Monday, February 22, 2016

උඩුවේ බලන හිමිලා සමාජයේ මැදමිදුලෙ අත හැර දමා යන්නේ විඥානවාදය විසිනි

උඩුවේ බලන හිමියන්ගේ අලි හුටප්පරය සහ බෞද්ධයන් හා නිරාගමිකයන් අතර ගැටුම පසුගිය දෙතුන් දොහේ සිදුවූ දේවල් වලින් මා සිත් ගත් පුවත්ය. උඩුවේ බලන හිමියන් ගේ පුවතට අවධනයක් ලැබුනද නිරාගමික ගැටුමට එහෙමට අවධානයක් නොවීය.

ආගම රාජ්‍යයෙන් ඉවත් කිරීම කාලය පිලිබද ප්‍රශ්නයකි. උඩුවේ බලන පමනක් නොව සියළුම පූජකයන් ජනතාව රවටන්නෝ වෙති. තමන් නොදුටු විරූ නිවනකට ස්වර්ගයකට මිනිසුන් කැදවාගෙන යන මොවුහු තමනුත් මුලාවී අනුනුත් මුලාවේ දමන්නන්ය.

උඩ්වේ බලනට රූප සම්පත්තියට අමතරව මනා කථිකත්වයක්ද ඇත. ඒ අනුව ඔහුගේ රුවට වහ වැටුනේ නැතත් ඔහු කියන දේට රැවටෙන පිරිසක් වෙති.
උඩුවේ බලන මහා බලසම්පන්නය. ධන ධාන්‍යයෙන් ආඪ්‍යය. පාතාලය ඇසුරු කරයි. දේශපාලකයන් හා මාධ්‍ය ඔහුගේ අතකොලුය. මෙවැනි බලවත් නරුමයෙක් සමග තනිවම හැප්පුන කෙනෙක් ගැන බ්ලොග් ලිපියක් කියවීමි. උඩුවේ බලනගෙන් ඔහු ජීවිතය බේරාගත්තේ සිද්ධිය සිදුවූ අවස්ථාවේදී විශාල පිරිසක් ඔහු අසලට ආ නිසාය. මාතලන් කියන්නාක් මෙන් 40 ක් මරන එක උඩුවේ ට අමාරු නිසාය.

බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමේ සටන බෞද්ධයන් අතට ගත යුතුය. මෙම සටනට අන්‍යාගමිකයෙක් මොනම විදියකින් වත් සම්බන්ධ විය යුතු නැත. එයින් සටනට වැරදි අර්ථ කථන ලබේ. යුරෝපයේ කිතුනුවන් ඔවුන්ගේ පූජකයන් ගෙන් නිදහස් වූ ආකාරය මෙහිදී ගුරු කොට ගත හැක.

අපි වදින්නෙ සිවුරටනෙ කියා මරි මෝඩ කතා කියන තාක් කල්
උඩුවේ බලනලා වැජඹෙනු ඇත. අපේ සමාජය සමහරු සිතා සිටින ආකාරයේ ප්‍රබුද්ධ එකක් නොවේ.මල්මි කියන ලෙස බැසිල් ගෙ ඊ මේල් එක මහ පුවතක් වන්නෙ ඊ මේල් ගැන නොදන්න සමාජයකටය. අපේ බහුතරයකගෙ විමසිල්ල බින්දුවය. ඉන්දික තොටවත්ත ගැන අසා නැති අය සිටිනවා කීවොත් ඔබ විශ්වාස කරනවාද

කේන්දරකාරයන් ට අපේ සමාජය නාස් ලනුවක් දමා දක්කන්නට පුලුවන් වී ඇත්තේ එබැවිනි.මෙය මහින්ද රාජපක්ෂ දුටුවේය. ඔහු කේන්දරකාරයන් පිරිවරාගෙන ගියේ දඩයම් බලු රෑනක් පිරිවරායන වැද්දකු මෙනි. විචාර බුද්ධියක් දුටු සැනින් බුරා පැන්න මේ බලුරෑන ඉදිරියේ ගස් ගල් පවා නිරුත්තර විය.

මැතිවරනයක් ගැසට් කල විග්සම එහි අනාවැකි කියා විපක්ෂ ඡන්දදායකයා මඤ්ඤං කරයි. මේ අවුලෙන් බේරෙන්නට ජනතාවගේ විචාර බුද්ධිය අවදි කිරීම කිසිදා කල නොහැක. ඒ වෙනුවට අර ජාතියෙම් බලු රෑනක් හදා ගත යුතුය. යෝගීන් හා අන්ධ අනාවැකිකාරයන් බිහිවන්නෙ ඒ පසුබිමේය. මේ අයට සිරස මැදිරියේදී පමනක් හාස්කම් කල හැක.වෙනත් තැනකදී ඔවුන්ගේ අධිමානසික බල හරිහැටි ක්‍රියාත්මක නොවේ.

එහෙත් මේවා එකෙහෙලාම ඉවත දැමීමද සුදුසු නැත. ලංකාවේ ඊනියා දේශපාලන යෝගීන් හා අන්ධයන් නොව එඩ්ගාර් කේසි ,බාබා වැන්ගා වැනි අය සමහර පුදුමාකාර අනාවැකි පවසා ඇත.එහෙත් ඔවුන් කී අනාවැකිවලිනුත් 99% ක් ම වැරදිය. නමුත් කී ඉතිරි 1%  පුදුමාකාරය. එය දක්ෂ අනුමාන කිරීමකින් ක්ව නොහැකිතරම් විශ්මය ජනකය. ඔවුන්ගේ ජනප්‍රියත්වයට පත් අනාවැකිවැකිවලින් ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ අර 1% යි

2 comments:

  1. උඩුවේ බලට දෙන සුපියල් 10 මට දියන්... මම දෙන්නම් උන්දැට..

    ReplyDelete
  2. මම බෞද්ධයෙක්, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙනවා කියලා තියෙනවලු. ඒත් ඒකෙන් මට කිසිම වාසියක් වෙලා නෑ. ඕකත් හරියට එලිසබත් රැජින බ්‍රිතාන්‍ය රාජ්‍ය නායිකාව යැයි හැඳින්වීමට සමානයි. ඉතින් ඔයවගේ සංකේතාත්මක දෙයක් ගැන හිතන්නේ ඇයි.

    ReplyDelete