Sunday, January 31, 2016

අළුත් පක්ෂයක් එයිද

මහින්ද මහතාට ජනවාරි 8 ට පෙර රටේ විශාල ජනබලයක් තිබිනි. මේ ජනබලය ගොඩනැගුනේ මාධ්‍ය බලය,රාජ්‍ය බලය ආදී හැම බලයක්ම යොදාගෙනය. මහින්ද යනු කිසියම් ගූඪබවක් සහිත අද්භූත පුරුෂයෙකු බව උදේ හවා මහමග තිබෙන දැවැන්ත කටවුට් දුටු හුදී ජනයාට සිතෙන පරිසරයක් තිබිනි.මහින්දගේ සහෝදරයන් හා දරුවන්ගේ නම් කියන්නට සතුරෝද බියවූහ. ඒ වෙනුවට   බීප් බීප් කියවුනි. සියල්ලෝම දැවැන්ත ප්‍රතිරූප විය.

ජනවාරි 8 වෙනිදා මේ මහා ලෝකය බිදවැටුනත් එය ජනතාවටද අදහාගත නොහැකිවිය. කිසිවෙක් නොසිතූ ලෙස මහින්ද යලිකරලියට ආවේය.මේ කිසිම බලයක් නැතිව ඊලඟ මහමැතිවරනයට තරග කල විට ලක්ෂ කිහිපයකින් මහින්දගෙ බලය පිරිහුනි. මහින්ද යනු ක්ෂයවන විකිරනශීලී මූලද්‍රව්‍යයක් මෙනි. දැන් තවත් කාලයක් ඉක්ම ගොස ඇත.

ප්‍රාදේශීය මට්ටමෙන් මහින්ද තවමත් ජනප්‍රියය. එහෙත් එම තත්වය කලමනාකරනය කරගැනීම ආන්ඩුවට කාලය පිලිබද ප්‍රශ්නයක් පමනි.එන්න එන්නම ජනප්‍රියත්වය පිරිහෙන මහින්දගෙන් බිම් මට්ටමද හැලෙන්නට පටන් ගත්විට ඔයමන්ත්‍රීවරු  නොමිනේසන් ඉල්ලා වත්මන්ම් ලේකම්වරයා පසුපස යනු ඇත.

මහින්දට කරන්න දෙයක් ඇත්තේම නැද්ද.
මේ අලුත් ආන්ඩුවේ නගින කලාවයි. දැන් ගහන ගහන ගල වරදී. අඩු තරමින් 1019 වනතුරුවත් ඉවසා සිටිය යුතුය. ඒ ශේප් න්‍යායෙනි.

ඒ ඉවසීම ගෝලබාලයන් සමහරෙකුට නැත.මහින්ද පෙරටුකරගෙන අලුත් පක්ශයක් සැදීම ගැන කතා ඇත ඇසෙන්නෙ එබැවිනි. එහෙත් මේ කිසිදා සිදුනොවන දෙයකි. මන්ද මහින්ද නටවන නූල් ඇත්තේ ආන්ඩුවේය. එනම් මහින්ද නැටුමක් නටන්නට සැරසෙන විටම ඔහුගේ සහෝදරයන් දරුවන් කල නොහොබිනාකම් ගැන පරීක්ෂන පැවැත්වීමයි.මේ නිසා විමල්ට ගම්මන්පිලට අලුත් පක්ෂයක් කොයිතරම් අවශ්‍යවුනත් මහින්ද පවුල ඉන්නෙ දෙකට දෙවාරේය. නමුත් මෙසේ මඩේ සිටවූ ඉන්න මෙන් මහින්ද සිටිනවිට ඔහුගේ බලය දුර්වල වේ.නමුත් කරන්නට දෙයක් නැත.

එහෙත් අලුත් පක්ෂයක් හදයි කියා සිතන්නට අමාරුය. මන්ද මහින්දට දැන් අංක එක වී ඇත්තේ පවුල බේරාගැනීම බැවිනි.

5 comments:

  1. මහින්දට ඔපෂන් තුනක් දෙකක් තියෙනවා... දෙකෙන්ම එයා නැති වෙනවා විතරයි..

    එක අළුත් පක්ෂයක් හදන එක.. ඒ මහින්දගේ අවසානය මෙන්ම සිරි ලංකා එකෙත් අවසානය.

    දෙක යටත් වෙන එක... එතකොට ඩැමේජ් එක අඩුයි.. ඒත් පරාදයි...

    ReplyDelete
    Replies
    1. අවුරුදු තුනහතරකටවත් බලපවත්වන පරිදි යටත්වීමක් ප්‍රකාශ කරන්න තිබ්බෙ. මේව එලිවෙනකොට එයාට පක්ෂ ජනතාවගෙනුත් යම් ප්‍රතිශතයක් එහෙ මෙහෙ වෙනව. බය නැතිව ගේම ඉල්ලන්න තිබ්බ කිල්ලෝටෙ හුනු තිබ්බෙ නැත්නම්.මේ මනුස්සය ව බයකරගෙනනෙ ඉන්නෙ අරක එලියට දානව මේක එලියට දානව අහවලා ගන්නව මෙයාව ගන්නව කියල. මොකද හැමෝගෙම කිල්ලෝටවල හුනු පිරිලනෙ.

      මේ ගොල්ලන්ට තියන චෝදනාවලින් පොඩිම එකක් මේ දාල තියෙන්නෙ.ඉස්සරහට මිනීමැරුම් චෝදනා පවා එන්න ඉඩ තියනව.
      තව කේස් එකක් මේක හරියට මූද මැදට යනව වගෙ. ඈතට ඈතට යන්න ආපහු හැරෙන්න අමාරුයි. ගැඹුර අඩු තැනකදි නම් ආපහු හරවගන්නත් තිබුන.දැන් මොන කුනාටු සුනාමි ආවත් ආපහු හැරෙන්නත් බැරිද මන්ද.

      මහින්ද මහත්තයට එලබෙන හැම හෝරාවක්ම තීරනාත්මකයි.
      එක්කො ආපහු හැරෙයි නැත්නම් විමල් සරනං ගච්ඡාමි ගම්මන්පිල සරනං ගච්ඡාමි කිය කිය මූද මැදටම යයි.

      Delete
    2. මේ දක්වා හැසිරීම නම් පෙන්වන්නේ දරුණු ඉල්ලාගෙන කෑමකට යන බවකුයි...

      හැබයි අපිත් කලබල වෙන්න නරකයි... මේවා යට සැඟවුන පොලිටිකල් ඇජෙන්ඩාත් තියෙනවා...

      Delete
    3. //මේවා යට සැඟවුන පොලිටිකල් ඇජෙන්ඩාත් තියෙනවා// දේශපාලකයෝ ඉන්නේ ජනතාවට වඩා පසුපසින් කිවුවට ඔවුන්ගේ බලය රැකගැනීම හා අදාළව වෘත්තීය විශේෂඥතාව අතින් ඔවුන් ඉන්නේ ජනතාවට වඩා බොහෝ ඉදිරියෙන්. ගොඩක් දේවල් සිදුවන්නේ ලියපු පිටපත් අනුව කියන එක නාට්‍යය අවසන් වූ පසුවත් තේරෙන්නේ නැහැ.

      Delete
  2. මටත් හිතෙන්නේ නැ මහින්ද වගේ පරිණත දේශපාලකයෙක් අළුත් පක්ෂයක් හදා ගෙන ඉල්ලන් කයි කියලා,

    ReplyDelete