Monday, March 21, 2016

ලොක්කෙක් වුනේ නැත්නම් සොරි තමයි

සෙනසුරාදා දවස ගතවුනේ පොල් අහුලන්නටය.හොරුන් විසින් නොකඩා ඉතිරිකල පොල් ටික කඩාගැනීමට කෙකිවලින් පොල් කඩන්නා ආවේ සෙනසුරාදාය. පොල් ඇහිලීම  අමාරු වැඩක් නොවුනත් මහ එපා කරපු වැඩකි. පොල් කඩන්නන් යනු වදවීගෙන යන ජනකොට්ටාසයක් නිසාත් වතුවැඩවලට කුලීකරුවන් සොයාගැනීමේ අපහසුවත් නිසා අපටද ශ්‍රමය කැපකෙරීමට සිදුවේ.ආර්ථිකය ගැන මොනවා කීවත් කුලීවැඩකට එකෙක් සොයාගැනීමත් දුෂ්කරය. තව කල් යනවිට ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවේ. එක්ටා ගිවිසුම අවශ්‍යය.

අප සිටින ඉසව්වට එක් බැලගෙඩි කඩන්නෙක් සිටියේය. ඔහු අනෙක් අයට වඩා අඩු මුදලක් අය කිරීමත් ගාස්තුවට අමතරව පොල් ගෙන නොයාමත් විශේෂය. කෙකිවලින් කඩන අයද ගාස්තුවට අමතරව පොල් ගෙන යති.මොහු ගස් නැග ගෙඩි කඩන විට මා ඔහුත් සමග කතාබහ කරන්නට පුරුදුවී සිටියෙමි.අධ්‍යාපනයක්ද ලබා නොසිටි මොහු ගේ සමාජ දැනුමද අල්ප බව මට අවබෝධ විය.මේ පුද්ගලයා පසුගියදා මලේය. ඔහු ට කිසියම් රෝගී තත්වයක් ඇතිවූ පසු අප ප්‍රදේශයේ රෝහලට ඇතුලත් කරනු ලැබීය.පොඩ්ඩක් හෝ ඔලුව උස්සාගත් කෙනෙක් එම රෝහලට ඇතුලු නොවෙයි. කිලෝමීටර් 80 ක් දුර ගෙවා රාගම හෝ වැලිසරගෙන යති. අපගේ ප්‍රදේශයේ රෝහලේ මෝචරිවල ඉඩ මදි නිසා හොදටම අමාරුවූ ලෙඩ්ඩු දිස්ත්‍රික් රෝහලට යවති.

අපේ ගමේ එක් වයසක කාන්තාවක් මැරෙන බවට සහතික කල පසු ඥාතීහු ඇයව වැලිසර ගෙන ගියහ. ඇයි ටිකට් කපන්නෙ ගෙදර ගෙන ගියාට වැඩක් නෑ අද හෙටම ගෙනියන්න පුලුවන් නෙ (මැරිල ) කියා කීවත් බලෙන් ටිකට් කපාගෙන වැලිසර ගෙන ගොස් දැන් එම රෝගියා සුවපත් වී ඇත.  අර බැලගෙඩිකඩන්නාට එවැනි අවබෝධයක් හෝ හැකියාවක් නොවූයෙන් ප්‍රාදේශීය රෝහලේම සිට අසාධ්‍ය වූ පසු දිස්ත්‍රික් රෝහල ගෙන ගොස් මිනිය ගෙදර ගෙනාවේය.


බැලගෙඩි කඩන්නන් , නුපුහුනු කුලී ශ්‍රමිකයන් වැනි අය අඩු අධ්‍යාපනයක් සහ අඩු මූල්‍ය කලමනාකරනයක් සහිතව ජීවත් වෙති. සමාජ සම්බන්ධතාද අවමය.ඒ නිසා මේ සමාජයේ ඔවුන්ගේ පැවැත්ම තන අග පිනි බිදු මෙනි.

අපට සිදුවූ  අසාධාරනයක් ගැන මා බ්ලොග් සටහනක් තැබීමි.මෙය තබන ලද්දේ වෛද්‍යවරුන් නිතර එන්නේයැයි මා සිතූ බ්ලොග් අඩවියකය.එමගින් යම් බලපෑමක් කලහැකියයි සිතුවෙමි.අපේ ගෙදර අය කීවේ පත්තරේ දමමු කියාය.එහෙත් ඊට වඩා මෙය සාර්ථක යැයි සිතමි. මෙය කියවා එක් වෛද්‍යවරයෙක් හෝ පාඩමක් ඉගෙන ගන්නේ නම් සතුටකි. එපමනකි.


 එම බ්ලොග් අඩවිය හිමි වෛද්‍යතුමා මේ ගැන හොරාගෙ අම්මගෙන් පේන ඇසීම නරකදැයි මගෙන් විමසා තිබිනි. අපට සිදුවුනේ සුළු දෙයකි. අප එය පෞද්ගලික රෝහලකට ගොස් විසදා ගත්තෙමු. වෛද්‍යවරු කරන්නෙ මෙහෙම වැරදි නොවේ. මීට වඩා බොහෝ බරපතල වැරදි කරති. එහෙත් මේ දක්වා වෛද්‍ය සභාව ගත් පියවරක් නැත.  එකම එක වෛද්‍යවරයෙකුට දැඩි පියවරක් ගෙන ඇති අතර ඒ 1950 ගනන්වලය. අපට සිදුවුනේ සුළු දෙයක් නිසාත් කෙනෙක් අපහසුතාවයට පත් කිරීමට අවශ්‍ය නැති නිසාත් පැමිනිලි කිරීමේ අවශ්‍යතාවයක් නැත. මීට වඩා බරපතල දෙයක් වුනත් නිස්ඵල දේවල් නොකරමු.

අසාධාරනයට එරෙහිව කතා කිරීම නුවනට හුරු නැත. කල යුතු හොදම දෙය සුළු සුළු අයුක්තීන් ඉවසීමයි. නැත්නම් අන්තිමට සාපේක්ෂව දුර්වලයා වැරදිකරුවේ. උදාහරනයකට පොලීසියේ ක්‍රියාමාර්ග ප්‍රශ්න කිරීමට සිවිල් ජනතාවට අයිතියක් ඇතිබවත් කවර නීතියක් යටතේද කියා විමසිය හැකි බවත් පොත් පෙරලමින් වගන්ති ගෙනහැරදක්වමින් පන්ඩිතයන් කීවත් ඒවා ප්‍රායෝගිකව කරන්නට ගියොත් සිදුවන්නෙ මැරුම් කන්නටය. ඊට එරෙහි වුනොත් අයුතු ජනරාශියක් වෙයි.කුඩු පැකට් එකක් හෝ ග්‍රෙනේඩ් එකක් දමා ඇප නැතිව හිරේ යන්න සිදුවේ. එනිසා කල යුතු හොදම දෙය අයුක්තිය ඉවසීමය.

සටන් ක්‍රම පන්තියකට ගිය මුල් දින මාස්ටර් කී දෙය මට මතකය. ඉගෙන ගෙන අවසන් වන තුරු කා එක්කවත් ගහගන්න යන්න එපා. ඉගෙන ගත්තට පස්සෙ කිසිම කෙනෙක් ඔයගොල්ලො එක්ක ගහගන්න එන්නෙ නෑ කියාය.මෙය රන් වටින කියමනකි. අප හැකිතාක් ධනවත් හා බලවත් විය යුතුය.එවිට කරදර අපට කරදර කරන්නට නො එයි. එසේ ධනය හා බලය රැස් කරගන්නා තුරු කටපියාගෙන අයුක්තිය ඉවසිය යුතුය. කරන්නට දෙයක් නැත. මේ නල්ලමලේ අම්මටසිරි ලංකාවය.


අපේ සමාජයේ නිරුපද්‍රිතව ජීවත්වීමට ධනය ,බලය ,කීර්තිය රැස්කරගත යුතුය.බැලගෙඩි කඩන්නන් වැනි අය ජීවත්වන්නේ ඉතා අනාරක්ෂිත පසුබිමකය. ධනය ,බලය  තිබෙනවානම් වරදක් කලත් සුරක්ෂිතය.රෝයල් කොල්ලන්ගෙ සිද්ධිය බලන්න. එහිදී දෙදෙනෙක් අත් අඩංගුවටවත් නොගැනුනි.ඔවුන් සුපිරිම දෙදෙනෙක් බැවිනි. එකෙක් ඇමති පුතෙක් ලු. අනෙක් සිසුවාගේ ගැන කියන්නට මාධ්‍ය පවා බියපත් ව සිටියහ. (වික්ටර් අයිවන් හා ලංකා ඊ නිව්ස් ගැන මට ඇත්තේ අපමන බැතියකි.)  අත් අඩංගුවට ගත් දෙවන පෙල ප්‍රභූන් වෙනුවෙන් විදුහල්පතිවරියන් පෙනී සිටියහ. වෙන ප්‍රභූ ඉස්කෝලෙක කොල්ලන් මෙහෙම තාප්පෙන් පැන්නානම් ලේසි වෙන්නේ නැත.උන් ගෙන්වා ගත් බව කියන්නට කෙනෙක් ඉදිරිපත් වන්නේ නැත.ගමේ ඉස්කෝලෙක කොල්ලන් මෙහෙම ආවානම් පොලීසියෙන් ඇටකටු කුඩුකරනු ලැබේ. ධනය ,බලය හමුවේ ජීවන තත්වය මොන තරම් සුන්දරවන්නේදැ‍යි බලන්න.

කුලියාපිටි දරුවාගේ සිද්ධියෙන් පසු සයිබරයේ ආන්දෝලනයට ලක්වූ තවත් සිදුවීමක් නම්  දවසේ වැරැද්ද වීඩියෝවයි. මෙය නම් මටද කලෙක සිට පැවති ගැටළුවකි. මාධ්‍යවේදීන්ට මෙසේ ත්‍රස්තවාදීන් ලෙස හැසිරිය හැකිද. ඔවුන් විටෙක පොලීසියේ රාජකාරිය කරති. තව විටෙක නඩු අසති. සේයා සිද්ධියේදී මුන් හැසිරුන කුජීත ආකාරය බලන්න.
නමුත් මෙම වීඩියෝවට එරෙවිට සමාජ ජාල වල දැඩි විරෝධයක් එල්ල විය. ගාල්තැන්නෙ කපුවගෙ දවසේ වැරැද්ද සොයන්නෙ නැති ගූ වාහිනිය ට්‍රැෆික් කේස් පවා මහමෙරක් කරගෙන රටටම පෙන්වති. මෙසේ කාගේවත් පුද්ගලිකත්වය විනාශකිරීමට මේ පැපරාසියන්ගෙ අයිතිය කුමක්ද. එම වීඩියෝවෙදි අදාල පුද්ගලයාද නිර්භයව හැසිරී තිබිනි.

ධනය හා බලය නැති අසරනයන් මාධ්‍ය වල බයිට්ය. නමුත් අද සමාජ ජාල ප්‍රබල වී හඩක් නැගිය නොහැකි අසරනයෝ කොමෙන්ට් කරති.එය හමුවේ මුන් අඩියක් පස්සට ගැනීමත් සතුටකි.සේයාගේ ඝාතකයන් ගැන නඩු තීන්දුවටත් පෙර සිටම තීන්දු දෙමින් ( අහිංසකයන් කීපදෙනෙක් මරනයේ දොරටුවටම දක්කමින්) සිංහ සෙයියාවෙන් කතාකල මුන් තාජුදීන් ගේ බීප් බීප් ඝාතකයන් ගැනත් මෙහෙමම රූපරාමු දමමින් කතාකරනවාද.එතකොට බීප් බීප් ය.

8 comments:

  1. //අපේ සමාජයේ නිරුපද්‍රිතව ජීවත්වීමට ධනය ,බලය ,කීර්තිය රැස්කරගත යුතුය.//
    WELL SAID.

    ReplyDelete
    Replies
    1. අපේ සමාජයෙ සාමාජිකයො එකිනෙකාට හිරිහැර කරන්න බලාගෙන ඉන්න පිරිසක්. ආයතනයකට ආවම සික්කො පවා උන් ලොක්කො කියා හිතාගෙන එන උන් මඩවනව.අපේ සමාජයෙ ඉන්නෙ සේවා සපයන්නො නෙමෙයි රැග් කරන්නො.
      මේ නිසා පනබේරගෙන ඉන්න සල්ලි ,බලය වගෙ දේවල් තියෙන්න ඕන. එහෙම උනොත් උගෙන් ගේම ඉල්ල්ලන්නෙ නෑ බඩු බනිස් හම්බවෙන බව දන්න නිසා.

      Delete
  2. සමහර රටවල Citizens Advice Bureau කියල එකක් තියෙනවා. මේවගේ දේවල් ඒ තැන් වලට දැනුම් ශුන්නම ඔවුන් පරීක්ශා කර ක්‍රියා මාර්ග ගන්නවා. එවන් සංවිධානය වීමක් ජනයා අතර අවශ්‍යයි. දොස්තරලා ජී එම් ඕ ඒ එකට එකතුවෙලා හැමෝම යටකර ගෙන ඉන්න එකට උත්තරේ ඒකයි. මහජනයා සංවිධානය වෙලා මෙවන් දේවල් එම සංවිධානයට දැනුම් දෙන්නත් එම සංවිධානය අදාල දොස්තර වරයාට විරුද්ධව නඩු දැමීම හෝ වෛද්‍ය සභාව ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ පිලිබඳව උසාවි නියෝග ලබා ගැනීම කල යුතුයි. හැමෝම පෝසත් වෙනව කියන එක ප්‍රායෝගික නැහැ. මොකද ඒක සාපේක්ෂ දෙයක් නිසා. උදාහරණයකට අවුරුදු 30 කට කලින් ලක්ශයක් තියෙන කෙනා පෝසත්. ඒත් අද?

    ReplyDelete
    Replies
    1. ජනතාව තුල සමාජජාලා හරහා සංවිධානය වීමේ ප්‍රවනතාවයක් පේනව. උකුස්සගෙ සිද්ධියෙදි සහ ස්වර්නවාහිනියෙ සිද්ධියෙදි ඒක පෙනුන. නමුත් අපේ රටේ වෘත්තිකයන් ඉන්නෙ විවිධ ගෝත්‍රවලට බෙදිල.මේක සමාජයෙ අවුලක්.ගෝත්‍රිකයෙකුගෙ අවුලක් ගැන ගෝත්‍ර නායකයන්ට පැමිනිලිකිරීම ප්‍රායෝගික නෑ.
      හැමෝම පෝසත් වෙන්න බෑ. දුප්පතුන්ට සොරි ඩොට් කොම් තමා. සල්ලි ටිකක් හොයාගෙන බලය හදාගෙන උන්නොත් තමා පනකෙන්ද බේරගෙන ඉන්න පුලුවන්.

      Delete
  3. ++++++++++++++++++++++++++++++++++++++++++++
    ඡේද 11ටම එකඟය.

    /මාධ්‍යවේදීන්ට මෙසේ ත්‍රස්තවාදීන් ලෙස හැසිරිය හැකිද/ කැමරා කාරයෝ මාධ්‍යවේෙදියෝ වූයේ කෙසේද යන්නත් මට නම් ගැටළුවකි.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ වගකීම සීමා මායිම් ගැන ඔය මොකෙකුටවත් වගකීමක් නෑ.සමහරු ආයතන දුක වේදනාව කොලොප්පමකට අරන්. තව සමහරු ඉන්දියාවෙන් දුක් ආනයනය කරල රටම පිස්සු වට්ටනව.ජනතාව දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන.

      Delete
  4. Replies
    1. මම ඕක බුකියෙ දැක්ක. මේවට එරෙහිව සමාජජාල වල හඩ නගන එක හොදයි. මෙහෙම බල්ලන්ට දැඩි දඩුවම් දෙන්න සමාජ බලකිරීමක් අවශ්‍යයි.

      Delete