Thursday, April 28, 2016

දැනුම පිලිබද දේවතාවුන් නැත.

සෑම මසක් අවසානයේදීම බ්ලොග් විචාරයක් කල යුතුය කියා සිතුවෙමි. මෙම බ්ලොග් එක බ්ලොග් විචාර සදහා වෙන් කරමි. එය දෙසතියක් මසක් හෝ ඊට වැඩි කාලයක් සදහා විය හැක.සාමාන්‍යයෙන් දැන් මා බ්ලොග් කියවන්නේ අහම්බෙන් වගේය.ඒ නිසා සමහර බ්ලොග් මගහැරී යාමට ඉඩ ඇත.  අපූරු ලිපි නම් අමිල චතුරංගේ ගෑනු නිදහස ලිපියත් ට්‍රාන්සිල්වේනියාවේ ලෙනින්ගේ මල සිරුර ගැන ලිපියත්මගේ ලෝකය හා එපිට ලෝකයේ පිරමීඩ ගැන තිබූ ලිපියත්ය. 

3lanka හැර ඕනෑම බ්ලොග් එකක කොමෙන්ට් කරන මා එම බ්ලොගය සින්ඩියක දැක්කොත් සාමාන්‍යයෙන්  අත නොහරින බ්ලොග් එකකි.ඊට හේතුව අජිත් පරකුම්ගේ ලේඛන ප්‍රතිභාව නිසයි.බොරුවක් කිව්වත් ඔහු එය අපූරු තර්ක යොදා සිත් ගන්නා සුළු ආකාරයට ඉදිරිපත් කරයි. නමුත් ඔහු කියන කාරනා බහුතරයක් ඇත්ත බව පෙනේ.

ඔහු මෙවර විචාර කලාව ගැන අපූරු දෙයක් කියා ඇත.එනම් නිර්ප්‍රභූ ලේඛකයන් ලයිසන් ගත් විචාරකයන්ගෙන් බේරා ගැනීම සම්බන්ධවයි.
වරලත් විචාරකයන් පිරිසක් සිටින අතර පැරකුම් ඔවුන් ගැන අපූරු අර්ථකථනයක් දෙයි. එනම් ඔවුන් කරන්නේ පොත් කියවීම, පොත් කියවනවාට වඩා තමන් කියවනවා යයි කියවීම, පොත්වලින් කෑලි අහුලා ගැනීම, ඒවා වෙනත් තැන්වල කොපි පේස්ට් කිරීම, අපට හමු වන සමාජ ප්‍ර‍ශ්න ඒ පොත්වල තිබුණු දේවලට අනුකූලදැයි පරීක්ෂා කිරීම, එයට අනුකූල නම් හරි දැමීම හා නැතිනම් වැරදි දැමීමයි

 මට තවත් දෙයක් එකතු කරන්නට තිබේ .පශ්චාත් නූතනවාදී ලේඛන දෙස බලන විට ඒවායේ මුල් ඉංග්‍රීසි පිටපත සිංහල එකට වඩා තේරුම් ගැනීම පහසුය.වැරදි අවබෝධය ,සිංහල ලිවීමේ නොහැකියාව සහ වැරදි පරිවර්තන නිසා ඒවා හත්මාලුවක් අන්ඩර දෙමලයක් වී ඇත.මහන්සි වී ඒවා කියවාගත් විට මෙය මීට වඩා සරලව ලියන්න තිබුනා නේද කියා සිතේ.රසකාරක ලෙස ලකාන් ජිජැක් වැනි පුද්ගල නම් තැනින් තැනට ඔබ්බන්නේ මුද්දරප්ප්ලම් ඔබ්බන ලෙසටයි.

වරලත් උගතුන් විසින් සෙසු ජනයා මැඩීමට හොද උදාහරනයක් නම් සුචරිත ගම්ලත්ය. ඔහු කලක් දිවයිනට මහා ප්‍රභූ ලීලාවෙන් ලිපිපෙලක් ලියූ අතර අද මෙන් කොමෙන්ට් දැමීමේ පහසුවක් නොවූ නිසා මුද්‍රිත මාධ්‍ය ජරාව ගිලින්නට සිදුවූ අතීතයේ අපට විකල්පයක් නොවීය.ගම්ලත් ඔහු සමග වාදයට එන අය නිහඩ කලේ ඔහුගේ සහතික වලිනි.සහතික ගැනද අපූරු උපක්ල්පන ඔහුගේ ගුරු ගුන සමර ලිපි කියවීමෙන් අපට ලැබුනි.

ගම්ලත් මුලින්ම කියන්නේම අහවල් පොත කියවා ඇද්ද කියාය. කියවා ඇති බව කී විට ඊලගට අසන්නේ කියවා මදි බවත් කියවා ජීරනය කරගත යුතු බවත්ය.

බොහෝ මෙම පඩිවරු වම්මුය. ඇත්තටම ඔවුන් වම්මු වී ඇත්තේ සැබෑ සමානාත්මතාව ඔවුන් අනුගත වී ඇථි නිසා නොව විවිධ හේතු නිසා ඔවුන් ප්‍රභූ සමාජයෙන් නොසලකා හැරීම් වලට ලක් වන නිසාය. ප්‍රභූන් ඔවුහු ගනන් නොගනිති. ඔවුන් සමානාත්මතාවාදීන් වී ඇත්තේ එබැවිනි. එහෙත් ඔවුන් ට තරාතිරම ,ලොකුකම රැකගැනීමට අවශ්‍යය.

දැණුමේ ප්‍රභූත්වය අවසන් කල යුතුය. මෙය වැඩවසම් ලැදියාවකි.
 මාක්ස්ගේ ප්‍රාග්ධනයෙන් එහා ලොවක් නැති බව සිතා සිටින ජවිපෙ හා පෙරටුගාමී බැතිමතුන් දැනුම වන්දනයට හොද උදාහරනයකි. දැනුම වන්දනය යනු නව දැනුම සොයායාමට බාධාවකි. ත්‍රිපිටකය,බයිබලය,කුරානය ,දාස් කැපිටාල් මෙසේ වන්දනයට ලක් වන දැනුමය. සුචරිත ගම්ලත් ඊනියා මාක්ස්වාදී කලා විචාරයේදී අසන්නේ මාක්ස් ලෙනින්ලාට වරදින්නට හැකිද කියායි.


සමාජ ජාල ප්‍රචලිත වූ පසු මොහු අන්ත වැඩවසම් උපමාවක් ගෙන ගස් බඩගාන අය සමග මොන සංවාදද කියා ප්‍රශ්න කලේය.

වාමාංශිකයන් අතර මෙම දැනුම වන්දනයබහුලය. ඔවුන්ගේ බයිබලය( හෙ කුරානය ) වන දාස් කැපිටාල් හි පරම සත්‍ය ඇති බවත් ඉන් එහා සිතීම පාපයක් බවත් කියමින් නිර්මානවාදී ආගමිකයන් ශුද්ධ ග්‍රන්ථ වල පාඨ උපුටා දක්වන ලෙස ලෙනින්  ට්‍රොට්ස්කි වැන්නවුන් ලියූ දේවල් අකුරුද නොවරදවා ඉදිරිපත් කරති. මොවුන්ට මෙය උරුම වුනේ කිතු දහමිනි.

එහෙත් මූලික කොමියුනිස්ට් සමාජය,පංති විග්‍රහය ,සමාජ ප්‍රගමනය, පංති සටන,විප්ලවය, ආදී සමස්ත මාක්ස්වාදයම වැරදිය.මෙසේ කියන විට මෙසේ කීමෙන් පවු සිදුවන බවත් අපායෙ යන බවත් මාක්ස්වාදීන් කියා හිස අත් බදා ගැනීමට ඉඩ ඇත.


ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ ඉයන් සමග ඇනෝවෙකුගේ අපූරු සංවාදයක් අතර රුවන් මෙසේ අසා තිබිනි.එහිදී ඇනෝ පටන් ගන්නේම බැන අඩගසමිනි. ඉයන්ද එහිදී වඩා හොදින් තර්ක කලේ නැත. ලේඛකයා ප්‍රකාශකර සිටියේඔබ මුලින්ම වධකයෙකුත් පසුව බිල්ලෙකුත් වන බව පෙනේ කියාය. ඇත්තෙන්ම දැනුම වන්දනය කරන නව බමුනු කුලයක් දැණුම හරහා ගොඩ නගන මොවුහු මුලින් වධකයෝත් පසුව බිල්ලෝත් වන අමනයෝය.

ශ්‍රම සමානාත්මතාව සහිත උතුම් සමාජයක් ගැන මගේද ප්‍රාර්ථනාවක් ඇත.එහෙත් එය උදාවන්නේ මිනිසා භෞතිකව සහ අධ්‍යාත්මිකව පරිනාමය වූ පසුවය.වෙනත් සියලු ළදරු වලිප්පුකාරයන් ඉල්ලන්නේ දැනට තිබෙන අයුක්තිය වෙනත් අයුක්තියකින් ආදේශ කිරීමය. රුසියාවේ වැඩවසම්වාදය දරුණු ඒකාධිපති නිළධාරීවාදයකින් ආදේශ වූ පරිදිය.



දැනුම සම්බන්ධ ප්‍රභූත්වයකින් සංවාද වලට එළබිය යුතු නැත. ඇත්තටම දැනුම යනු කුමක්ද .නිෂ්පාදන ක්‍රමවේද  ගැන අවබෝධයයි.කුඹුරක් සීසාන්නේ කෙසේද පුටුවක් සාදන්නේ කෙසේද මෙන්න මේවා දැනුමයි.නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වේ. නව ක්‍රමවේද සොයාගනු ලැබේ.මෙසේ වෙනස් වනවාට සමගාමීව සමාජය වෙනස් වේ.නිෂ්පාදන ක්‍රමවේදයේ අවශ්‍යතාවලට අනුව ව්‍යුහ ගොඩ නැගේ. මේ ව්‍යුහ තුල එකිනෙකාගේ භූමිකා ඇත. මේ භූමිකා එකක් අනෙකට වඩා උසස් හෝ පහත් නොවේ.නමුත් සමහර භූමිකා දීර්ඝකාලීන පුහුණුවකින් පසුත් වෙනත් ඒවා කෙටිකාලීන පුහුණුවකින් පසුත් ඕනෑම හෝමෝ සාපියන් සාපියන් කෙනෙකුට කල හැක. ඇත්ත එයයි.

සමාජ විද්‍යාවන් යනු ස්වාභාවික විද්‍යාවන් පසුපස කනවැල අල්ලමින් යන විශයන්ය.18,19 සියවස්වල ස්වාභාවික විද්‍යාවන්ගේ දියුණුවත් සමග ඊට අනුරූපීව සමාජ විද්‍යාවන් තනා ගන්න ලදී. සමාජ විද්‍යාවන් තුල වචන උඩප්පරන් ගැසීම බහුලය. විධිමත් අධ්‍යාපනයක් නොලැබූවන් පමනක් නොව ස්වාභාවික විද්‍යාවන් විධිමත් ලෙස හැදෑරූ අයත් මේ වචන සෙල්ලම දැක වශී වෙති.මේ ලේඛනවන ඇති අනවශ්‍ය ගාම්බීරත්වය ගැන මෝහනය වූ උගතෙකුට මෙහි ඇත්තේ දුර්වල පරිවර්තන හැකියාව සහ සිංහල භාෂාව ගැන අඩු දැණුම පමනක් බව මම මහත් අපහසුවෙන් තේරුම් කර දුනිමි. ඔහුට සිනහ පහල විය.


දැනුම පිලිබද දේවතාවුන් නැත.

12 comments:

  1. ඔහෙට සුබ අලුත් අවුරුද්දක් වේවා යකෝ තුමා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා සරස තුමා.
      අද තමා සෑහෙන දවසකින් නෙට් ආවෙ.

      Delete
  2. දැනුම පිලිබද දේවතාවුන් නැත. ඇයි ග්‍රීසියේ ඇපලෝ සහ ඉන්දියාවේ ගණ දෙයියො?

    ReplyDelete
    Replies
    1. ගන දෙයියො ගැන ආසිරි ගොයිය හෙනට ආතල් දෙනව නේද.

      Delete
  3. හොඳ ලිපියක්. දැනුම පිලිබඳ දේවතාවුනුත් නැත. මිනුම් දඬුද නැත.

    ReplyDelete
    Replies
    1. දැනුම නිදහස් වීම මිනිස් වර්ගයාගේ නිදහසයි

      Delete
  4. මාසේකට වතාවක්වත් අනිත් බ්ලොග් එකෙත් පෝස්ට් එකක් දාපං මචෝ..

    ...//දැනුම පිලිබද දේවතාවුන් නැත.

    ඒ උනාට ලංකාවේ ඉන්න දෙවිවරු නොදන්න මගුලක් නෑ බං. ඒ දෙවිවරු සෑහෙන බිසි

    ReplyDelete
    Replies
    1. මේකෙ මාසෙකට වතාවක් බ්ලොග් විචාරයක් පලකරන්නයි ඉන්නෙ.
      අනික මේකෙ දාන ඒව අරකෙ තරම් ගතියක් නෑ කියල මටත් හිතෙනව.

      Delete
  5. දැනුම පිලිබඳ දේවතාවුන් සත්‍ය ලෙසම ඇත. එසේ නැතැයි කීමට පෙර ඔබ ඉෂ්රාලයේ ජනයාට වුන්ගේ දෙවියන් මගින් පණිවිඩ ලැබීම සහ සිංහල ජනයාට නැත දෙවියන්ගේ පණිවිඩ විපස්සික දෙවියන් මගින් පණිවිඩ ලැබීම අධ්‍යයන කර සිටීම හොඳය.ඉන් පසුව ටිබෙට් ජනයාට දෙවියන්ගෙන් පණිවිඩ ලැබීම අධ්‍යයන කලොත් එය ඔබගේ මනස නිරවුල්ව තබා ගැනීමට උපකාර වේයයි සිතමි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නෙ වෙන කතාවක්. මේ ලිපියෙ තියෙන්නෙ දැනුමට පොල්මහ්කාර අයිතිය කියන අය ගැනත් දැනුම අද්භූත පොරවනයක් කරගෙන ඉන්න අය ගැනත්.

      Delete