Thursday, January 21, 2016

කුමාර් ගුනරත්නම් හා ඊනියා වම්මු

කුමාර් ගුනරත්නම් දේශපාලන මාතෘකාවක් වී තිබේ. ඇත්තෙන්ම මෙම වාසනාවන්ත රජයට සුළු හෝ අභියෝගයක් කරන දෙතුන් දෙනාගෙන් ඔහුද කෙනෙකි. රජය වාසනාවන්තය කීවේ ශ්‍රීලනිපය හා ජවිපෙ මෙල්ල කර ගත් බැවිනි. වෙන කිසිදු රජයකට වඩා වේගවත් ගමනක් යාමට මෙම රජයට ලැබුන ආශිර්වාදයකි.ජේ ආර්ට හොද දේශපාලන දැක්මක් තිබුනද ඉන්දියාවත් ශ්‍රීලනිපයත් ජවිපයත් ඔහුගේ කකුලෙන් ඇද්ද නිසා අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා ලගා විය නොහැකි විය. කඩාකප්පල්කාරී බලවේග මෙල්ල වීම රටේ වාසනාවකි.

කුමාර් ගුනරත්නම්ට දේශපාලනය කිරීමට බාධා කළයුතු නැත. ඔහුට සිසුන් කුලප්පු කිරීමකට එහා කිසිම දෙයක් කල නොහැකි නිසාය. ජවිපෙන්ද කඩා ගත හැකිවුනේ සුළු ප්‍රතිශතයකි. රජය කල යුත්තේ කුමාර් දේශපාලන වාද විවාද වලට තුඩු දෙන විවාද මාතෘකාවක් කර නොගෙන ඔහුට කිසියම් සහනයක් දීමයි. 89 යුගයේ සෝමවන්ස වැනි කැරලිකරුවන් අද භුක්තිවිදින ආකාරයේ තත්වයක් කුමාර්ටද ලැබීම වරදක් නැත.

කුමාර් යනු සෙසු වාමාංශිකයන්ට වඩා වෙනස් අයෙක් නොවේ. ඔහු ඕස්ට්‍රේලියාවේ සුඵෝඛභෝගී දිවියක් ගත කරයි.එසේ කරන අතර මෙහි සිසුන් උසිගන්වයි. නමුත් පැරනි ජවිපෙ මෙන් උපාධිය නිශ්ඵලයැයි ඔහු නොකියයි.

පරන වමේ නායකයන් ප්‍රභූ පන්තියෙන් ආවත් ඔවුන් සිය දේශපාලනයට තෝරාගත්තේ කම්කරුවන්ය.වම ගැන අපේ විවේචන කුමක් වුවත් ඔවුන්ගේ මෙම ප්‍රවේශය නිවැරදිය. ඊට වෙනස්ව ජවිපෙ තෝරාගත්තේ සිසුන්ය. සිසුන් යනු සුළු ධනේශ්වර පිරිසකි. ඔවුනට විශ්ව සාදාරන සමානාත්මතාව ගැන හැඟීමක් නැත. ඔවුන්ගේ සමානාත්මතාව ඔවුන්ටම සීමා වූවකි. ඔවුන්ගේ අරමුන උපාධිය ලබාගෙන ජනතාවට ස්වාමිවරුන් වීමයි. වෙන විදියකින් කීවොත් පන්තිය මාරු කිරීමයි.

මෙවැනි පිරිසකින් ප්‍රතිපත්තිගරුක දීර්ඝ දේශපාලනයක් අපේක්ෂා කළ නොහැක. පැරනි ජවිපෙ සාමාජිකයන් හැම කෙනෙක්ම පාහේ විවිධ ආර්ථික සබදතා මත සිය දේශපාලනය පදනම් කරගන්නේ එබැවිනි.සමහරු දෙමල ජාතිවාදය සරන ගියහ.පසුගිය කාලයේ සාමය යනු විශාල වෙලද වටිනාකමක් තිබූ එකකි. පොරොන්දු මුදල නොදීම ගැන නෝර්වේ ට එරෙහිව තව කුමාර් කෙනෙක් නඩුවක්ද දැමීය.තව පිරිසක් ත්‍රස්තවාදය මර්ධනය පිනිස නීත්‍යානුකූල රජයට උදව් කලහ.තව පිරිසක් සිංහල ජාතිවාදී වූහ.

සාමාජිකත්වය ආර්ථික ,කාලමය,ශ්‍රම වශයෙන් සූරාකමින් සැප විදින නායකත්වය හැරුන විට දිගුකලක් ජවිපෙ දේශපාලනය කරන්නෙ සුළු පිරිසකි.( ජවිපෙ වෙනත් පක්ෂ මෙන් නොව සාමාජිකත්වය ආර්ථික වශයෙන්ද සූරාකයි. සාමාජිකයන්ගේ දේපොල පක්ෂයට ලබාගෙන ඒවා ආපසු ඉල්ලන විට සහෝදරය මොනවද කියන්නෙ පක්ශය වෙනුවෙන් ජීවිතත් පූජ කරපු අය ඉන්නව. සහෝදරය ඉඩමක් ඉල්ලනව කියමින් හරවා යවයි, කාල සූරාකෑම යනු වෙනත් ප්‍රයෝජනවත් කාර්යයක් කිරීමට වෘත්තීය පුහුණුවක් ලැබීමට ඇති අවස්ථාව අහිමිකර පක්ෂයේ වැඩ කරවාගන්නා නිසාය.ශ්‍රමය නම් අමුඅමුවේම සූරාකයි ).

වෙනත් වම්මුන්ට වඩා කුමාර් ගුනරත්නම් අමුතු වමෙක් නොවේ. එනිසා අනෙක් වම්මු භුක්ති විදින වංචනික ජීවිතය ඔහුටද ගෙවීමට අවස්ථාව තිබිය යුතුය.එය ඔහුට දේශපාලනය කිරීමට ඇති අයිතියයි.

5 comments:

  1. මේ ලඟක් වෙනකං අහලවත් නොතිබුන චරිතයක්

    ReplyDelete
    Replies
    1. ඔහු අභ්‍යන්තර නායකයාවයි සිටියේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක මෙහෙම රහසිගත අංශ තිබීමම ගැටළුවක්

      Delete
  2. කුමාර් කුනරත්නම්ට ආගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ගරු අධිකරණය හරහා දිය හැකි උපරිම දඬුවම දිය යුතුයි. ඔහු නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කරන්නන් අධිකරණයට අපහාස කරන්නන් ලෙස සළකා දඬුවම් කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. අප යෝජනා කරන්නෙ ඔහුට කරුනා සහගත සමාවක් දෙන ලෙසයි.එයින් රජයට හෝ රටට නැතිවන දෙයක් නෑ.

      Delete
    2. "කරුනා සහගත සමාවක්" දීමෙන් රටට වන සෙතක් ඇද්ද ?

      එවැනි සමාවක් දිය යුත්තේ අත්වැරැද්දකින් හෝ ඉච්චාපරවශ භාවයකින් තොරව හෝ නොදන්නා කම හේතුවෙන් හෝ එසේත් නැතිනම් නොවැළක්විය හැකි තත්ව යටතේ හෝ සිදු වන (සිදු කරන නොවේ) වැරදි වලට නොවේද ?

      එවැනි සමාවක් දිය යුත්තේ අවවාද කර නැවත එම වරද නොකරන බවට සහතිකයක් ඇත්නම් පමණයි. කොහොමත් කුමන්ත්‍රණකාරී (යටිබිම්ගත?) දේශපාලනයක යෙදෙන විදෙස් පුරවැසියෙකුට එවැනි සමාවක් දිය යුතු නැත.

      Delete