Thursday, February 11, 2016

ඊයේ දවස් අප සිතුවාටත් වඩා කළුවරය.


අධිකරණය මඟින් යුක්තිය පසිඳලීමේ වැදගත්කම මේ මෑතක සිදුවූ හදකම්පා කරවන සුළු කොටදෙනියාව සේයා සඳෙව්මිණි දැරිය සම්බන්ධ අපරාධය ඔස්සේද පෙනීයයි.එහිදී ජනතාවගේ බලවත් ආවේගශීලී වුවමනාව මත පොලීසිය ‘කොණ්ඩයා’ නම් වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර එකී සැකකරු තමා එම අපරාධය කළ බවට පාපෝච්චාරණය කළ අතර එකී අපරාධය සිදුකළ ක්රිමයාදාමයද පොලීසියට හෙළි කළැයි පැවසුනි.දැන් සියල්ලෝම හද පත්ලෙන්ම පිලිගත් පරිදි සුදුසු අපරාධකරුවෙකු හසුවී ඇති නිසා මහජනතාවගේ බලවත් අභිප්රාගය වූයේ පෙර පැවති ආකාරයට පොලීසියට සැඟවූ ආයුධ පෙන්වීමට යෑමේදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් වෙඩි කා හෝ දියේ ගිලී හෝ මියයනු දැකීමයි.එහෙත් ජනතාවගේම වාසනාවකට ජනතාව විසින්ම ගත් දේශපාලන තීරණයක් (2015 ජනවාරියේ දී) නිසා පොලීසියට එවැනි ආකාරයට ක්රිායාකිරීමට ඒ අවස්ථාවේදී ධෛර්යක් නොතිබිණි. ජනතාවගේම වාසනාවකට යැයි පැවසූවේ ඒ ආකාරයට කොණ්ඩයා මිය ගියේ නම් මානසික විකෘතිතාවයකින් පෙළෙන්නේ යැයි සිතිය හැකි සැබෑ අපරාධකරුවා සිය මියගිය මල්ලීගේ කීර්ති නාමය ආරක්ෂා කරමින් කොටකෙතන ගමේ සිදුවූවාක් වැනි තවත් අපරාධ වැලක් සිදුකර හැකිව තිබූ බැවිනි. කොටකෙතන දී සිදුවූ වාස් ගුණවර්ධන වැනි පොලිස් වෙස් ගත් අපරාධකරුවන්ගේ ක්රි යාකලාපය හා ඊනියා ජනමාධ්යනවේදීන්ගේ අවිචාරාත්මක මාධ්යි හැසිරීම වෙනම සාකච්ඡා කළ යුත්තක් තරම් වැදගත් වන කරුණක් බවද මෙහිදී සදහන් කල යුතුම වේ.
 
 උපුටා ගැනීම මෙතනින් 

 අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසූ පරිදිම නියෝජ්‍ය පොලිස්පතිවරු කුලියට මිනීමරන යුගයක් අප පසුකර ආවෙමු. එය සිහිවනවිටද බියක් දැනේ.



 

No comments:

Post a Comment