Thursday, January 21, 2016

ගවඝාතනය තහනම් කර ගවයන්ට තණබිම් සුලබ කරමු

හරක් මස් කෑම අනාදිමත් කාලයක සිට පැවති දෙයකි. එහෙත් හරකා බොහෝ ශිෂ්ටාචාරවල  දේවත්වයට නැංවූ සතෙකි.එහෙත් හරක් මස් කෑම මහා අපරාධයක් වුනේ ඉන්දියාවේ වෛදික ආක්‍රමනයෙන් පසුය.ඉන්දියාව තුල ගවයාට මුල්තැන ලැබුනි. ගවරැලක් පාර මාරුවන විට ඔවුන් එලවන්නේ නැතිව බැතිසිතින්  වාහන නවත්වාගෙන සිටින ඉන්දියානුවා සුලබ දසුනකි.ඉන්දියාවේ මිනිසුන් හා ගවයන් එක වහලක් යට දිවි ගෙවන අවස්ථාද දැකිය හැක. තෛපොන්ගල් දින ගවයා සරසා කැවිලි කවා ඌට නමස්කාර කෙරේ.එහෙත් අරුමය ඉන්දියාව මුල් පෙලේ ගවමස් නිෂ්පාදකයෙකුද වීමයි.

ලංකාවේ එක්තරා අවදියක ගවමස් කෑම පිලිකුලට හේතුවක් විය.පොලොන්නරු යුගයෙන් පසු සදකඩ පහනෙන්ද ගවයා ඉවත් කෙරුනි.නුවර යුගය වන විට ගෙරිමස් කෑම රොඩී කුලයට දැමීමට හේතුවක් විය.මේ සියල්ලටම හේතුව හින්දු බලපෑමය.

බටහිර ජාතීන් ලංකාව අල්ලගත් පසු ගවයාට තිබූ මේ උසස් තැන අහිමිවිය. නිදහස් සටනේ ප්‍රධානම සටන්පාටය වුනේ ගවමස් කෑමෙන් වළකිමු යන්න වීමෙන් ගවයාට නිදහස අහිමී තිබූ තරම පෙනේ.අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවේ බුද්ධගයාව බේරාගැනීමටත් ගවයාට අහිමිවූ බලතල යලි ලබා දීමටත් සටන් කලේය. ඩී ඇස් ලාගේ බාරොන් ජයතිලකලාගේ ලියුම් ලිවීම් සැබෑ ජාතික සටන් ලෙස නොපිලිගනිමුනම් සැබෑ සටන කලේ ධර්මපාල බව කිව හැක.ධර්මපාල ගවයාගේ ගුන වයමින් රටපුරා ඇවිද්දේය.

නිදහස ලැබුනත් ගවයාට සිත්සේ රැස් විහිදුවන්නට බැරි විය. ඒ මස්කඩකාරයන් නිසාය. ඔවුහු ලෙඩ වූ රෝගී වූ ගවයන් මිලට ගෙන මස් කළහ. ඇත්තෙන්ම මෙරට මස් සදහාම ගවයන් ඇතිකිරීමක් කිසිදාක නොවීය.

ගවයන් බේරීමේ පින්කම් ජනප්‍රියවුනේ එය අපලවලින් මිදීමේ ක්‍රමයක් වූ බැවිනි. තමන් විසින් ගවයෙක් මුදාහල පසු මස්කඩේ මුදලාලි ඒ මුදලින් අටපිරිකර වෙලදාමක් පටන් ගනු ඇතැයි සිතූ අප බෞද්ධයෝ නොවටිනා ගනන් දී ගවයන් බේරූහ. ඇත්තටම අසරනයන්ගේ තුට්ටු දෙක මස්කඩේ මුදලාලිට පූජා කිරීමේ පින්කම මෙහෙයවන්නේ කේන්දරකාරයෝය. ඔවුහු අපල වලින් බේරීමට ගවයන් නිදහස් කිරීම නිර්දේශ කරන නිසා කනකර උගස් තබා හෝ ගවයන් බේරීමට ජනතාව පෙලබී සිටිති.

මේ සා උද්ඝෝෂන කරමින් කවිලියමින් සිරුරු වලට ගිනිතබාගනිමින් ගවයන් රැකගන්නවාට වඩා ගව ඝාතනය නීතියෙන්ම තහනම් කල හැකිනම් සුදුසුය. එහෙත් වැඩිවන ගවගහනයට අවශ්‍ය
තණබිම් සුලබ කල යුතු අතර ටික කලකින් මිනිසුන් ඉක්මවා වර්ධනය වන ගවගහනයට ධර්මද්වීපය පූජා කල හැක.

සියලුම පින්වතුන් ඉඩම් මිලටගෙන තණබිම් ඇතිකල යුතුය. පාසල් ,කම්හල්,මහාමාර්ග වැනි බිහිසුනු බටහිර විද්‍යාවට පාරකපන පරිසරයට අහිතකර දේවල් විශාල තණබිම් බවට පත්කල යුතුය. ගවයන් උදෙසා රෝහල් හා විශ්‍රාමශාලාද ඉදිකල යුතුය. එසේ නැතිව ගව ඝාතනය හෙලා දකිමු කියා කෑ ගැසීම පමනක්ම ප්‍රයෝජනවහ් නැත.

5 comments:

  1. ඔහොම යනකොට ඔය ගවයෝ වෙනම රටක් ඉල්ලයිද? පාරම්පරික ගව භූමිය වගේ කෑලි දාල. මැවිල පේනව උපවාස වංශ බටහිර ගව කුමන්ත්‍රණයෙන් මාතෘ භූමිය, භෞමික අඛන්ඩතාවය, උන්ඪුක පුච්චය කියන තුන වෙනුවෙන් එයාගේ තුන උපවාසෙට දානව.

    ReplyDelete
    Replies
    1. වෙනම රටක් උවමනා වෙන්නෙ නෑ මුලු රටම ගවයන්ට පූජ කරනවනෙ. මිනිස්සුන්ට බැරියැ ඇමරිකාවෙ රතු ඉන්දියන්වරු වගෙ ජීවත් වෙන්න.ඒක තමා පරිසර හිතකාමී ජීවනය. මිනිසා මූලික කරගත් බටහිර සංවර්ධන ආකෘතිය පරාජය කරල ගවයා කේන්ද්‍ර කරගත් අපේම සංවර්ධන ආකෘතියක් හදාගනිමු.

      Delete
    2. // ගවයා කේන්ද්‍ර කරගත් අපේම සංවර්ධන ආකෘතියක් //
      අර හම්බන්තොට පැත්තෙ නාමල් කළා වගේ

      Delete
  2. ස ර ස තුමා වැනි ගවයන් ගේ උන්නතිය උදෙසා දෙතනබිම් වැඩි කරනු!

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව.
      බ්‍රා-සිරා ගෙන් අවුලක් වෙයිද ?

      Delete