Thursday, February 4, 2016

ජාතික ගීය දෙබසින්ම ගැයීම දෙපැත්තේම අන්තවාදීන්ට පරාජයකි.

සර් අයිවෝ ජෙනින්ග්ස් ගේ බිරිදගේ උපන් දිනය දා ජාතික ගීය භාෂා දෙකින්ම ගායනා කර ඇත.දෙමළ ගීය ඇසූ මට එහි කිසිම වෙනසක් නොදැනුනි. තනුවද සංගීතයද එකමය.

මෙයට සිංහල ජාතිවාදීන් විරුද්ධවීම පුදුමයකි. එංගල් ඊළම් නමින් ඊළම් රාජ්‍යයක වෙනම ජාතික ගීයක් ගැයීමට   සිටි ජනතාවක් අද අප සමග එකට  ශ්‍රී ලංකා තායේ යනුවෙන් ගායනා කරන මට්ටමට පැමිනීම මොන තරම් ඉදිරි පියවරක්ද

උතුරේ දෙමළ ජනයාගේ ඉඩම් නිදහස් කර දෙමළ සිරකරුවන්ද නිදහස් කර උපරිම බලය බෙදීමක්ද සිදුකර රට එක්සත් කිරීමද කඩිනමින් සිදුවිය යුතු බව අපේ අදහසයි.


 තමන්ට ජාතික පීඩනයක් ඇතැයි කියන දෙමළ ජාතිවාදියා මුස්ලිම් ජනකොටසද එලෙස පීඩිත ජාතිකත්වයක් ලෙස සිතන්නට නොපෙළඹෙන නිසා දෙමල ජාතිවාදය පීඩිත නොව පීඩක අන්තවාදයකි. එය සිංහල ජාතිවාදයේම අනෙක් පැත්තය.දෙමල ජනයාට බලය බෙදිය යුතුය කියන අය පවා මුස්ලිම් වරුන්ට නම් එය නොදිය යුතු බවත් එසේ දුන්නොත් ශාරියා වැනි නීති බලගැන්විය හැකිබවත් කියති. ඒ ඔවුන්ගේ කුහකකමය.

ඇත්තෙන්ම බලය බෙදිය යුත්තේ දෙමළ උතුරටත් දෙමළ ,මුස්ලිම් සිංහල නැගෙනහිරටත් ලෙසය. එමගින් රට දෙකඩ වීමේ අනතුරද අවම වේ. බලය බෙදීමේදී ඉඩම් පොලිස් බලය ඇතුලුව නීති සම්පාදනය ,විදේශ සම්බන්ධතා ආදී බලතල දීම ගැටළුවක් නොවේ.


 ජාතිය යනු සමාජ සංවර්ධනයත් සමග කිසියම් දිනක අහෝසි වන දෙයක් බව අපගේ අදහසයි.වර්තමානයේ කුලය දුර්වලව ඇති ලෙසින් දිනක ජාතියද දුර්වලව යනු ඇත. හොදම උදාහරනය වත්මන් යුරෝපයයි. එහි සෙමෙන් නමුත් ජාතිකත්වයක් ක්ෂීන වෙමින් පවතී.

6 comments:

  1. //එංගල් ඊළම් නමින් මෙම ගීය ගායනා කිරීමේ සූදානමක් පැවති බවත්//
    මේක බොරු ප්‍රචාරයක්. ජාතික ගීයේ දමිල අනුවාදනය ලිව්වේ එම්. නල්ලතම්බි මහතා. ඒක තමයි පිළිගත් ගීතය. එය කාටවත් ඕන විදිහට වෙනස් කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මම ලියපු වාක්‍යයෙ අදහස වරදවා වටහාගැනීමක්. ඔන්න නිවැරදි කළා.

      Delete
  2. සි.මා,
    "එංගල් ඊළම් නමින් ඊළම් රාජ්‍යයක වෙනම ජාතික ගීයක් ගැයීමට සිටි ජනතාවක් අද අප සමග එකට ශ්‍රී ලංකා තායේ යනුවෙන් ගායනා කරන මට්ටමට පැමිනීම මොන තරම් ඉදිරි පියවරක්ද"
    මෙය ඉදිරි පියවරක් නොව පසුගාමී පියවරකි. ඊළම ගැන ගී ගැයූ කරුණා අම්මාන් ආදී හොඳ දෙමළු ශ්‍රී ලංකා මාතා ජාතික ගීය වෙනසක් නැතිව ගැයුහ. ඒ අප ලබා ගත් ජයග්‍රහණයකි. 2009 ලබා ගත් ඒ ජය 2015 දී ආපිට හැරවූ මනෝ ගනේෂන් ආදී නරක දෙමළු ශ්‍රී ලංකා මාතා වෙනුවට ඔබ කියන එක ගැයුහ. මෙයින් ඔද වැඩුණු විජේකලා මහේස්වරන්, සිවාජිලිංගම් ආදීන් නැවත ඊලාම් ගීයට පණ දීමට උත්සාහ නොකරණු ඇති බවට ඔබට පොරොන්දුවක් දී තිබේද?

    ReplyDelete
  3. /* ජාතික ගීය දෙබසින්ම ගැයීම දෙපැත්තේම අන්තවාදීන්ට පරාජයකි. */

    Exactly!

    ReplyDelete
  4. අර උමබලේගේ ගොතරවාදයද මොකක්ද කියන ලබ්බ නම් එකෙන් හොඳට ඉස මතු වුනා. අනේ නරි, හු කියපියවූ. යක්කෝ දෙමෙලෙනුයි සිනහලෙනුයි දෙකෙන්ම වචන දාල එක ගීයක් දෙගොල්ලම කිව්වා නම අන්න එද්දට ඔය උද පැනිල්ල තියා ගැනිලා. එකෙන් මේකෙන් උනේ දෙපැත්තේම ඉන්න අන්තවාදිනට තලු මර මර කියන්න දෙයක් ලැබුන. උමබලා වගේ උපන් ගෙයි ගොන්නුන්ට ඕක තේරෙන් නෑ .

    ReplyDelete