Thursday, February 25, 2016

ඇයි මෙතන ලිංග භේදයක් රසික ?


රසික ඉතා වටිනා ලිපියක් ලියා ඇත. එම ලිපිය ට අයිසින් එකක් බදු අගනා කවි පෙලක් උඩුවා කොමෙන්ට් එකක් ලෙස දමා ඇත. (උඩුවේ බලන හිමි නොවේ ).

කිරි කලයට ගොම දමන්නාක් මෙන් රසික වැන්නකු විසින් ලියනු ඇතැයි මා සිහිනෙනුදු නොසිතූ වැකියක් එහි වෙයි.

මේ ප්‍රකාශය පිළිබඳ කළ යුතු බිහිසුණුම අනාවරණය මෙන්න.

මේ කතාව කී වැඩිහිටියා ගැහැනියකි.//

ඇත්තෙන්ම ජනමනස සකස් කරන්නේ මාධ්‍ය විසිනි. එය සේයා සිදුවීමේදී අප දුටුවෙමි. එය සාමූහික මායාරෝගයක් බදුය. ඇත්තෙන්ම එවැනි තාවකාලික සාමූහික මායාරෝගී තත්වයකට ගොදුරු වූ ජනයා තමන් කියන්නෙ කුමක්ද කරන්නෙ කුමක්ද කියා නොදනිති. මෙම කාන්තාව ගේ ප්‍රකාශයද එවැන්නකි.

උතුරේ හා දකුනේ රාජකාරි කර ඇති මගේ අත්දැකීම් වලට අනුවනම් සිංහල ජනතාව අතර ජාතිවාදය අඩුය.

මගේ ප්‍රශ්නය එය නොවේ. මෙම ප්‍රකාශය වැරදිනම් එය වැරදි වීම මිස එය කාන්තාවක විසින් කීම මත එහි බර අඩු වැඩි වූයේ කෙසේද යන්නයි.

රසිකද නොදැණුවත්ව සම්ප්‍රදායික ස්ත්‍රීපුරුෂ සමාජභාවීය දැක්මට ගොදුරු වීමක් ලෙස සිතේ.

4 comments:

  1. /මේ කතාව කී වැඩිහිටියා ගැහැනියකි.//
    vs
    /උතුරේ හා දකුනේ රාජකාරි කර ඇති මගේ අත්දැකීම් වලට අනුවනම් සිංහල ජනතාව අතර ජාතිවාදය අඩුය./

    දෙදෙනෙකුගේ මාන දෙකක්

    ReplyDelete
  2. මම හිතන්නේ බඩදරු කාන්තාවක් වීම කියන එකයි ඔහු ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ...

    ReplyDelete
  3. ලිපියට ස්තුතියි.

    ඔබේ හිතේ මොනවා තියෙනවාදැයි නොදනිමි.
    ගැහැනියකට ගැහැනියක් යැයි නොකියා මොනවා කියන්නද?

    එක වැකියක් රැගෙන එය විශ්ලේෂණය කරන්නේ ඇයි?

    මේ බලන්න මගේ රචනා විලාශය.

    ලිපියේ මුළදී:

    මෙය:
    සත්‍ය කතාවකි.
    බරපතළ කතාවකි.
    බිහිසුණු කතාවකි.
    එසේම, මගේ පළමෝත අත්දැකීමකි.

    ලිපියේ අගදී:

    මේ කතාව කී වැඩිහිටියා ගැහැනියකි.
    එසේම, ඇය නිකම්ම නිකං ගැහැනියක නොව වයස අවුරුදු පහක පමණ කුඩා දරුවෙකු සිටි මවකි.
    මා පසුව දැන ගත් පරිදි, ඇය එවකට මාස කිහිපයක පමණ ගැබිණියක් ද වූවා ය.

    ReplyDelete
  4. ඔයාට එල්ලෙන්න රෙද්දක් හම්බ වෙලා, හික්ස් !

    ReplyDelete