Thursday, February 11, 2016

ජාතිය යනු කුමක්ද

මට වැටහෙන අන්දමට ජාතිය යනු භාෂාව නම් වූ ප්‍රධාන සංරචකය  ඇසුරු කරගෙන වෙසෙන සිරිත් විරිත් ගතිපැවතුම් සිතුම් පැතුම් සමුදායකි.ජර්මනිය බටහිර නැගෙනහිර ලෙස බෙදීම,කොරියාව උතුරු දකුනු ලෙස බෙදීම ආදිය කෘත්‍රිම බෙදීම්ය. ජාතිය පදනම් වන්නේ භාෂාව මතය.

එකම භාෂාවක් කතා කරන අය අතර ගැටුම් නැතැයි ඉන් අදහස් නොවේ. පෙර යුරෝපයේ ආගම හේතුකොටගෙන එකම බස වහරන ජනයා බෙදුනහ. වත්මනෙහිද ඉස්ලාම් දහම වැළදගත් පසු මෙසේ බෙදීම් දක්නට ලැබේ.

ජාතිය මෙලොව පහල වුනේ භාෂාව නිසාය. භාෂාව නැතිවන දා ජාතියද නැති වන්නේය. එදාට මුළුමහත් මානව සමාජය එකම සමාජයක් වනු ඇත.ජාතිය කවදා හෝ අහෝසිවනු ඇත. එය කාලය පිලිබද ගැටළුවක් පමනි.

1 comment:

  1. ඔබ කැමති පළතුරු ජාති පහක් නම් කරන්න.

    ReplyDelete