Wednesday, January 27, 2016

දෙමළ භාෂාව ඉගෙනීමේ වැදගත්කම

දෙමළ භාෂාව ඉගෙනීමේ වැදගත්කම තේරුම් ගැනීමට අප ප්‍රමාද වුනා වැඩිය. ඇත්තෙන්ම සිංහල ජනයා දෙමළ ඉගෙන ගෙන එය සම්බන්ධීකරන බසක් ලෙස භාවිතා කිරීමට පුරුදුව සිටියානම් තිස් අවුරුද්දක් තිස්සේ ඇදුන යුද්ධයද වලක්වාගත හැකිව තිබිනි.

අප දෙමළ බස ඉගෙනගත යුත්තේ ඇයි. ප්‍රධාන වශයෙන්ම එය ලොව විශාල පිරිසක් භාවිතා කරන ජාත්‍යාන්තර බසක් නිසාය. ඉන්දියාව ,මැලේසියාව ,සිංගප්පූරුව,කැනඩාව වැනි රටවල් විශාල ප්‍රමානයක කෝටි දහයක් පමන වන ජනතාවකගේ මවු බස දෙමළයි. එසේම සිංහල බස පෝෂනයේදීද  දෙමල බස මහ මෙහෙයක් කර ඇත.

අපගේ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන බොහොමයක් දෙමළ ,මුස්ලිම් ජනතාවට හිමි බව පෙනේ. මේ අය දෙමළ කතා කරන ජනතාවයි. අපට දෙමළ මුස්ලිම් කඩයකට ගොස් භාන්ඩ හා සේවා මිලදී ගැනීමට දෙමළ බස දැනගෙන සිටීම වැදගත්ය.

එසේම අප අතර විශාල ප්‍රමානයක් දෙමළ හා මුස්ලිම් ජනතාව සිටින බව දනිමු. අපට ඔවුන් සමග දෙමලෙන් කතා කිරීමට බැරිවීම ලොකු අඩුපාඩුවක් නොවේද

දෙමළ දැනසිටීම නිසා ඉන්දියානු කලාවන් භුක්තිවිදීමේ අවස්ථාවද උදාවේ. බොහෝ සිංහල ගීත හා සිනමාපට දෙමළ හා හින්දි නිර්මානවල කොපි බව නොරහසකි.

සහජීවනය ගැන අද කතා කෙරෙයි.එහෙත් විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කලේ උතුරට දෙමලෙන් ලියුම් නොලැබෙන බවයි.ඇයි අපට ඔවුන් සමග ඔවුන්ගෙ බාෂාවෙන් කටයුතු කරන්න බැරි?

අප ඉංග්‍රීසි ඉගෙන ගැනීමට දරන මහන්සියෙන් සීයෙන් එකක් දෙමල ඉගෙන ගන්නට දක්වනවාද. ඉංග්‍රීසි මෙන් නොව දෙමල ඉගෙනීමට පහසුය. එය සිංහල වැනිම බසක් බැවිනි.

සියල්ලටම වඩා අසල්වැසියාගේ හද ගැස්ම තේරුම්ගැනීමට දෙමල බස දැන ගැනීම වැදගත්ය.

4 comments:

  1. මේ දවස්වල දෙමල ඉගෙන ගනිමින් ඉන්නවා.. අධ්‍යයන කටයුත්තක් සඳහා අත්‍යවශ්‍යව ඇති බැවින්. මට නම් දෙමල අමාරුයි.. සමහර විඅට වයස නිසාද මන්දා මතක හිටින්නෙම නෑ. ඒ වෙනුවෙන් උදව් කරන්නේ මාත් සමඟම ඉගෙන ගන්නා මුස්ලිම් තරුණියක්. ඇය අදාල අධ්‍යයන කටයුත්ත කරන්නේ සිංහල මාධ්‍යයෙන්. භාෂාවක් ඉගෙන ගන්නකොට එහි වටිනාකම තේරෙනවා :)

    ReplyDelete
    Replies
    1. දෙමළ ඉගෙනගන්න එකට සතුටුයි. දෙමළ කිසිම අමාරුවක් නෑ. මැද්දට ප්‍රේසස් ක්ලෝසස් දාන්න ඕන නෑනෙ. සිංහල වාගෙමයි. දෙමල අය කතා කරනකොට තේරෙන්නෙ නැත්තෙ ඉක්මනින් කියාගෙන යන නිසා.උක්ත කර්ම ආඛ්‍යාත සිංහල වාගෙමයි වචනෙන් වචනෙ දාගෙන යන්න තියෙන්නෙ. දෙමල වචන වල උච්ඡාරනයෙ අමුතුම රසයකුත් තිබෙනවා.

      මුස්ලිම් මිතුරිය උදව් කරනවානම් ඔබට තවත් පහසුවක් වෙයි. හැබැයි දෙමල ගුරුවරයෙක් ලෙස නම් කවදාවත් මුස්ලිම් හෝ වතු දෙමල හෝ සිංහල කෙනෙක් නම් තෝරගන්න එපා. යාපනේ දෙමල කෙනෙක්ම තෝරගන්න. මොකද අපි ෆලෝ කරන්න ඕන ඔරිජිනල් දෙමල කියන්නෙ යාපනේ දෙමළ.මේක මට කිව්වෙ දෙමල ජාතික ගුරුවරයෙක්මයි.
      භාශාවක් කියන්නෙ තවත් ලෝකයකට යතුරක්. දෙමල ලෝකය අතිවිශාලයි.භාෂාවක් ඉගෙන ගැනීමෙන් අපට වෙන්නෙ යහපතක් මිස අයහපතක් නෙමෙයි.
      නමුත් දෙමල ඉගෙන ගැනීම ගැන ඍනාත්මක ලිපි ත් මෑතක බ්ලොග් වල පලවුනා. ඒව කියවල පුදුම දුකක් දැනුනෙ.

      Delete
  2. මා ජීවත් වූ ප්‍රදේශයේ මට වඩා වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනෙකුට දෙමළ භාෂාවෙන් මූලික මට්ටමේ සන්නිවේදනයක් සිදුකිරීමේ හැකියාව තිබුණේය. ඒ, ගම්වල ශ්‍රම මූලික කටයුතු වලට බොහෝ සේ දායක වූ ඉන්දියානු දෙමළුන් නිසාය. එය ස්වභාවිකවම සිදුවූවකි. පසු පරම්පරා හා අදාළව මෙය සිදුනොවුණේ 'දෙමළ ඇලජික්' මානසිකත්වය නිසාය. සිංහලයෙකුට දෙමළ ඉගෙනගැනීම ඉංග්‍රීසි ඉගෙනීමට වඩා පහසුය. දෙමළ ඉගෙන ගැනීමේ ප්‍රයෝජනනම් ඉංග්‍රීසි ඉගෙනීමේ ඇති ප්‍රයෝජන වලට වඩා බොහෝ අඩුය. එහෙත්, දෙමළ ඉගෙනගැනීම ඉංග්‍රීසිද ඉගෙන ගැනීමට බාධාවක් නොවේ. ඒ දෙක දෙකකි. ඉංග්‍රීසි සමඟ සැසඳිය නොහැකි වුණත් දෙමළ යනු අද වනවිට ජාත්‍යන්තර භාෂාවකි. ඉංග්‍රීසි වලට වඩා දන්නා දෙමළ වචන කිහිපය ප්‍රයෝජනවත් වූ අවස්ථාවන්ට මා පෞද්ගලිකවත් මුහුණ දී ඇත. යාපනයේ දෙමළ වඩා classical වුවත් සාමාන්‍ය භාවිතය සඳහා ඉන්දියානු දෙමළ, මුස්ලිම් හෝ නැගෙනහිර දෙමළ අයෙකුගෙන් ඉගෙන ගත්තත් වරදක් නැත. වෙනස බලපාන්නේ දෙමළ සාහිත්‍යය පරිශීලනය කරන තරමට ඉගෙන ගන්නවානම්ය. උච්ඡාරනයේද සැලකිය යුතු වෙනස්කම් තිබේ. (දෙමළ විභාගයෙන්ද යහපතක් වී ඇති බව පෙනේ. :) )

    ReplyDelete
  3. ඔබ දෙමළ දන්නේනම් සිංහල නොදන්නා දෙමළුන් හා මිතුරු කම් ඇති කර ගත හැක. ඉංගිරිසිය එතරම් නුහුරු සංදියේ අප මේ දුක විඳ අත්දැකීම් ඇත.

    දෙමළ ඉගෙන ගැනීමේ සැබෑ වාසිය ඔබට ලැබෙන්නේ ඔබ මරක්කල මනුෂ්‍යයෙකුගේ වෙළෙඳ සලකට ගොඩ වූ විටයි. එහි උන් උන් කතා කරන්නේ දෙමළෙනි.

    එහෙත් රජය මැදිහත් වී සිංහලයන්ට (ඔව්, ලංකාවේ සිංහලයන්ට !) දෙමළ ඉගැන්වීමට යාම මරි-මෝඩ කමකි. දෙමළුන්ට සිංහල ඉගැන්වීම මීට වඩා 6-7 ගුණයකින් වියදම් අඩු සේම තවත් අතකින් පහසු ද වන කටයුත්තකි. මේ රටේ දෙමළුන්ට එදිනෙදා ජීවිතයේදී සිංහලයින් හා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන නිසාය.

    එසේම රාජ්‍ය සේවයේ උසස් වීම් සඳහා දෙමළ අනිවාර්‍ය කිරීම අපරාධයකි. එසේම අප දකින අයුරින් නම් එය එක් ජන වර්ගයකට අසාධාරණ ලෙස වෙනස් කොට සැළකීමකි. දෙමළුන් හා කටයුතු කිරීමට සෑම රාජ්‍ය නිලධාරියෙක්ම දෙමළ දැන සිටිය යුතු නැත - භාෂා පරිවර්ථකයන් ලෙස හඳුන්වන නිළධාරී සනුහරයක්ම සිටිනුයේ ඒ සඳහාය.

    ආරක්‍ෂක අංශ වලට, විශේෂයෙන්ම පොලීසියට නම් දෙමළ ඉගැන්වීම කීයක් ගියත් කළ යුතුය. එපමණක් නොව දෙමළ දත් පොලිස් බුද්ධි අංශ සුදුසු තන්හි අනුයුක්ත කිරීමද කළ යුතුය. රාජ්‍යයට එන අභ්‍යන්තර තර්ජන ලත් තැන ලොප් කිරීමට එය අත්‍යාවශ්‍යය.

    ReplyDelete