Friday, January 22, 2016

හැම ගමකටම ජනාධිපතිකෙනෙක්

අදටත් ඉන්දියාවට වඩා ලංකාවේ ආයෝජනය කරන්න මිනිස්සු කැමතියි. පසුගිය වසර 9 දී වුනේ බොහෝ අයෝජකයන්ට හම්බන්තොට අයෝජනය කරනවානම් රජ පුතාගේ අනුග්‍රහයෙන් සියළුම පහසුකමුත් වෙන දිහාක කරනවානම් කප්පම් ගෙවීමුත් කරන්න සිදුවීම. කොළඹ දකුණු වරායේ අයෝජනයෙන් සිංගප්පූරු වරාය හිමිකරුවන් ඉවත්වුනා. ඒකට හේතුව මිලියන 500 ක ගතමන්ට් එක ගෙවන්න එකඟ නොවීම. //

මේ ඉයන් වෙනත් බ්ලොග් එකක දැමූ කොමෙන්ටුවකි. මේ කතාව ඇත්තනම් ලංකාවේ හැම ගමකටම ජනාධිපතිවරයෙක් අවශ්‍ය බව පෙනේ.මහින්දට එරෙහිව ඉතා සාර්ථකව මෙන්ම ඉතා වෛරීව වද මාකට් කළ හැකිව තිබූ මෙම අදහස පුළුල්ව සමාජගත කෙරුනේ නැත.

කෙනෙක් කියන කතාවක් අප පිළිගත යුත්තේ සාක්ෂි තිබේනම් හා සද්භාවයෙන් කියන්නේ නම් පමනි. මා මෙය විශ්වාස කරන්නේ මන්ද.මටද සාක්ෂි ඇති බැවිනි. මට හමුවූ දැඩි මහින්ද පාක්ෂික මේසන් කෙනෙක් කීවේ ඔහුට හම්බන්තොට ව්‍යාපෘතිවල වැඩ නැති බවයි. ඒ මන්ද කියා ඇසූ විට මහින්ද මහත්තය කොන්ත්‍රාත් පිට යනව කියා දැනගෙන ඒව හම්බන්තොටටම දෙන්න කියා කිව්ව කියා පැවසීය. මෙය සිදුවුනේ 2006 තරම් ඈතය. එදාද මම මේ ප්‍රකාශයේ අස්වාභාවික බවක් දුටුවෙමි.මහින්ද ඒ වනවිට රටේ නායකයාය.

සියලුම සංවර්ධනය හම්බන්තොටට ගෙන  ආ බවත් එයින් සිදුවුනේ තල වේලන වී වේලන අධිවේගීමාර්ග ඉදිවීම බවත් අප දනිමු. සූරියවැව ක්‍රීඩාංගනය හරක් බැදීමට ප්‍රයෝජනවත්ය. කොළඹ ජාත්යාන්තර සම්මන්ත්‍රනශාලාව මෙන් එකක් හම්බන්තොටට හැදීය. මේ එකක්වත් හම්බන්තොටට වැඩක් නැත. හම්බන්තොටට සිදුකල යුතු අවශ්‍ය සංවර්ධනය නොව හම්බන්තොට අගනුවරක් කිරීමට අනවශ්‍ය සංවර්ධනයක් ඔහු කලේය. ඒ සදහා ගන් ණය වලට මුලු රටේම මිනිස්සු පොලී ගෙවිය යුතුය.එය මෙහි ශෝචනීය තත්වයයි.

ඉහත මේසන් බාස්ගෙ කතාවෙන් පසු මෙවැනි කතා සියගනන් ඇසුවෙමි. එහෙත් මහින්ද ගැන අන්ධවූ අය මේ කතා විශ්වාස කිරීමට නොපෙළඹෙති. බොහෝ කම්හල් හම්බතොටට ගෙන යන ලෙසත් ඒවායේ සේවය කරන පිටපලාත්වල අයට ගමන් දීමනාවක් ගෙවන ලෙසත් උපදෙස් ලැබුනි. කොළබට එන නැව් බලහත්කාරෙන් හම්බන්තොටට හැරවීමේ කතාද ඇත්ත විය හැක.

මේ කතා 100% ක් ම ඇත්තදැයි නොදනිමි. ඇත්තනම් මේ ගම්බල්ලාට පිට පලාත්වලින් එක ඡන්දයක්වත් දිය යුතු නැත.

No comments:

Post a Comment