Thursday, March 24, 2016

මේ රටේ තිබූ නරකම ආන්ඩුව මොකක්ද

මේ මම නිකම් ඉන්නවිට නිකමට සිතුන කල්පනාවකි. මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවිට අගතිගාමී වීම වැලක්විය නොහැක. ඒ නිර්නායක සම්බන්ධවය. මම මෙහිදී සැලකිල්ලට ගන්න නිර්නායක මගේම ඒවා වේ. මෙහිදී 1947 ඩී එස් ගේ සිට වත්මන් ආන්ඩුව දක්වා සියළු ආන්ඩු සැලකිල්ලට ගැනේ.

ඥාති සංග්‍රහය

මාධ්‍ය මර්ධනය

දරදඩු නීති

රජයේ ප්‍රතිපත්ති නිසා ජනතාවට සිදුවන පීඩනය

නීතිය අවනීතිය වීම

දූෂනය

අවපාලනය

යන කාරනායි.

සංවර්ධන දැක්මක් නොවීම

මෙම නිර්නායක ඔස්සේ විවිධ ආන්ඩුවලට ලකුනු  දුන්නෙමි.ඉහලම ලකුනු ලබා නරකම ආන්ඩුව වුනේ 1970 1977 සමගි පෙරමුනු රජයයි.ලංකාවේ මෙතෙක් තිබූ ආන්ඩු වලින් නරකම ආන්ඩුව ලෙස කිරුළු පලදින්නට සිරිමාවෝ රජයට අවස්ථාව ලැබුන හැටිද සැකෙවින් කියන්නම්.

එම රජය ඥාති සංග්‍රහය අතින් දෙවෙනි වන්නෙ මහින්ද රජයට පමනි. මෙම නිර්නායකය සදහා වැඩිම ලකුනු ලැබුවේ මහින්ද රජයයි.

රජයේ ගුවන් විදුලිය රජයේ හොරනෑවක් විය. එකල විරුද්ධ මටහ්යකට ඉඩ තිබුනේ පත්තරවලය. ඒ දහසක් ගැහැට මැදයි.

එකල තිබූ දරදඩු නීති අනුව පිකටින් එකක් කලත් දේපොල රාජසන්තක වන තරම්ය. රජයට ඕනෑම විරෝධයක් තහනම් කර ජීවිතාන්තය දක්වාම හිරේ දැමිය හැකි විය. මෙම මර්ධනය උරුම වුනේ සමාජවාදී රටවල පැවති ක්‍රමයෙනි.

එම රජයේ සංවෘත ප්‍රතිපත්ති නිසා පෝලිම් යුගයක් ඇති විය.

නීතිය ක්‍රියාත්මක වීම අතින් දුප්පතුන්ට අයුක්තියක් විය. දූෂනය ට හොදම උදාහරනය වුනේ සමූපකාරයයි. මෙම නිර්නායකය සදහාද වැඩිම ලකුනු මහින්ද රජයටයි.

දේශීය කර්මාන්ත රැකීමත් මඤ්ඤොක්ක සිටවීමත් යනු සංවර්ධනය නොවේ. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නංවා විදේශවෙලදපොල ජයගැනීම මිස මඤ්ඤොක්කා සිටවීමෙන් පමනක් රටක් ගොඩ ගත නොහැක.

14 comments:

  1. Replies
    1. එම යුගය අනෙක් යුග වලට සාපේක්ෂව තදින්ම තිබුනෙ නාස්තිය හාදූෂනය. මාධ්‍ය මර්ධනය,පාතාලය ,රාජ්‍ය ත්‍රස්තවාදය අතින් වෙන ආන්ඩු වලට වඩා ලොකු වෙනසක් නෑ.
      70-77 ආන්ඩුවෙ ලොකුම වරද 75 ඡන්දෙ කල්දැමීම.

      Delete
  2. ප්‍රමාණවත් තොරතුරු නැත්තේ නම් නිගමනය විය යුත්තේ "පැහැදිළි නිගමනයකට ඒමට ප්‍රමාණවත් සාධක නැත" යන්න මිස වෙනකක් නොවේ. ඔබ ඉතා අඩු තොරතුරු ප්‍රමාණයකින් බොහෝ පෘථුල නිගමන වලට එයි. සමහර ඒවා සනාථ කළ නොහැකි සහ ඉතා අවිශ්වාසදායක තොරතුරු වේ - ලංකාවට එරෙහි ජීනිවා වාර්තා මෙනි.

    (මෙය දොස් කීමක් නොවේ - අපත් සමහර අවස්ථා වල ප්‍රමාණවත් තොරතුරු නොමැතිව නිගමන වලට එන බැවිණි.)

    ReplyDelete
    Replies
    1. එසේම,

      ඉහත නිර්ණායක යටතේ දැනට දෙවෙනි ස්ථානයේ සිටින වර්තමාන ආණ්ඩුව (රනිල්-චන්ද්‍රිකා ජුන්ටාව) සිරිමාවෝ ආණ්ඩුවේ ලකුණු ප්‍රමාණය ඉක්මවා ප්‍රථම ස්ථානය වාර්තා කිරීම හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

      සිරිමාවෝ මහමැතිවරණය අවුරුදු දෙකකට කල් දමා ඉල්ලාගෙන කෑවාය. ජේ.ආර්. මහමැතිවරණය අවුරුදු 6 කට කල් දැමීය. රනිල්-චන්ද්‍රිකා යුවල ද පළාත් පාලන මැතිවරණ කල් දමාගෙන සිටී. මේවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආණ්ඩුවක් විසින් එල්ල කළ දරුණුම ප්‍රහාර වේ. ඒ අතින් ඔබ 'පට්ට ඇරීමට' උත්සාහ කරන රාජපක්‍ෂ ආණ්ඩුව රත්තරංය.

      Delete
    2. // ඔබ ඉතා අඩු තොරතුරු ප්‍රමාණයකින් බොහෝ පෘථුල නිගමන වලට එයි. සමහර ඒවා සනාථ කළ නොහැකි සහ ඉතා අවිශ්වාසදායක තොරතුරු වේ //

      :D

      මැඩියා ගේ ලෝකය ලිඳට සීමා වේ!


      // රනිල්-චන්ද්‍රිකා යුවල ද පළාත් පාලන මැතිවරණ කල් දමාගෙන සිටී. මේවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආණ්ඩුවක් විසින් එල්ල කළ දරුණුම ප්‍රහාර වේ. ඒ අතින් ඔබ 'පට්ට ඇරීමට' උත්සාහ කරන රාජපක්‍ෂ ආණ්ඩුව රත්තරංය. //

      දෙන්ඩ පහක් මල්ලී .. high five !!

      Delete
    3. ඉතාම අවිශ්වාසදායක තොරතුරු කියා අදහස් කලේ මොනවාද යන්න අපහැදිලියි.
      ලංකා ඉතිහාසයේ සමාව දිය නොහැකි දරුනුම අපරාධ දෙක නම් සිරිමා අසාධාරන ලෙස අවුරුදු දෙකක් කාලය දිගුකරගැනීමත් ජේ ආර් ගේ කලගෙඩි ලාම්පු සෙල්ලමත්ය. ජේ ආර්ගේ ක්‍රියාව සදාචාර විරෝධී වුවත් නීති විරෝධී නොවීය. සිරිමාගේ ක්‍රියාව සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධීද විය.

      ඔබ කියන දේ සිදුවිය හැක. මන්ද මෙම රජයට යහපාලනය බරක් බැවිනි.පාලකයෝ අසහනයට පත්ව සිටිති. ගමේ එජාප පාක්ෂිකයා බලාපොරොත්තු වුනේ ඡන්දය දිනූ පසු 77 මෙන් යහපාලනයක් කිරීමටය. මැරවරකම් කිරීමට පුල පුලා සිටි දේශපාලකයන් මෙන්ම බත්බැලයෝද අසහනයට පත්ව සිටිති. මේ අසහනය පුපුරා ගියොත් සිරිමගෙ වාර්තා කඩනු ඇත.

      මම නරකම ආන්ඩුව ගැන කීවා මෙන් නරක ලැයිස්තුවක් සකස් නොකලෙමි. එසේ සකස් කලානම් සකස් වන්නෙ මෙසේය.

      නරකම ආන්ඩුවේ සිට පහලට

      සිරිමා ආන්ඩුව (නරකම )- අවුරුදු 2ක් චන්දෙ කල් දැමීම ,හාල් පොලු මිරිස් පොලු, රාජ්‍ය දරදඩු නීති හා පාතාලය,සංවර්ධන දැක්මක් නොවීම,නීතිය අවභාවිතය,හොරකම
      ප්‍රේමදාස ආන්ඩුව -පාතාලය,නාස්තිය ,රාජ්‍ය මර්ධනය,නීතිය අවභාවිතය,හොරකම
      ජේ ආර් ආන්ඩුව -80 ජූලි වර්ජනය, 83 ජූලි කලබල අවස්තාවේ හැසිරීම, පාතාලය,රාජ්‍ය මර්ධනය,හොරකම

      මහින්ද ආන්ඩුව - රාජ්‍ය මර්ධනය,ඥාති සංග්‍රහය , නාස්තිය ,හොරකම

      ආදී වශයෙනුයි.

      Delete
  3. //එකල විරුද්ධ මටහ්යකට ඉඩ තිබුනේ පත්තරවලය.//

    මේක හරිද? ආහර හිඟයෙන් මැරෙන මිනිසුන් ගැන වාර්ථා කිරීමේ වරදට දවස පත්තරය වැහුවා. ඊට කලින් පෞද්ගලික පුවත්පත් ආයතනයක් වූ ලේඛවුස් සමාගම ජනසතු කලා.

    ReplyDelete
    Replies
    1. මට සිරිමා ආන්ඩුව ගැන මතකයක් නෑ.මම හිතුවෙ ඒ සිරිමගෙ කලින් ආන්ඩුව 60-65 කාලෙ කියල .ඒක ත් 70 -77 නම් ඒක හත් අවුරුදු ශාපයක්ම තමා. පත්තර රජයට පවරාගැනීම හා අවුරුදු දෙකක් දීර්ඝ කරගැනීම ගත්තම සිරිම තරම් පාදඩ වැඩ කිසිම කෙනෙක් කරල නෑ.

      Delete
  4. ත්‍රිමාන මිනිස්සුන්ට වටහගන්න අපහසු සංසන්දනයක්.

    ReplyDelete
  5. මේ ආන්ඩුව ඒක කඩන්න ඉඩ තියෙනවා....

    ReplyDelete
    Replies
    1. දේවල් සිදුවෙන ආකාරය අනුව එහෙම වෙන්නත් බැරි නෑ. ප්‍රධානම හේතුව දේශපාලනඥයන්ටත් බත්බැලයන්ටත් යහපාලනය දිරවන්නෙ නැති එක..නමුත් වර්තමාන ලෝක රටාව අනුව එච්චරම ලේසි නැතිවෙයි. පක්ෂවලට රෙජිස්ටර් නොවුන යහපාලන ප්‍රේමී සිවිල් සංවිධාන බලවත් වීමත් සතුටුයි. සමහරවිට යහපාලනය දිරවන්නෙ නැති යූඇන්පී කාරයො මරා එක්ක එකතුවෙන්නත් බැරි නෑ.

      Delete
  6. දැනට නම් 2009-2014 කාලයේ තිබුන රාජාණ්ඩුව. තව අවුරුද්දක් දෙකක් මේ විදියටම ගියොත් මේ ආණ්ඩුව ඔය ඔක්කොම රෙකෝඩ් කඩනවා.

    ReplyDelete
    Replies
    1. රාජාන්ඩුව සිරිමා ජේ ආර් ප්‍රේමදාස තරම් නරක නෑ. මට නම් මේ ආන්ඩුව ගැන තියෙන්නෙ සුබවාදී දැක්මක්. රනිල් ගෙ ඉදිරිගාමී අදහස් ගැනත් පැහැදීමක් තියනව. හැබැයි එජාප සමහරුන් ට යහපාලනය දිරවන්නෙ නැති නිසා ඔවුන් ආන්ඩුව ආපස්සට ඇදගෙන යන්නත් ඉඩ තියනවා.ඔවුන් මහින්ද සමග එක්වන්නත් ඉඩ තියනවා.

      Delete