එන අභ්‍යන්තර තර්ජන ලත් තැන ලොප් කිරීමට එය අත්‍යාවශ්‍යය.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-68787814378080186982016-01-28T09:35:02.527-08:002016-01-28T09:35:02.527-08:00මා ජීවත් වූ ප්‍රදේශයේ මට වඩා වැඩිහිටි පරම්පරාවේ බො...මා ජීවත් වූ ප්‍රදේශයේ මට වඩා වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනෙකුට දෙමළ භාෂාවෙන් මූලික මට්ටමේ සන්නිවේදනයක් සිදුකිරීමේ හැකියාව තිබුණේය. ඒ, ගම්වල ශ්‍රම මූලික කටයුතු වලට බොහෝ සේ දායක වූ ඉන්දියානු දෙමළුන් නිසාය. එය ස්වභාවිකවම සිදුවූවකි. පසු පරම්පරා හා අදාළව මෙය සිදුනොවුණේ 'දෙමළ ඇලජික්' මානසිකත්වය නිසාය. සිංහලයෙකුට දෙමළ ඉගෙනගැනීම ඉංග්‍රීසි ඉගෙනීමට වඩා පහසුය. දෙමළ ඉගෙන ගැනීමේ ප්‍රයෝජනනම් ඉංග්‍රීසි ඉගෙනීමේ ඇති ප්‍රයෝජන වලට වඩා බොහෝ අඩුය. එහෙත්, දෙමළ ඉගෙනගැනීම ඉංග්‍රීසිද ඉගෙන ගැනීමට බාධාවක් නොවේ. ඒ දෙක දෙකකි. ඉංග්‍රීසි සමඟ සැසඳිය නොහැකි වුණත් දෙමළ යනු අද වනවිට ජාත්‍යන්තර භාෂාවකි. ඉංග්‍රීසි වලට වඩා දන්නා දෙමළ වචන කිහිපය ප්‍රයෝජනවත් වූ අවස්ථාවන්ට මා පෞද්ගලිකවත් මුහුණ දී ඇත. යාපනයේ දෙමළ වඩා classical වුවත් සාමාන්‍ය භාවිතය සඳහා ඉන්දියානු දෙමළ, මුස්ලිම් හෝ නැගෙනහිර දෙමළ අයෙකුගෙන් ඉගෙන ගත්තත් වරදක් නැත. වෙනස බලපාන්නේ දෙමළ සාහිත්‍යය පරිශීලනය කරන තරමට ඉගෙන ගන්නවානම්ය. උච්ඡාරනයේද සැලකිය යුතු වෙනස්කම් තිබේ. (දෙමළ විභාගයෙන්ද යහපතක් වී ඇති බව පෙනේ. :) )ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-73275627088162912762016-01-28T01:03:43.239-08:002016-01-28T01:03:43.239-08:00දෙමළ ඉගෙනගන්න එකට සතුටුයි. දෙමළ කිසිම අමාරුවක් නෑ....දෙමළ ඉගෙනගන්න එකට සතුටුයි. දෙමළ කිසිම අමාරුවක් නෑ. මැද්දට ප්‍රේසස් ක්ලෝසස් දාන්න ඕන නෑනෙ. සිංහල වාගෙමයි. දෙමල අය කතා කරනකොට තේරෙන්නෙ නැත්තෙ ඉක්මනින් කියාගෙන යන නිසා.උක්ත කර්ම ආඛ්‍යාත සිංහල වාගෙමයි වචනෙන් වචනෙ දාගෙන යන්න තියෙන්නෙ. දෙමල වචන වල උච්ඡාරනයෙ අමුතුම රසයකුත් තිබෙනවා.

මුස්ලිම් මිතුරිය උදව් කරනවානම් ඔබට තවත් පහසුවක් වෙයි. හැබැයි දෙමල ගුරුවරයෙක් ලෙස නම් කවදාවත් මුස්ලිම් හෝ වතු දෙමල හෝ සිංහල කෙනෙක් නම් තෝරගන්න එපා. යාපනේ දෙමල කෙනෙක්ම තෝරගන්න. මොකද අපි ෆලෝ කරන්න ඕන ඔරිජිනල් දෙමල කියන්නෙ යාපනේ දෙමළ.මේක මට කිව්වෙ දෙමල ජාතික ගුරුවරයෙක්මයි.
භාශාවක් කියන්නෙ තවත් ලෝකයකට යතුරක්. දෙමල ලෝකය අතිවිශාලයි.භාෂාවක් ඉගෙන ගැනීමෙන් අපට වෙන්නෙ යහපතක් මිස අයහපතක් නෙමෙයි.
නමුත් දෙමල ඉගෙන ගැනීම ගැන ඍනාත්මක ලිපි ත් මෑතක බ්ලොග් වල පලවුනා. ඒව කියවල පුදුම දුකක් දැනුනෙ.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-76860829272020711582016-01-27T23:51:51.069-08:002016-01-27T23:51:51.069-08:00මේ දවස්වල දෙමල ඉගෙන ගනිමින් ඉන්නවා.. අධ්‍යයන කටයුත...මේ දවස්වල දෙමල ඉගෙන ගනිමින් ඉන්නවා.. අධ්‍යයන කටයුත්තක් සඳහා අත්‍යවශ්‍යව ඇති බැවින්. මට නම් දෙමල අමාරුයි.. සමහර විඅට වයස නිසාද මන්දා මතක හිටින්නෙම නෑ. ඒ වෙනුවෙන් උදව් කරන්නේ මාත් සමඟම ඉගෙන ගන්නා මුස්ලිම් තරුණියක්. ඇය අදාල අධ්‍යයන කටයුත්ත කරන්නේ සිංහල මාධ්‍යයෙන්. භාෂාවක් ඉගෙන ගන්නකොට එහි වටිනාකම තේරෙනවා :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com