Sunday, March 13, 2016

ඇත්තට එහෙම වෙනවනම්

පහුගිය ටිකේ බ්ලොග් එක පැත්තෙ කරක් ගහන්න බැරිවුනත් ඉදහිට බ්ලොග් කියෙව්වෙමි.මාතලන්ගෙ බ්ලොග් එකේ තිබූ අපූරු අදහසකින්ම ලිපිය ආරම්භ කරමි. ගිහියන්ට තිබෙන නඩුහබවලින් බේරෙන්නට සිවුරක් පොරවගන්න එක හොද බවය. නඩුහබ පමනක් නොව වෙනත් බොහෝ ප්‍රශ්න වලින් බේරෙන්නට සිවුර පොරව ගැනීම හොද බව මටද අවබෝධ වූ කරුනකි.


වැඩවසම් යුගයේ උපන්නානම් පනබේරාගැනීම සදහා මා නම් කරන්නෙ සිවුරක් පොරවගැනීමයි. මා අවුරුදු 20 න් සිවුරක් කරට දාගත්තා නම් සමහර විට අද රාජකීය පන්ඩිත නායක හාමුදුරු කෙනෙකි.


එහෙත්කුඩා කාලයේදී පැවිදිවීම නම් එතරම් මිහිරි නැත. එය වෙනම මාතෘකාවක් නිසා ඒ පැත්තට නොයමි.
සිදුවිය යුත්තේ සිරිධම්ම ක්‍රමයට පැවිදිවීමයි. විද්‍යාවේදී උපාධිය හදාරන අතරතුර බුදුදහමේ සත්‍යතාව අවබෝධවී පැවිදිවුනා යැයි කීවානම් ගොඩේගොඩය. කුඩා සාමනේර අවධියේ විදීමට සිදුවන ලිංගික හිංසා ,වැඩවසම්  සංඝ සංස්ථා පීඩන ඔය මොකුත් නැත.
අප නිකමට සිතමු දැණටත් අනුගාමිකයන් සිටින මාතලන් ( උපාසකම්මලට සුදු රහතන් වහන්සෙ නමක්),රසික (උපාසකම්මලට ශාන්ත ,කන්නාඩි දමාගත් පසේබුදු කෙනෙක් වගෙ රහතන් වහන්සෙ නමක්) හා පැරා (මහා කාශ්‍යප වැනි ඇසිල්ලකින් තුන් කල් දක්නා රහතන්වහන්සෙ නමක්) යන දක්ෂ බ්ලොග්කරුවන් පැවිදිවුනානම්.දැසි දසුන්, රන් කහවනු කෙල කෝටිගනන්,අලි ඇතුන්, අසුන් සහිත චතුරංගනී සේනාවන්, සුරූපියන් සිය දහස් ගනන් සිටින අන්තහ්පුර,සියල්ල පරයන මහා මුග්ධ ජනසේනාවක්  සහිත පට්ට මුදලාලිලා වෙන්නට තිබුනි.බ්ලොග් ලියන්නට ගොස් බුදුදහමේ සත්‍යතාව අවබෝධවූ බව කියන්නට පුලුවන.මාතලන්ගේ ශාරීරික යෝග්‍යතාවය අනුව ඔහු මහා පින්වන්ත නායක මුදලාලි කෙනෙක් වීමට බැරි නැත.මාතලන්ගේ මුහුන දකින උපාසකම්මලා අනේ අර සාදු අච්චර සුදු රහත් වෙලා නිසා නේද අනෙ අම්මෝ කියා පොලවෙ පස් කනු ඇත. රසිකගේ මුහුනද යතිවරයෙකුටම ඔබින්නකි. පැරා ත්‍රිපිටක අටුවා ටීකා ගෙන දානයේ අනුහස් ගැන බන කියන හැටි අහන්න අපූරුය. එහෙත් මේ මහත්වරුන් සිය ජීවිකාව පිනිස මෙවන් නීච වෘත්තියක් තෝරානොගැනීම ගැන ස්තුතිවන්ත වනු ඇත.


නව විපක්ෂයක්
පැර නව  විපක්ෂයක ආගමනයක ගැන අදහසක් දක්වයි. ඔහු කියන්නාක් මෙන් මහින්ද පසුපස යන ජනතාව ඔහු කලා යැ‍යි කියන සොරකම් විශ්වාස නොකරති .වරද මෙරට දේශපාලන සංස්කෘතියේය.ප්‍රේමදාස කල නරක එජාප පාක්ෂිකයා විශ්වාස නොකල අතර ඔහුගේ හොද විරුද්ධ පාක්ෂිකයා විශ්වාස නොකලේය.
ඇත්තටම 2020 වනවිට දේශපාලන ලෝකය කෙබදු වේද. තව අවුරුදු හතරක් යනතුරු පෙරලීමට බැරි මේ ආන්ඩුව යටතේ සියලු කට්ට ඒකාබද්ධ විපක්ෂය කන අතර 2020 වන විට මහින්ද නායකයෙකුට වඩා අනුශාසකයෙකුගේ මටම දක්ව අපල්ලම් බසිනු ඇථි බවත් වෙනත් නායකත්වයක් මතුවීමට ඉඩ ඇති බවත් සිතිය හැක.
හොරාකෑවානම් ඒ සියලු මුදල් අයකරගත යුතුබවට සැකයක් නැත. එහෙත් එය සිදුවේද යන්න සැකයකි. මහින්දගේ සංවර්ධන වැඩවලින් වැඩක් වී නැති බවනම් පොඩි ලමයෙක් වුනත් දන්න දෙයකි. මහින්ද යුගයේ සිදුවුනේ හොරකමටත් වඩා නාස්තියකි.
රජයද පෙරතරම් ජනප්‍රිය නැතිබවද කිව යුතුය. අනේ මන්දාය.


ලෝක යුද්ධය


සේරටම හපන් මේ උතුරු කොරියාවෙ ජනාදිපති කොළු ගැටයාගේ පුරසාරම්ය. හහනව කියකිය ඉන්නෙ නැතිව ගහපියකො කියා කෑ ගසා කීමට සිතේ. ඇත්තටම උතුරු කොරියාවට ඇමරිකාව සමග කරන සටනක් ගැන හිතන්නටවත් බැරිය. හැමදාම බොරු සද්දෙ දමා කප්පමට හාල් ටිකක් ගෙන උතූරු කොරියන් කාරයන්ගෙ බඩගින්න නිවීම මෙම සෙල්ලමය. එහෙත් කිම් ජොන් උන් කියවිය යුතු ලිපියක් අද  පලවී තිබේ.


රා බීපු මීයා මෙන් මුගේ වාචාල කතා ඉවසිය නොහැකිව අන්කල් සෑම් එහෙනම් වර ගේමට කියා සරම කරට ගත්තොත් මූට කට උත්තර නැත.
 කොන්ඩ රතු එකා වසයි ජනපති කොළුවෝ
කොල්ලන්ටත් වඩා ටෙස්ටස්ටරෝන් තියන කෙල්ල මග එනවෝ


9 comments:

  1. //අප නිකමට සිතමු දැණටත් අනුගාමිකයන් සිටින මාතලන් ( උපාසකම්මලට සුදු රහතන් වහන්සෙ නමක්),රසික (උපාසකම්මලට ශාන්ත ,කන්නාඩි දමාගත් පසේබුදු කෙනෙක් වගෙ රහතන් වහන්සෙ නමක්) හා පැරා (මහා කාශ්‍යප වැනි ඇසිල්ලකින් තුන් කල් දක්නා රහතන්වහන්සෙ නමක්) යන දක්ෂ බ්ලොග්කරුවන් පැවිදිවුනානම්//

    දැනට ඉන්න සමහර අයට වඩා හොඳ වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මුග්ධයන් රැවටීම සීමාසහිතව කරන්න ඉඩ තියෙනව. සීමාරහිත රැවටීමට වඩා එය හොදයි.

      Delete
  2. විහිළුවට නෙමෙයි බං... එක කාළයකදි මට ඇත්තටම මහණ වෙන්න හිතුනා වෙනින් කවුරුවත් නෙමෙයි අපේ පන්සලේ කඹුරුගමුවේ වජිරයි වැලමිටියාවේ කුසලධම්මයි විඳින සැප දැකලා.... ඒත් අපේ ගෙදරින් කැමති උනේ නෑ.. තාත්තා කිව්වේ උන් මොනවා කලත් සාසනේ රකිනවා.. ඒත් උඹ ගියොත් සාසනේ විනාශ වෙන එක ඉක්මන් වෙයි කියලා... අම්මා කැමති උනේම නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ අය විදින සැප දැකල මහන වෙන්න හිතෙන එක පුදුමයක් නොවෙයි. නමුත් පොඩිකාලෙ මහන වෙන එකනම් මහ පීඩනයක්. උදේ නැගිටල කකුල් මිරිකන්න පඩික්කම් හෝදන්න වාල් වැඩ කෝටියයි.
      මට මහනවෙන්න හිතුනෙ මුන් නීතිය ඇතුලු සියළු සමාජ කාරනාවලට ඉහලින් සිටින හැටි දැකල මේ මෑතක. හැබැයි සිරිධම්ම ක්‍රමයට. එහෙම වුනාම ඉක්මනින් බුදුවෙන්නත් පුලුවන්.

      සිරිධම්ම දැනගත්ත මේ රටේ මිනිසුන්ගෙ බුද්ධියෙ දිග පලල. තමන්ගෙ වාචාලකමත් මේ මුග්ධකමට කලවන් කලොත් සැප සාගරයක් නේද කියල හිතුන.පටන් ගත්තෙම සල්ලිකාර මෝඩයන්ගෙ සිත් පහදවගෙන. කෝටියක පන්සලක් කොලබින් ගත්තලු.

      වැඩිකල් යන්නෙ නෑ. පබ්ලිසිටිය සිරාවට වැදුනොත් අවුරුදු දෙක තුනකින් සැප සාගරයක්.

      ගිහියන් සමූහ වශයෙන් පැවිදිවී මෙම සැප ලබාගත යුතුයි.දුප්පත්කම ට විසදුම ඒකයි.පවුල් පිටින් පැවිදිවෙන්න ඕන.

      Delete
  3. Post eka witharak neweyi. Mathalange ha Iyange comment dekath harima apooruyi!

    ReplyDelete
  4. //මා අවුරුදු 20 න් සිවුරක් කරට දාගත්තා නම් සමහර විට අද රාජකීය පන්ඩිත නායක හාමුදුරු කෙනෙකි// එහෙයි අංකල්.. හෙහ් හෙහ්..

    මට වෙලාවකට හිතෙනවා.. මහන වෙන්න.. තව වෙලාවකට හිතෙනවා පැරා ගේ අලුත් විපක්ෂෙට යන්න.. තවත් වෙලාවකට හිතෙනවා ඔක්කොම දමල ගහල ඔස්ට්‍රේලියාවට ගිහින් රසික ලා කවිඳු ජයසිංහ ලා වගේ එළවලු කොටුවක් කරන ජිවත් වෙන්න.. අනේ මංදා මට මොනවා වේලාද කියල..

    ReplyDelete
    Replies
    1. මට 38 යි. ගලගොඩ අත්තට වඩා අවුරුදු දෙකක් බාලයි. ඥානසාර රාජකීය පන්ඩිත නායක වුනේ මගෙ වයසෙ . මේක හිතන තරම් අමාරු වැඩක් නෙමෙයි.සිරිධම්මල ,භද්දියල ,ජනප්‍රිය වුනේ අවුරුදු දෙක තුනෙන්. භද්දියට 30 ක් වත් නෑ ලොක්කෙක් වෙන කොට. ඥානානන්දත් ජේවීපී එකෙක් අයින් වුන හැටියෙ බොහොම තරුන කාලෙ ම මෝඩයො ලක්ෂගනනකගෙ ප්‍රධානිය වුනා.වයස අවුලක් නෑ.

      යුද්ධ කාලෙ මට ජීවිතේ අස්ථිරත්වය අවබෝධ වුනා. ඊට පස්සෙ වෙනත් රැකියා කරන කොට බ්ලොග් ලියනකොට මේ සමාජය එකම මුලාවක් නේද කියල මට තේරුනා.ගිහිගෙය ගිනිගෙයක් නේද කියල තේරුනා ඥානසාර ,ධම්මාලෝක ,ඥානිස්සර,සුමංගල වගෙ යතිවරු න් එන්ජෝයි කරන ජීවිතේ නිරාමිස සැපයක් තියන තැණක් බව අවබෝධවෙලා මම පැවිදිවුනා සුමිත්ත කල්‍යාන ධම්ම යන නමෙන් .සාදුකාර දෙන්න පින්වත්නි කියල පටන් ගන්න.

      Delete
  5. ශ්‍රි ලාංකික රචකයින් දිරිගැන්වීම සඳහා පහසුවෙන් තමන්ගේ ලියවිලි නිර්මාණය කරමින් ඒවා බෙදා හදා ගැනීමට, අන්තර්ජාල වේදිකාවක් නිර්මාණය කිරීමේ උවමනාව මට ඇත.
    මෙම කෙටි සමීක්ෂණය පිරවීමට මොහොතක් ගැනීමෙන්, මට මෙය ගොඩනැගීමට අවශ්‍ය සහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
    http://goo.gl/forms/Rgg88KhhX8

    ස්තුති


    ReplyDelete