Thursday, April 28, 2016

දැනුම පිලිබද දේවතාවුන් නැත.

සෑම මසක් අවසානයේදීම බ්ලොග් විචාරයක් කල යුතුය කියා සිතුවෙමි. මෙම බ්ලොග් එක බ්ලොග් විචාර සදහා වෙන් කරමි. එය දෙසතියක් මසක් හෝ ඊට වැඩි කාලයක් සදහා විය හැක.සාමාන්‍යයෙන් දැන් මා බ්ලොග් කියවන්නේ අහම්බෙන් වගේය.ඒ නිසා සමහර බ්ලොග් මගහැරී යාමට ඉඩ ඇත.  අපූරු ලිපි නම් අමිල චතුරංගේ ගෑනු නිදහස ලිපියත් ට්‍රාන්සිල්වේනියාවේ ලෙනින්ගේ මල සිරුර ගැන ලිපියත්මගේ ලෝකය හා එපිට ලෝකයේ පිරමීඩ ගැන තිබූ ලිපියත්ය. 

3lanka හැර ඕනෑම බ්ලොග් එකක කොමෙන්ට් කරන මා එම බ්ලොගය සින්ඩියක දැක්කොත් සාමාන්‍යයෙන්  අත නොහරින බ්ලොග් එකකි.ඊට හේතුව අජිත් පරකුම්ගේ ලේඛන ප්‍රතිභාව නිසයි.බොරුවක් කිව්වත් ඔහු එය අපූරු තර්ක යොදා සිත් ගන්නා සුළු ආකාරයට ඉදිරිපත් කරයි. නමුත් ඔහු කියන කාරනා බහුතරයක් ඇත්ත බව පෙනේ.

ඔහු මෙවර විචාර කලාව ගැන අපූරු දෙයක් කියා ඇත.එනම් නිර්ප්‍රභූ ලේඛකයන් ලයිසන් ගත් විචාරකයන්ගෙන් බේරා ගැනීම සම්බන්ධවයි.
වරලත් විචාරකයන් පිරිසක් සිටින අතර පැරකුම් ඔවුන් ගැන අපූරු අර්ථකථනයක් දෙයි. එනම් ඔවුන් කරන්නේ පොත් කියවීම, පොත් කියවනවාට වඩා තමන් කියවනවා යයි කියවීම, පොත්වලින් කෑලි අහුලා ගැනීම, ඒවා වෙනත් තැන්වල කොපි පේස්ට් කිරීම, අපට හමු වන සමාජ ප්‍ර‍ශ්න ඒ පොත්වල තිබුණු දේවලට අනුකූලදැයි පරීක්ෂා කිරීම, එයට අනුකූල නම් හරි දැමීම හා නැතිනම් වැරදි දැමීමයි

 මට තවත් දෙයක් එකතු කරන්නට තිබේ .පශ්චාත් නූතනවාදී ලේඛන දෙස බලන විට ඒවායේ මුල් ඉංග්‍රීසි පිටපත සිංහල එකට වඩා තේරුම් ගැනීම පහසුය.වැරදි අවබෝධය ,සිංහල ලිවීමේ නොහැකියාව සහ වැරදි පරිවර්තන නිසා ඒවා හත්මාලුවක් අන්ඩර දෙමලයක් වී ඇත.මහන්සි වී ඒවා කියවාගත් විට මෙය මීට වඩා සරලව ලියන්න තිබුනා නේද කියා සිතේ.රසකාරක ලෙස ලකාන් ජිජැක් වැනි පුද්ගල නම් තැනින් තැනට ඔබ්බන්නේ මුද්දරප්ප්ලම් ඔබ්බන ලෙසටයි.

වරලත් උගතුන් විසින් සෙසු ජනයා මැඩීමට හොද උදාහරනයක් නම් සුචරිත ගම්ලත්ය. ඔහු කලක් දිවයිනට මහා ප්‍රභූ ලීලාවෙන් ලිපිපෙලක් ලියූ අතර අද මෙන් කොමෙන්ට් දැමීමේ පහසුවක් නොවූ නිසා මුද්‍රිත මාධ්‍ය ජරාව ගිලින්නට සිදුවූ අතීතයේ අපට විකල්පයක් නොවීය.ගම්ලත් ඔහු සමග වාදයට එන අය නිහඩ කලේ ඔහුගේ සහතික වලිනි.සහතික ගැනද අපූරු උපක්ල්පන ඔහුගේ ගුරු ගුන සමර ලිපි කියවීමෙන් අපට ලැබුනි.

ගම්ලත් මුලින්ම කියන්නේම අහවල් පොත කියවා ඇද්ද කියාය. කියවා ඇති බව කී විට ඊලගට අසන්නේ කියවා මදි බවත් කියවා ජීරනය කරගත යුතු බවත්ය.

බොහෝ මෙම පඩිවරු වම්මුය. ඇත්තටම ඔවුන් වම්මු වී ඇත්තේ සැබෑ සමානාත්මතාව ඔවුන් අනුගත වී ඇථි නිසා නොව විවිධ හේතු නිසා ඔවුන් ප්‍රභූ සමාජයෙන් නොසලකා හැරීම් වලට ලක් වන නිසාය. ප්‍රභූන් ඔවුහු ගනන් නොගනිති. ඔවුන් සමානාත්මතාවාදීන් වී ඇත්තේ එබැවිනි. එහෙත් ඔවුන් ට තරාතිරම ,ලොකුකම රැකගැනීමට අවශ්‍යය.

දැණුමේ ප්‍රභූත්වය අවසන් කල යුතුය. මෙය වැඩවසම් ලැදියාවකි.
 මාක්ස්ගේ ප්‍රාග්ධනයෙන් එහා ලොවක් නැති බව සිතා සිටින ජවිපෙ හා පෙරටුගාමී බැතිමතුන් දැනුම වන්දනයට හොද උදාහරනයකි. දැනුම වන්දනය යනු නව දැනුම සොයායාමට බාධාවකි. ත්‍රිපිටකය,බයිබලය,කුරානය ,දාස් කැපිටාල් මෙසේ වන්දනයට ලක් වන දැනුමය. සුචරිත ගම්ලත් ඊනියා මාක්ස්වාදී කලා විචාරයේදී අසන්නේ මාක්ස් ලෙනින්ලාට වරදින්නට හැකිද කියායි.


සමාජ ජාල ප්‍රචලිත වූ පසු මොහු අන්ත වැඩවසම් උපමාවක් ගෙන ගස් බඩගාන අය සමග මොන සංවාදද කියා ප්‍රශ්න කලේය.

වාමාංශිකයන් අතර මෙම දැනුම වන්දනයබහුලය. ඔවුන්ගේ බයිබලය( හෙ කුරානය ) වන දාස් කැපිටාල් හි පරම සත්‍ය ඇති බවත් ඉන් එහා සිතීම පාපයක් බවත් කියමින් නිර්මානවාදී ආගමිකයන් ශුද්ධ ග්‍රන්ථ වල පාඨ උපුටා දක්වන ලෙස ලෙනින්  ට්‍රොට්ස්කි වැන්නවුන් ලියූ දේවල් අකුරුද නොවරදවා ඉදිරිපත් කරති. මොවුන්ට මෙය උරුම වුනේ කිතු දහමිනි.

එහෙත් මූලික කොමියුනිස්ට් සමාජය,පංති විග්‍රහය ,සමාජ ප්‍රගමනය, පංති සටන,විප්ලවය, ආදී සමස්ත මාක්ස්වාදයම වැරදිය.මෙසේ කියන විට මෙසේ කීමෙන් පවු සිදුවන බවත් අපායෙ යන බවත් මාක්ස්වාදීන් කියා හිස අත් බදා ගැනීමට ඉඩ ඇත.


ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ ඉයන් සමග ඇනෝවෙකුගේ අපූරු සංවාදයක් අතර රුවන් මෙසේ අසා තිබිනි.එහිදී ඇනෝ පටන් ගන්නේම බැන අඩගසමිනි. ඉයන්ද එහිදී වඩා හොදින් තර්ක කලේ නැත. ලේඛකයා ප්‍රකාශකර සිටියේඔබ මුලින්ම වධකයෙකුත් පසුව බිල්ලෙකුත් වන බව පෙනේ කියාය. ඇත්තෙන්ම දැනුම වන්දනය කරන නව බමුනු කුලයක් දැණුම හරහා ගොඩ නගන මොවුහු මුලින් වධකයෝත් පසුව බිල්ලෝත් වන අමනයෝය.

ශ්‍රම සමානාත්මතාව සහිත උතුම් සමාජයක් ගැන මගේද ප්‍රාර්ථනාවක් ඇත.එහෙත් එය උදාවන්නේ මිනිසා භෞතිකව සහ අධ්‍යාත්මිකව පරිනාමය වූ පසුවය.වෙනත් සියලු ළදරු වලිප්පුකාරයන් ඉල්ලන්නේ දැනට තිබෙන අයුක්තිය වෙනත් අයුක්තියකින් ආදේශ කිරීමය. රුසියාවේ වැඩවසම්වාදය දරුණු ඒකාධිපති නිළධාරීවාදයකින් ආදේශ වූ පරිදිය.



දැනුම සම්බන්ධ ප්‍රභූත්වයකින් සංවාද වලට එළබිය යුතු නැත. ඇත්තටම දැනුම යනු කුමක්ද .නිෂ්පාදන ක්‍රමවේද  ගැන අවබෝධයයි.කුඹුරක් සීසාන්නේ කෙසේද පුටුවක් සාදන්නේ කෙසේද මෙන්න මේවා දැනුමයි.නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වේ. නව ක්‍රමවේද සොයාගනු ලැබේ.මෙසේ වෙනස් වනවාට සමගාමීව සමාජය වෙනස් වේ.නිෂ්පාදන ක්‍රමවේදයේ අවශ්‍යතාවලට අනුව ව්‍යුහ ගොඩ නැගේ. මේ ව්‍යුහ තුල එකිනෙකාගේ භූමිකා ඇත. මේ භූමිකා එකක් අනෙකට වඩා උසස් හෝ පහත් නොවේ.නමුත් සමහර භූමිකා දීර්ඝකාලීන පුහුණුවකින් පසුත් වෙනත් ඒවා කෙටිකාලීන පුහුණුවකින් පසුත් ඕනෑම හෝමෝ සාපියන් සාපියන් කෙනෙකුට කල හැක. ඇත්ත එයයි.

සමාජ විද්‍යාවන් යනු ස්වාභාවික විද්‍යාවන් පසුපස කනවැල අල්ලමින් යන විශයන්ය.18,19 සියවස්වල ස්වාභාවික විද්‍යාවන්ගේ දියුණුවත් සමග ඊට අනුරූපීව සමාජ විද්‍යාවන් තනා ගන්න ලදී. සමාජ විද්‍යාවන් තුල වචන උඩප්පරන් ගැසීම බහුලය. විධිමත් අධ්‍යාපනයක් නොලැබූවන් පමනක් නොව ස්වාභාවික විද්‍යාවන් විධිමත් ලෙස හැදෑරූ අයත් මේ වචන සෙල්ලම දැක වශී වෙති.මේ ලේඛනවන ඇති අනවශ්‍ය ගාම්බීරත්වය ගැන මෝහනය වූ උගතෙකුට මෙහි ඇත්තේ දුර්වල පරිවර්තන හැකියාව සහ සිංහල භාෂාව ගැන අඩු දැණුම පමනක් බව මම මහත් අපහසුවෙන් තේරුම් කර දුනිමි. ඔහුට සිනහ පහල විය.


දැනුම පිලිබද දේවතාවුන් නැත.

Tuesday, March 29, 2016

බ්ලොග් සම්මාන උලෙල

ඇත්තෙන්ම බ්ලොග් සම්මාන ගැන මට මුලින් තිබුනේ දැඩි ඍනාත්මක අදහසකි. මෙය බ්ලොග් කලාවෙහි විනාශයට හේතුවනු ඇතැයි දැඩිව විශ්වාස කලෙමි. එහෙත් මගේ එම අදහස් වෙනස් වී ඇත. අප සැමදාම එකම මතයක සිටිය යුතු නැත. එසේම අප දරන බොහෝ මත වැරදි විය හැක. මන්ද අප අපේය කියා සිතන අදහස් ඇත්තෙන්ම වෙනත් අය පැටවූ හෝ අපට ලැබුන සීමිත මූලාශ්‍ර මත පදනම් වන බැවිනි.

රසික  වෘත්තිමය නොවන හැසිරීමක් ගැන අදහසක් දක්වා තිබිනි. එහිම රසික සමග පැරා සමග කතා කිරීමට සමහරුන් බියවූ බවද කියා තිබුනි. එය නම් ඇත්තකි. අපේ සමාජය බියපත් ගැත්තන්ගෙන් බහුලය. ගුටි කෑම නතරවූ සැනින් පටන්ගන්නෙ අනෙකාට තැලීමටය. (මෙය මා අහුලා ගත්තේ ඉෂාක් බශෙවිස් සිංගර්ගේ පොතකිනි.)කෙනෙක් සමග මුහුන දී කතා කරන්නට බිය අය ද සිටිති.මේ තත්වය ඇතිවුනේ කුඩා කල සිටම වන්දන් කිරීම නිසාය. ගුරුවරුන්ට පූජකයන්ට ආරක්ෂක අංශවල අයට ගරු කිරීමේ පුරුද්දක් ඇත.මෙය අනවශ්‍ය දෙයක්ය යනු මගේ හැගීමයි. මෙසේ ගරුකරන අයම තමන්ට වඩා දුර්වල අයෙක් දුටු විගස හිංසා කරන්නට පෙලබෙයි. අපට හුරු  පීඩක පීඩිත සම්ප්‍රදායක් මිස ඉගැලිටේරියන් සම්ප්‍රදායක් නොවේ.අපේ රටවලට ගැලපෙන්නේ රජවරුය.වැද නමස්කාරකරන්නන් බහුල බැවිනි.එසේම කෙනෙකුට හොද හෝ නරක යැයි සහතික දීමටද ඉක්මන් නොවිය යුතුය. සුදු කලු චරිත නැත ඇත්තේ අලු චරිතය.

වත්මන් රජය  මෙම වන්දනාමාන සංස්කෘතියට අනුග්‍රහයක් නොදක්වන බව මගේ මතයයි. මම නම් විශ්වාස කරන්නේ අප වන්දනාමාන කල යුත්තේ දෙමවුපියන්ට පමනක් බවය. බල්ලට පූසට වදින සම්ප්‍රදාය විහිලුවකි. පසුගිය රජය මෙම වන්දනාමාන සංස්කෘතිය හැදියාවක් ලෙස ප්‍රවර්ධනය කලේය.එහි අවසන් අරමුන රජුට නමස්කාර කිරීමයි ඉන්පසු රජපවුලේ සියලු නොපනත්කම් ඉවසීමයි.පවුලේ අය හැරුන විට සෙසු සියලුම මිනිසුන් හා තිබෙන්නේ ආර්ථික හා නීතිමය සම්බන්ධකම්ය.තමනට වඩා ඉහල නිළධාරීන්ට රාජකාරිමය වශයෙන් අවනත වීම වෙනම දෙයකි.

මිනිසුන්ට අනවශ්‍ය ගරු කිරීම් නොකල යුතුබව මට උදාහරන මගින් ඉගැන්වූයේ චීවරධාරීන්ය.  මොවුන් ඕනෑම කඩප්පුලිකමක් කර සිවුරේ සැගවෙති. සමාජය මොවුන් ගේ වැරදි හෙලා නොදකින්නේ මේ අපූරු වස්ත්‍රයේ ආනුභාවයෙනි.ඔබ කෙනෙකුට අනවශ්‍ය ගරුකිරීම් කරන්නේනම් ඔහුගේ හැම නොපනත්කමක්ම ඉවසීමට සිත හදා ගත යුතුය.ගෞරවය දිය යුත්තේ ක්‍රියාවටය පුද්ගලයාට නොවේ.

සමානාත්මතාව පිලිබද  ධර්මතා අපේ වැනි ආසියානු සමාජයන්ට හුරු කිරීම ඉතා අසීරුය.ඇත්තෙන්ම නියම සමානාත්මතාවය බිහිවන්නේ අනාගතයේදී තාක්ශනය තුලින් බව මම විශ්වාස කරමි.තාක්ශනය තුලින් මිනිසාගේ හැකියාවන් ට යම් සීමිත බවක් ලබාදුන් දිනක නියම සමානාත්මතා සමාජය බිහිවනු ඇත.

රසික හා පැරා දෙදෙනාම බ්ලොග් ලෝකයේ අති දක්ෂයෝය .එහි විවාදයක් නැත. එහෙත් ඔවුන් පොරවල් කර ඔවුන්ට වන්දනාමාන කිරීම ඔවුන්ට කරන අසාධාරනයකි.එයින් සිදුවන්නේ බ්ලොග් ලෝකයේ පූජක සංස්ථාවක් බිහිවීමයි. මානව ඉතිහාසයේ සමහර මිනිසුන් පොරවල් කර ඔවුන් වටා පුදපූජා සහිත ආගමික සංස්ථා ගොඩ නැගුන බව අප දනිමු. දේවාල සාදා දෙවි දේවතාවුන් ලෙස අදහන්නේද රසිකලා පැරාල මාතලන්ලා  වැනි මිනිසුන්මය.

තමන්ට වඩා දක්ෂතා තිබූ මිනිසුන් මියගිය පසු ඔවුන්ගේ ආත්ම  ජීවත්වන්නවුන්ට වඩා බලවත් කර පිහිට පතන්නට හුරු වූහ.කාලය සමග මෙම චරිත අත්භූත චරිත බවට පත්විය.මෙම සම්ප්‍රදාය දිගටම ගියානම් රසික ඔසී රටේ සිට ගුවන් මගින් මෙහි ආවා කියා ලිවීම රසිකට කරන මදිකමක් ලෙස සාහිත්‍යකරුවා විසින් සලකා රසික එර්දියෙන්  බ්ලොග් සම්මාන උලෙලට ආ බව ලියා තබනු ඇත.

බ්ලොග් ලිවීමේ වටිනාකම මෙම බ්ලොග් උලෙලින් මොනවට පැහැදිලි විය. එනම් බ්ලොග්කරුවන් ලියන දේ අප සිතනවාට වඩා ඵලදායී ලෙස සමාජගත වන බවයි .කොමෙන්ට් තුලින් කැපී කෙටී ඔපමට්ටම් වී වඩා සුන්දර මානික්‍යයක් බවට පත්වන බ්ලොග් ලිපිය සමාජයේ හැම තරාතිරමකම අය කියවන බවයි. මෙම ක්‍රමය අතීතයේද තිබිනිනම් උතුරේ තිස් අවුරුදු යුද්ධය හා දකුනේ කැරලිද  මගහරවාගත හැකිවනු ඇත.

එසේම බ්ලොග්වල අධිපති මතවාද නැත. අධ්‍යාපනයෙන් වැඩක් නෑ පක්ෂය දෙන අධ්‍යාපනය යි නියම අධ්‍යාපනය. අප එකත්පස්ව එය හැදෑරීමත්  විනය රැකීමත් පමනයි අවශ්‍ය " වැනි ත්‍රස්තවාදී රාමු බ්ලොග් ලෝකයේ නැත. එහි ඕනෑම මතයක් ප්‍රශ්න කල හැක. බ්ලොග් ලියන සියල්ලෝම සමානයෝය

අවසාන වශයෙන් බ්ලොග් ලිවීම ගැනද යමක් කිව යුතුය. පිස්සුවෙන් මෙන් බ්ලොග් ලියන්න හෝ බලන්න ගියොත්නම් වැඩිකලක් බ්ලොග් කෙරුවාව කල නොහැක. බ්ලොග් ලිවීම හා කියවීම කල යුත්තේ තම සතුට උදෙසාය.කොමෙන්ට් කල යුත්තේ එය අවශ්‍යම යැයි හැගෙන විට පමනි. මෙම කාරනයද බොහෝ බ්ලොග්කරුවන් තේරුම් ගෙන ඇත.


ඒ එස් (ආදි සිසුන් )ලා හා අයි එස් ලා. පාසල්වල ආදිසිසු ත්‍රස්තවාදීන්

 වෘත්තීය බ්ලොග්කරු අජිත් පැරකුම් අපූරු ලිපියක් ලියා ඇත. අජිත් පැරකුම් යනු මීලග බ්ලොග් සම්මාන උලෙලේ හොදම බ්ලොගයට හිමි සම්මානය ලබන්නායි.එය අනාවැකියකි.


බලන්න ඔහු කියන්න ඇති දේ නිසි ලෙස කියා ඇති අයුරු.

ආදි ශිෂ්‍යයන්ට පාසලට පරිත්‍යාගයක් කිරීමට කැමැත්තක් තිබේ නම් එසේ කිරීම වෙන ම කාරණයකි. එහෙත්, එම පරිත්‍යාගය භාර ගත යුත්තේ කොන්දේසි මත ය. එම පරිත්‍යාගයේ මුවාවෙන් පාසලේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඉඩ නො දිය යුතු ය. අද වන විට ආදි ශිෂ්‍ය සංගම් පාසල් තුළ විශාල වශයෙන් ව්‍යාපාරවල යෙදී සිටියි.//

පාසල්වලට අවශ්‍ය වියදම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලබා දිය යුතු ය. පාසල් වැඩ කළ යුත්තේ එම වියදම් සීමාව තුළ ය. ඉන් එහා පාසල් හදන්නට විදුහල්පතිවරුන් දැගලිය යුතු නැත. විදුහල්පතිවරුන් අරමුදල් සම්මාදමේ යාම වහා ම නැවැත්විය යුතු ය.

මෙවැනි තත්වයන් ඇති වන්නේ විදුහල්පතිවරුන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත නොව, ආදි ශිෂ්‍ය සංගම්වල උවමනාවන් මත කටයුතු කරන්නට යාම නිසා ය. //



පාසල්වාදය ත්‍රස්තවාදයටත් වඩා භයානක බව ඔහු කියා ඇත. ගාල්ල සවුත්ලන්ඩ් සිදුවීමේදී ආදිසිසුවියන් සිසුවියකට පහරදීම ඔහු ගෙන හැර දක්වා තිබිනි. ආදි සිසුන් යනු බොහෝ පාසල් මෙහෙයවන්නන්ය. ඇත්තෙන්ම බොහෝ දෙනාට පාසල යනු සුදුසුකම් නැතිව රැකියාවට යන මගකි. වැඩ කරන තැන අයුතු ප්‍රයෝජන ලැබීමට මගකි. බොහෝ ප්‍රසිද්ධ පාසල් පාලනය කරන්නේ මෙම ත්‍රස්තවාදීන්ය. ආදි ශිෂ්‍ය කෝටාව තුලින් ඔවුන් ඊලග පරම්පරාවද මෙම පාසලට දමාගෙන පාසල  බමුනාගේ පූන නූල කරගෙන ඇත.


මචන් අපි එක ඉස්කෝලෙනෙ කියා ඕනම බලුවැඩක් කරගනී. මෙසේ බලු නිකායවල් ගනනාවක් මේ රටේ ඇත. ඉන් එකකට හෝ අයත් වීම මහත්ඵල මහානිසංස ලැබෙන්නකි.ප්‍රයිවෙට් සෙක්ටර් එකේ ඉන්ටවීව් වලදී පාසලට ලකුනු 50 ක් වත් ලැබේ. පාසල උඩ දාගෙන ඉන්නෙ ඔය වගෙ හොර පාරවල් නිසාය. හොරකමකට මාට්ටුවුනත් ලොකු තැන්වල ඉන්නෙ එක ඉස්කෝලෙ එවුන්ය. මේ චාන්ස් එක ගමේ හොරපොල් කඩන එකාට නැත. මහා පරිමාන වංචාවල යෙදුන උන් බේරෙන්නේ මේ පාසල් මාතාවගෙ අම්මගෙ රෙද්ද නිසාය.


ජාතිවාදය හා ආගම්වාදය හා පක්ෂවාදයටත් වඩා ලංකාවේ ජනයා දරුනුවටම ගිලී සිටින්නේ පාසල්වාදයේය. ලොකු පාසල් වල ආදි සිසුන් හා කාර්යන් අතර වෙනස  කාරයන් එලිපිට සිය ම්ලේච්ඡත්වය පෙන්වීමයි.


අබු බකර් අල් බැග්දාදි ඉරාකයේ හා සිරියාවේ සටන් කරයි.ඒ ඔහු ගිලී ඇථි අන්ත ගෝත්‍රිකත්වයක් නිසාය. ආදිසිසුන් පාසල් මාතාවක් වෙනුවෙන් මැරෙන්න දගලන්නේද ඊටම සමාන ගෝත්‍රිකත්වයක් නිසාය. බැග්ඩෑඩිටත් ලංකාවේ ආදි සිසුන්ටත් වෙන වෙනම ජාවාරම් ඇත.

 මටනම් පාසල වගේ වගක් නැත. මා බැදීම් බොහෝ දුරට අඩුකරගෙන සිටින බැවිනි. මට රෝයල් ගිය එකාත් ආනන්දෙට ගිය එකාත්  සෙන් තෝමස් ගිය එකාත් හින්දු කොලෙජ් ගිය එකාත් සහීරාවට ගිය එක්කාත්  මහමූකලානෙ කනිෂ්ටෙට ගිය එකාත් එකය. දැනුම සෙවීමට ඇති මාවත් ගනනාවකින් එකකි පාසල. එහෙත් ඇතැම් එකාලාට පාසල අම්මගෙ රෙද්ද වී ඇත. 

දිනක් මිතුරෙක් ඔහුගේ ෆෝන් එකේ තිබූ ඔහුගේ පෝස්ට් එකක් පෙන්වා මේ කොහෙදැයි ඇසීය. මට කොතරම් කල්පනා කලත් මතක් කරගන්න  බැරිවිය.

"ම්හ්හු බෑ"

අපේ ඉස්කෝලෙ ඔහු බැරිම තැන කීවේය.

දැන් හැමතැනම ගොඩනැගිලි ඉදිකර විශාල විපර්යාසයකට බදුන් කර තිබූ පාසලට මා කලෙකින් ගොඩ වැදුනේ නැත.මට පාසල ගැන මහලොකු හැගීමක්ද නැත. එහෙත් රටේ බහුතරය එසේ නොවේ. පාසල වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම්ය.

පාසල් වාදය ගැන අපූරු ලිපියක් ජේමිස් බන්ඩා ලියා තිබිනි.ජේමිස් බන්ඩා යනු බ්ලොග් ලියන්නන් අතර සිටින ප්‍රගතිශීලියෙකි.අලුත් විදියට සිතන්නෙකි.ඔහු පාසල්වාදියෙක් නොවේ.ලිපියේ තිබුනේ වෙනත් ඕනෑම දෙයකදී සන්සුන් වන බන්ඩගෙ මිතුරෙක් පාසල යන වදන ඇසෙනවිටම මාරාවේශ වන කතාවකි.


ඇත්තටම කුමක්ද මෙයට හේතුව. බන්ඩා අපූරු හේතු දක්වා තිබිනි.පොඩිකාලෙ සිටම සම්ප්‍රදායන් ,චාරීත්‍ර,හැසිරීම් ආදිය තුලින් වෙනස් අනන්‍යතාවයක් ලබා දෙයි.තමන් සෙස්සන්ට වඩා වෙනස් බවත් උසස් බවත් යටිසිතට කාවද්දයි.පාසල් පාසල් අතර ගුටි කෙලිවලින් මෙය ශක්තිමත්වේ. පුද්ගලයාගේ මුලු ලොවම පාසල වටා බ්‍රමනය වන බව ඒත්තු ගන්වයි.

පාසලෙන් ඉවත් වූ පසු රැකියාවක් ලබාගැනීමේදී පාසල් සබදතා ප්‍රයෝජනවත්ය.සමහර කොම්පැනිද  ආදිශිෂ්‍යයන්ට තිබේ. ඒ හැර සමාජ සබදතා වලදී මෙම පාසල් ජාලවල සාමාජිකයෙක් වීම ආරක්ෂාවට හා පැවැත්මට හොදය. එනයින් පාසල යනු එක්තරා කුලයකි.

පාසල්වාදය යනු අධිපතිවාදයකි. ලොකු ඉස්කෝල තිබෙන්නේ පොඩි ඉස්කෝල තිබෙන නිසාය. ලොකු ඉස්කෝලවල අය ලොකු වන්නෙ පොඩි ඉස්කෝලවලට සාපේක්ෂවය.

ගෝත්‍රවලට බෙදී සිටින්නේ අපගේ හීනමානය නිසාය. අනුන් ගැන ඇති බය නිසාය.ලොකු ඉස්කෝලකාරයෝ වෙනත් ලොකු අය සමග තරගයකි. පොඩි එවුන් ඉදිරියේ ලොකුකම දැම්මද ආගමික වශයෙන් වෙනස් ලොකු ඉස්කෝල සමග තරගයක් ඇත. මෙහෙම ඉස්කෝලවල ආගම්වාදය ඇවිස්සීම නිරතුරුව සිදුවේ.චන්ද්‍රිකා යුගයේ දී ප්‍රශ්නයක් ආ විට  මේක අපේ පොදු ප්‍රශ්නයක් යැයි ඔවුන් කීහ.නෑ නෑ මේක පොදු නෑ ඔහෙලගෙ ප්‍රශ්නයක් කියා අප කිව යුතු වෙමු.

දෙදෙනෙක් පාරේ යනවිට මුදල් පසුම්බියක් වැටී තිබී එකෙක් අහුලා ගත්තේය. එය තමන්ට තනිවම අයිති බව කියමින් ඔජවඩමින් යන විට අයිතිකාරයා අසුපිට කසයක්ද රැගෙන ඔවුන් ඉදිරියට ආ පසු මේ පසුම්බිය අපි දෙන්න අහුලගත්ත නේදැයි අහුලගත් එකා අනෙකා දෙස බලමින්වෙව්ලමින් කීවේය. එවිට අනෙකා දැන්ද අපි ව මතක් වුනේ කලින් මමය මාගේය සින්දුව නේද කීවෙ. දැන් ඔයා තනිවම බේරගන්න කියා ආපසු ගියේය.

මම නම් සිතන්නෙ කිසිම කෙනෙකුට විශේෂත්වයක් නොදැක්විය යුතු බවය. සැම  දෙනාම කරන්නෙ සෙසු සමාජය වෙනුවෙන් සිය භූමිකාවයි. එහි උසස් පහත්කම් නැත.


වියපත්වූවන් පවා පාසල් ගැන කියමින් රන්ඩුකරගැනීමෙන් අප තුල ඇති පුංචිකම ඉස්මතුවේ.

Thursday, March 24, 2016

මේ රටේ තිබූ නරකම ආන්ඩුව මොකක්ද

මේ මම නිකම් ඉන්නවිට නිකමට සිතුන කල්පනාවකි. මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවිට අගතිගාමී වීම වැලක්විය නොහැක. ඒ නිර්නායක සම්බන්ධවය. මම මෙහිදී සැලකිල්ලට ගන්න නිර්නායක මගේම ඒවා වේ. මෙහිදී 1947 ඩී එස් ගේ සිට වත්මන් ආන්ඩුව දක්වා සියළු ආන්ඩු සැලකිල්ලට ගැනේ.

ඥාති සංග්‍රහය

මාධ්‍ය මර්ධනය

දරදඩු නීති

රජයේ ප්‍රතිපත්ති නිසා ජනතාවට සිදුවන පීඩනය

නීතිය අවනීතිය වීම

දූෂනය

අවපාලනය

යන කාරනායි.

සංවර්ධන දැක්මක් නොවීම

මෙම නිර්නායක ඔස්සේ විවිධ ආන්ඩුවලට ලකුනු  දුන්නෙමි.ඉහලම ලකුනු ලබා නරකම ආන්ඩුව වුනේ 1970 1977 සමගි පෙරමුනු රජයයි.ලංකාවේ මෙතෙක් තිබූ ආන්ඩු වලින් නරකම ආන්ඩුව ලෙස කිරුළු පලදින්නට සිරිමාවෝ රජයට අවස්ථාව ලැබුන හැටිද සැකෙවින් කියන්නම්.

එම රජය ඥාති සංග්‍රහය අතින් දෙවෙනි වන්නෙ මහින්ද රජයට පමනි. මෙම නිර්නායකය සදහා වැඩිම ලකුනු ලැබුවේ මහින්ද රජයයි.

රජයේ ගුවන් විදුලිය රජයේ හොරනෑවක් විය. එකල විරුද්ධ මටහ්යකට ඉඩ තිබුනේ පත්තරවලය. ඒ දහසක් ගැහැට මැදයි.

එකල තිබූ දරදඩු නීති අනුව පිකටින් එකක් කලත් දේපොල රාජසන්තක වන තරම්ය. රජයට ඕනෑම විරෝධයක් තහනම් කර ජීවිතාන්තය දක්වාම හිරේ දැමිය හැකි විය. මෙම මර්ධනය උරුම වුනේ සමාජවාදී රටවල පැවති ක්‍රමයෙනි.

එම රජයේ සංවෘත ප්‍රතිපත්ති නිසා පෝලිම් යුගයක් ඇති විය.

නීතිය ක්‍රියාත්මක වීම අතින් දුප්පතුන්ට අයුක්තියක් විය. දූෂනය ට හොදම උදාහරනය වුනේ සමූපකාරයයි. මෙම නිර්නායකය සදහාද වැඩිම ලකුනු මහින්ද රජයටයි.

දේශීය කර්මාන්ත රැකීමත් මඤ්ඤොක්ක සිටවීමත් යනු සංවර්ධනය නොවේ. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නංවා විදේශවෙලදපොල ජයගැනීම මිස මඤ්ඤොක්කා සිටවීමෙන් පමනක් රටක් ගොඩ ගත නොහැක.

Wednesday, March 23, 2016

89 කැරැල්ල හා භීෂනය වැන්නක් යලි ඇති නොවීමට නම්

නොකී කතා බ්ලොග් එකේ පලවූ ලිපියක් නිසා අලුත් සංවාදයකට පැටලෙන්නට සිදුවිය. නොකී කතා ලිපිය පාදක කරගෙන ඉයන් අගනා ලිපියක් ලියා තිබිනි.

88 සිදුවීම් ගැන 1990 න් පසු උපන් අය නොදන්නා නිසාත් එවැන්නක් මෙරට නොව ලොව කිසිම රටක යලි සිදුනොවිය යුතු නිසාත් ඒවා ගැන කතා කිරීම ප්‍රයෝජනවත්ය. මෙහිදී ජවිපෙ මෙම යුගය දකින්නේ සිය අහිමි විප්ලවය සිදුවූ යුගය ලෙසයි ජවිපෙ මිනීමරුවෝ ජවිපෙට පිලිම නෙලා නැති විරුවෝය.ඔවුන් වෙනුවෙන් මිහිකත දෙස් දෙනවාලු. එවකට පැවති රජයට අනුව ඉතා සාධාරනව පැවති ආන්ඩුව අවි බලයෙන් පෙරලන්නට තැත් කල කඩාකප්පල්කාරීන් වීර හමුදාව හා පොලීසිය විසින් යුක්තියුක්ත ලෙස මර්ධනය කර ඇත.

එහෙත් මේ දෙපැත්තටම නැතිව සමබරව කතා කරමු.මේ යුගය වනවිට උතුර ගිනිඇවිලෙමින් තිබිනි.රජයේ හමුදා උතුරේ දෙමල සන්නද්ධ සංවිධාන සමග යුධ වැදී සිටියහ.මෙම සන්නද්ධ සංවිධානවලට ඉන්දියානු සහාය ඍජුවම ලැබීම ලොකුම ප්‍රශ්නයකි. ජේ ආර්ට උතුරේ සටන ජයගන්නට බැරිවුනේත් මහින්දට හැකිවුනේත් මහින්දගේ අමුතු මෙව්වා එකක් නොව 1988 සහ 2009 ජාත්‍යාන්තර තත්වයේ මෙම වෙනසයි. ජේ ආර් යනු මෙරට සිටි බුද්ධිමත්ම පාලකයෙකි.ඔහුට දැක්මක් තිබිනි. රට විවෘත කිරීම , පෞද්ගලික විශ්ව විද්‍යාල, කර්මාන්ත කලාප හා මහවැලිය ආදිය තුලින් හොද ආරම්භයක් ලබා දී තිබිනි. එහෙත් උතුරේ කොටිත් දකුනේ ජෙප්පෝත් ඔහුට ඔහුගේ ගමන යන්නට ඉඩ නොදුන්හ.ලලිත් ඇතුලත්මුදලි,ගාමිනී දිසානායක ,රනිල් වික්‍රමසිංහ වැනි දක්ශ ඇමතිවරු සිටීම ඔහු ලද අනෙක් භාග්‍යයයි. එහෙත් රටේ අවාසනාවට සියල්ල අවුල් විය. ජේ ආර් කලේ දකුනු කොරියාවේ,සිංගප්පූරුවේ, තායිවානයේ හොන්කොන් වල කල දෙයයි. එනම් ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් කැප කිරීමයි. එයට වැරදියි කියන්නට බැරිය.

උතුරේ ක්‍රමයට දකුනෙත් සන්නද්ධ ව්‍යාපාරයක් කල යුතුය යන අදහස ඇතැම් වාමාංශික කන්ඩායම් වල තිබිනි. මේ අදහස මුලින්ම සංවාදයට බදුන් කලේ මහජන පක්ෂයයි. ජවිපෙට කවදත් යටිබිම්ගත දේශපාලනයක් තිබිනි. ඔවුන්ට අවශ්‍ය කලේ උතුරු කොරියාවේ,චීනයේ ,සෝවියට් දේශයේ වැනි පාලන ක්‍රමයක් මෙරට ස්ථාපිත කිරීමයි.ඔවුන්ට හිතකර චින්තන සම්ප්‍රදායක් තරුනයන් අතර තිබූ අතර ගොර්බශොෆ් ගේ ප්‍රතිසංස්කරන තව වසර දෙකක් කලින් සිදුවුනානම් 89 භීෂන සමය මේ රටේ උදා නොවන්නට තිබිනි. ජවිපෙ යනු කැරැල්ලකට හේතු සොයමින් වටපිට ගිය වෘකයෙකි. එල් ටී ටී ඊය ටී එන් ඒ එක ආවරනයක් ලෙස තබාගත් ලෙස ශ්‍රීලනිපය ආවරනයක් ලෙස තබාගැනීම සැලසුම විය.

1987 ඉන්දියානු සාම ගිවිසුම අඩන්නට සිටි එකාට ඇගිල්ලෙන් ඇනීමක් විය. මේ වන විටත් යුධ සූදානමක සිටි ජවිපෙ සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් පටන් ගත්තේය. ඒ අතර එජාප ක්‍රියාකාරීන් ඝාතනය, ඇදිරි නීතිය දැමීම බස් ගිනිතැබීමද කලහ.දෙවන කැරැල්ලේ ජවිපෙ උපාය මාර්ගය වුනේ ජනතාව බියවැද්දීමයි. ජනතාව ජවිපෙට බියෙන් බිරාන්ත වී සිටියහ. ආන්ඩුවේ ඇදිරිනීතිය කැඩුවේ බඩගින්නට ඇදිරිනීතිය දාන්නෙ කොහොමද කියා අසමිනි. හැබැයි ජවිපෙ ඇදිරිනීතිය දා මිනිස්සු බඩගින්නටද ඇදිරිනීතිය දැමූහ. මෙම බිය ඇතිකලේ කුරිරු දඩුවම් හා ඝාතන තුලිනි.

ජවිපෙ මිනීමැරුම් අතිශයින්ම ම්ලේච්ඡ විය. සිය සතුරන් මරන ලද්දේ පවුලේ අය ඉදිරිපිටදීය. ඔවුන් කල එකම වරද තම කැමැත්ත පරිදි දේශපාලන පක්ශයක ක්‍රියාකාරී දේශපාලනය කිරීමයි.නැතිනම් ජවිපෙ ඇදිර්නීතිය දා කඩය ඇරීමයි. ජවිපෙ බලහත්කාරී උද්ඝෝෂනවලට නොයාමයි.නැතහොත් තහනම නොතකා කුප්පි ලාම්පුව දැල්වීමයි.පක්ෂයේ අන පරිදි ඕනෑම කෙනෙක් මරන්නට සූදාන පාක්ෂිකයෙක් නිර්මානය කල සැටි අපූරුය. එසේම මරන ලද අයගේ අවසන් කටයුතු කල යුතු වුනේද ජවිපෙට අවශ්‍ය ලෙසය. එනම් දනහිසෙන් පහලට ගෙන යා යුතුය. මෙම නියෝගයට අවනත නොවුනොත් මල සිරුර ගොඩ ගෙන මිදුලට දමනු ලැබේ.


උතුරේ කැරැල්ලක් තියන වෙලාවක දකුන ගිනි අවුලමින් ජවිපෙ කල භයානක සෙල්ලම නැවැත්විය යුතුවිය. එසේම මෙම ජවිපෙ සාමාජිකයන් පිස්සු බල්ලන් නිසා පිස්සු බල්ලන්ට සලකන ආකාරයෙන් ඔවුනටද සැලකීම සුදුසුය. බැරිවෙලාවත් ජවිපෙ බලයට ආවානම් ලංකාව තවත් උතුරු කොරියාවක් වනු ඇත. ජවිපෙ සාමාජිකයාට මිනීමරනව කියන්නෙ අමුදුන්කොල කනව වගෙ වැඩකි.පක්ෂයට විරුද්ධ  කාටත් මරනයයි.ජනතාව යනු කිසිත් නොදත් දැනුවත් කලයුතු අහිංසකයන්ය. ජනතාවගේ හිස මටහ් සිට පක්ෂය මගපෙන්වනු ලැබේ. ජවිපෙ ආන්ඩුවක් 89 දි ආවානම් එතනින් එහාට ලියන්නට දෙයක් නැත. හිතන විටත් හිරිගඩු පිපේ.

දැන් කැරැල්ල මර්ධනය කලයුතුය යන තැනට අපි ඇවිත් ඇත. මුලු රටම අකර්මන්‍ය වී ගෙදරින් එලියට බහින්න බැරි වාතාවරනයක් තිබිනි. රජයේ වගකීම මෙය මර්ධනය කර සාමය ඇතිකිරීමයි.ප්‍රශ්නය ඇත්තේ මර්ධනය කල ආකාරයේය.

1988 දී ජේ ආර්ගේ අවසන් කාලයේදී මර්ධන අනපනත් ගෙන ආ අතර එහිදී වැරදි ගනනාවකට හදිසි තත්ව යටතේ මරන දඩුවම නියම කර තිබිනි.තුවක්කුවක් එල්ලකර තර්ජනය කිරීමද මරන දඩුවම ලැබීමේ වරදකි.අවාසනාවට ජේ ආර් යුගය නිමා විය. ඉන්පසු මේ අනපනත් ගැන කතාවක් නොවීය.ඕනෑම කෙනෙක් මරන්නට හමුදාවට පොලීසියට බලය ලැබුනේ ඉන් පසුය.

පිස්සු බල්ලන් පිරිසක් කලබල කරනවානම් කල යුත්තේ එම පිස්සු බල්ලන් හදුනාගෙන සුවකල නොහැකි උන් වෙන් කරගෙන උන්ට නීත්‍යානුකූලව මරන දඩුවම දීමයි. පිස්සු බල්ලන් හදුනාගැනීමේදී ගෝනි බිල්ලන් භාවිතා කිරීම සුදුසුය.නිවෙස් වලටපැන අත් අඩංගුවට ගත්තට කමක් නැත.

නමුත් මේ සියල්ලෝම කෙටි නඩුවිභාග්යකට යොමු කල යුතුය. ඔවුන් කර ඇති වැරදි සොයාගෙන සාක්ෂි සහිතව ඔප්පු වූ පසු නීත්‍යානුකූලව මරන දඩුවම දිය යුතුය. මෙම ක්‍රියාවලිය ඉඩම් නඩු මෙන් දිග් ගස්සෙන එකක් නොවේ. එසේම සාමාන්ය උසාවියකදී විත්තිකරුට හිමි වරප්‍රසාදහ නොලැබේ. විත්තිකරු වෙනුවෙන් නීතීඥයන් පෙනී සිටීම අවශ්‍ය නැත. අධිකරන මන්ඩලය ,විත්තිකරු හා චෝදකයන් ප්‍රමානවත්ය. මෙහිදී විත්තිකරුට එරෙහි සාක්ෂි ඉදිරිපත් කරනු ලැබේ. සාක්ෂිකරුවන් ගේ ආරක්ෂාව සදහා ද ක්‍රියාමාර්ග ගැනේ.

මෙම ක්‍රියාවලිය තුල අහිංසකයන් සැකයට භාජනය වීම වැලැක්විය නොහැක. අභියාචනා ද නැති නිසා කරන්න දෙයක් නැත. එහෙත් මේ තුලින් සැබෑ කැරලිකරුවන්ට පමනක් දඩුවම් දිය හැක. පිස්සු බල්ලන් මර්ධනය කියා ලව දෙව නැතිව බල්ලන් මැරීමේ ක්‍රමයක් නොවේ. අපි නම් ඒ කාලෙ පොඩි නිසා ජීවිත අවදානමක් නොතිබිනි. නමුත් සියලුම තරුනයන් සිටියේ ජිප් සද්දයක් ඇසුනොත් දුවන්න බලාගෙනය.

වරදකරුවන්ට මරන දඩුවම දීමද කටු කම්බි බැස්සීම ,ඇස් ගැලවීම හම ගැසීම ,පනපිටින් පිලිස්සීම වැනි ක්‍රම නොව වෙඩි තැබීම වැනි ශිෂ්ට ක්‍රමයකින් කල හැක.

නිකම් සිතන්න සේයා සිදුවීමට දඩුවම් දීම පොලීසියට බාර දුනානම් අඩුගානෙ 20 ක් වත් මරයි.

ගාමිනී දිසානායක එදා නුවර සිට කොලබට එනවිට එක දිගට මිනී ය. ඔහුට වාහනය පාලනය කරගැනීමටත් බැරි වුනාලු. කෙලින්ම ගොස් එවකට රාජ්ය නායකයාට කීවේ මේ ක්‍රමයෙන් නම් මෙය පාලනය කල නොහකි බවයි.ලලිත් ගාමිනී වැනි ශිෂ්ට මිනිසුන් එජාප තීරන ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැර වී තිබිනි.ඒ වෙනුවට සිදුවුනේ කිසිම වගවිභගයක් නැති පොලිස් හමුදා දඩ බල්ලන් මුදාහැරීමයි.අහිංසකයන් 20 කට එක ජේවීපීකාරයෙක් ලෙස ඝාතන සිදුවිය.අහිංසකයො 20 ක් මැරිල එතන එක ජේවීපීකාරයෙක් සිටියම ඇති යන්න ස්ලෝගන් එක විය.හමුදාවට පොලීසියට  කැමති ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක මැරිය හැකි විය. ජවිපෙ මර්ධනයෙන් පසුද මිනීමැරීම් නතර නොවීය. රිචඩ් සොයිසා මලේ රටේ සාමය පැවති කාලයේය.රන්ජන් ගේ මරනයත් සමග රටේ පවති භීෂනය අවසන් විය.

විදේශීය රාජ්‍ය නොවන සංවිධාන පැමින හමුදාවට් පොලීසියට වැඩමුලු පවත්වා ඔවුන් කූල් ඩවුන් කලත් සම්පූර්නයෙන්ම තත්වය යහපත් වුනේ ආන්ඩු පෙරලියත් සමගය. එදා පොලීසිය අද පොලීසිය මෙන් නොවේ. පාරෙ යන අයටත් ගුටිබැට දෙන කුනුහරපෙන් බනින බිහිසුනු පොලීසියකි.අත් අඩංඋවට ගන්න අය පහර දීම් වලදී මිය යාම  පුවත්පත්වලට ප්‍රවෘත්තියක්ද නොවීය.භීෂන සමයේ උරුමයක් ලෙස එය 1994 වන තුරුම පැවතුනි.

රතනපාල එරෙහිව ධර්මසිරි නඩුව පොලිස් වධහිංසා වලට එරෙහි එකල ලබාදුන් අපූරු තීන්දුවකි. මෙම තීන්දුවද ලැබුනේ ඩී බී විජේතුංග යුගයේය. (ප්‍රේමදාස යුගයේ අධිකනය ඉතා ස්වාධීන වූ බව අප දනිමු ) .සොරකමකට අත් අඩංගුවට ගත් රතනපාල නමැත්තාට රත්නපුර පොලීසියෙන් වධ දුන්නේ භීෂනකාලයේ වධදුන් අයුරිනි. කුමන හෝ හේතුවක් මත මෙය අධිකරනයට ගියේය.මෙය එකල ආන්දෝලනයක් වුනේ එහි අරුම සොබාවය නිසාය. වධදීම හා මැරීම ආරක්ෂක අංශවල අනුලංඝනීය අයිතියක් වී තිබීම නිසාය.

යළිත් 89 ක් නො එන්නට නම් සිවිල් සමාජය ශක්තිමත් විය යුතුය. තමන් වෙනුවෙන් පෙනී සිටින්නට ත්‍රස්තයන්ට ඉඩ නොදිය යුතු අතර ප්‍රචන්ඩත්වයෙන් කිසිම ප්‍රශ්නයක් විසදිය නොහැකි බව ඒත්තු ගත යුතුය. රතුපස්වල සිද්ධිය බලන්න . 89 රට ගිනිතබූ අයම මෙහිදීද මිනිස් බිලි ගෙන  එම මලමිනී වෙන්දේසි කල හැටි. මේ මෑතක පොලීසියෙන් ගුටි ගස්සගෙන නැටූ නාඩගම බලන්න.පොලීසියට ගල් ගහල පක්ෂෙ අය පස්සට යනව. පොලීසියෙන් ගුටි කෑවම ඒක නිව්ස් එකක් වෙනව. 89 දි කලෙත් මේකමයි. මෙවැනි වරත්ත දේශපාලන පක්ෂ ගැන අවධානයෙන් සිටීමද වැදගත්ය.



 ඌන පූර්නයක් කරන්න තියනවා.
විරුද්ධවාදීන් පැහැරගෙන ගොස් වධදී මරා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම ප්‍රේමදාස රන්ජන් රජය ඊශ්‍රායලයෙන් උගත් දෙයක් බව සමහරු පවසනවා. ඒක නෙවෙයි ඇත්ත. මෙය  සිරිමාවෝ රජය ඉරාකයෙන් උගත් දෙයක්. සදාම් හුසේන් සමගි පෙරමුනු රජයේ ප්‍රධානීන් ත්‍රස්ත මර්ධනය ගැන පුහුණු කලා. 1971 දී මෙය  අත්හදා බැලුනා. නමුත් මහා පරිමානයෙන් අත්හදා බලුනෙ 1989 දී.
සදාම් හුසේන් විසින්ම එවකට ජනපති අබ්දුල් කරීම් කාසිම් ගේ කෙස් වැටියෙන් අල්ලා සිරුර ප්‍රදර්ශනය කලා.
ඉරාකයේ ශියා මුස්ලිම්වරු මෙම ක්‍රමවේදයට ගොදුරු වූ පලමු ජනතාව . නමුත් මහා පරිමානයෙන් මෙයට ගොදුරු වුනේ ශ්‍රී ලාංකිකයන්. ලොව වෙනත් සමාජයක මෙම ක්‍රමය මහා පරිමානයෙන් භාවිතා වූ බව මා අසා නැහැ.

ඉරාකයේ ශියා ජනකොටස මර්ධනයට සදාම්ට මෙම ක්‍රමය මහත්සේ ප්‍රයෝජනවත් වන්නට ඇති. සමගි පෙරමුනේ ආරක්ෂක ඇමතිවරයා පුවත්පත් සාකච්ඡාවකදී මෙම ක්‍රමය ගැන අගයීමක් කලා. විරුද්ධමතයකට කිසිම ඉඩක් නැති මේ අපූරු ක්‍රමය ඔවුන්ට 1971 දී ප්‍රයෝජනවත් වුනාලු.71 චේගුවේරලට එරෙහිව ජයකොඩි දැම්මෙ එහෙමයි.

මෙම ක්‍රමය ඉරාකයෙන් ලබාගත්තත් අපේ රටේ මහා පරිමානයෙන් භාවිතා කල නිසා වැඩි උරුමය අපිටයි.1971 දී අප මෙය මුලින්ම අත්දුටු නිසා ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ මැතිනියට ගෞරවයක් ලෙස මෙය (විරුද්ධවාදීන් පැහැරගෙන ගොස් වධදී මරා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම) සිරිමාවෝ ක්‍රමය ලෙස නම් කරමුද?

සිරිමාවෝ ක්‍රමය ප්‍රේමදාස යුගයේදී දිගුකලක් මහා පරිමානයෙන් භාවිතා කල නිසා අපේ සමාජය තෙම්පරාදු වුනා. ආන්ඩුවක් මිනීමරන එක කොයිතරම් නරකද කියන එක ගැන කාටත් අවබෝධයක් ආවා.

අලුත් හෙටක්

ඉන්ටනෙට් එකේ අපූරු මිනිසුන් සිටිති. සැබෑ ලෝකයේ දුටු පමනින් නමස්කාරයට බදුන් වන භික්ෂූන්ගේ වැරදි මෙහිදී විවේචනය වෙයි.භික්ෂූන් මතුනොව ඕනම ලොක්කෙක් සයිබරයට මායිම් නැත.

සයිබරය තුලින් සමාජ සමානාත්මතාවයක් ඇතිවීද

මටනම් සිතෙන්නේ ඒ එසේ බවයි.

සයිබරයේ ලොක්කන් නැත. හැමෝම සමානය. එසේනම් එය සැබෑ ලෝකයෙන් වෙනස් වන්නේ ඇයි

සයිබරයද ,බිම් මට්ටමද තම්මට්ටමද හරි

ඇත්තටම හරි සයිබරයයි. අප බිම් මට්ටමේදී වෙනස්කම් නිර්මානය කරගෙන සිටිමු.

අපට අනෙකාගෙන් වෙනස් වීමට චාරීත්‍ර උවමනාය,සම්ප්‍රදායන් උවමනාය, උත්සව උවමනාය,ඇදුම් පැලදුම් වල වෙනසක් උවමනාය,ඉන්න තැනේ වෙනසක් උවමනාය. අප මෙයට සංස්කෘතිය කියමු.

එහෙත් සංස්කෘතිය කියා කෙහෙල්මලක් නැත. එකිනෙකාට ඇථි බිය නිසා කල්ලි ගැසීමට අවශ්‍ය නිසා ගොඩ නගගත් විකාරය.

සයිබරයේ මේ මිනිසුන් බහුතරය වුනොත්

අන්න එදාට හද පායනු ඇත..
සයිබරයේ අලි ඇල්ලීමට එරෙහි වී බිම් මට්ටමේදී අලි පෙරහරේ ගියොත්.

එහෙමනම් හැමදාම කලුවරය.

එන්න කතා කරමු. මත ගොඩනගමු ඉන් නොනවතී බිම් මට්ටමට යමු. කිසිවෙකුට විශේෂත්වයක් නොලැබෙන ලොක්කන් නැති හැමෝම සමාන  ඒ සුන්දර ලෝකය ඉදිකරමු.

මට මේ සිතිවිල්ල ආවේ පැරාගෙ අලුත් පක්ෂය නමින් බ්ලොග් ලොව ඇතිවූ හීන් කෙදිරිය මොන හේතුවක් නිසා හෝ යලි සිහිවීමෙනි.

Tuesday, March 22, 2016

ලොකු ඉස්කෝලෙට ගිය ලොකු අය

අද මිතුරෙක් ඔහුගේ ෆෝන් එකේ තිබූ ඔහුගේ පෝස්ට් එකක් පෙන්වා මේ කොහෙදැයි ඇසීය. මට කොතරම් කල්පනා කලත් මතක් කරගන්න  බැරිවිය.

"ම්හ්හු බෑ"

අපේ ඉස්කෝලෙ ඔහු බැරිම තැන කීවේය.

දැන් හැමතැනම ගොඩනැගිලි ඉදිකර විශාල විපර්යාසයකට බදුන් කර තිබූ පාසලට මා කලෙකින් ගොඩ වැදුනේ නැත.මට පාසල ගැන මහලොකු හැගීමක්ද නැත. එහෙත් රටේ බහුතරය එසේ නොවේ. පාසල වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම්ය.

පාසල් වාදය ගැන අපූරු ලිපියක් ජේමිස් බන්ඩා ලියා තිබිනි.ජේමිස් බන්ඩා යනු බ්ලොග් ලියන්නන් අතර සිටින ප්‍රගතිශීලියෙකි.අලුත් විදියට සිතන්නෙකි.ඔහු පාසල්වාදියෙක් නොවේ.ලිපියේ තිබුනේ වෙනත් ඕනෑම දෙයකදී සන්සුන් වන බන්ඩගෙ මිතුරෙක් පාසල යන වදන ඇසෙනවිටම මාරාවේශ වන කතාවකි.


ඇත්තටම කුමක්ද මෙයට හේතුව. බන්ඩා අපූරු හේතු දක්වා තිබිනි.පොඩිකාලෙ සිටම සම්ප්‍රදායන් ,චාරීත්‍ර,හැසිරීම් ආදිය තුලින් වෙනස් අනන්‍යතාවයක් ලබා දෙයි.තමන් සෙස්සන්ට වඩා වෙනස් බවත් උසස් බවත් යටිසිතට කාවද්දයි.පාසල් පාසල් අතර ගුටි කෙලිවලින් මෙය ශක්තිමත්වේ. පුද්ගලයාගේ මුලු ලොවම පාසල වටා බ්‍රමනය වන බව ඒත්තු ගන්වයි.

පාසලෙන් ඉවත් වූ පසු රැකියාවක් ලබාගැනීමේදී පාසල් සබදතා ප්‍රයෝජනවත්ය.සමහර කොම්පැනිද  ආදිශිෂ්‍යයන්ට තිබේ. ඒ හැර සමාජ සබදතා වලදී මෙම පාසල් ජාලවල සාමාජිකයෙක් වීම ආරක්ෂාවට හා පැවැත්මට හොදය. එනයින් පාසල යනු එක්තරා කුලයකි.

පාසල්වාදය යනු අධිපතිවාදයකි. ලොකු ඉස්කෝල තිබෙන්නේ පොඩි ඉස්කෝල තිබෙන නිසාය. ලොකු ඉස්කෝලවල අය ලොකු වන්නෙ පොඩි ඉස්කෝලවලට සාපේක්ෂවය. මෙම ලොකු ඉස්කෝලවලට සාමාන්ය අයටද යාමට හැකිනිසා වෙනම පන්තියක් බිහිවී නැත.මෙම පාසල්වාදය බිදදැමිය හැක්කේ ප්‍රාථමික ,ද්විතියික හා උසස් පෙල ලෙස පාසල් වර්ගීකරනයක් තුලින් පමනි.ලොකු ලෝක සිතියමෙත් අබඇටයක් වන අපේ ජනතාවට පාසල හරහා රන්ඩු කරගන්නට තවත් මාතෘකාවක් ලබා දී ඇත.

ගෝත්‍රවලට බෙදී සිටින්නේ අපගේ හීනමානය නිසාය. අනුන් ගැන ඇති බය නිසාය.ලොකු ඉස්කෝලකාරයෝ වෙනත් ලොකු අය සමග තරගයකි. පොඩි එවුන් ඉදිරියේ ලොකුකම දැම්මද ආගමික වශයෙන් වෙනස් ලොකු ඉස්කෝල සමග තරගයක් ඇත. මෙහෙම ඉස්කෝලවල ආගම්වාදය ඇවිස්සීම නිරතුරුව සිදුවේ.චන්ද්‍රිකා යුගයේ දී ප්‍රශ්නයක් ආ විට  මේක අපේ පොදු ප්‍රශ්නයක් යැයි ඔවුන් කීහ.නෑ නෑ මේක පොදු නෑ ඔහෙලගෙ ප්‍රශ්නයක් කියා අප කිව යුතු වෙමු.

දෙදෙනෙක් පාරේ යනවිට මුදල් පසුම්බියක් වැටී තිබී එකෙක් අහුලා ගත්තේය. එය තමන්ට තනිවම අයිති බව කියමින් ඔජවඩමින් යන විට අයිතිකාරයා අසුපිට කසයක්ද රැගෙන ඔවුන් ඉදිරියට ආ පසු මේ පසුම්බිය අපි දෙන්න අහුලගත්ත නේදැයි අහුලගත් එකා අනෙකා දෙස බලමින්වෙව්ලමින් කීවේය. එවිට අනෙකා දැන්ද අපි ව මතක් වුනේ කලින් මමය මාගේය සින්දුව නේද කීවෙ. දැන් ඔයා තනිවම බේරගන්න කියා ආපසු ගියේය.

මම නම් සිතන්නෙ කිසිම කෙනෙකුට විශේෂත්වයක් නොදැක්විය යුතු බවය. සැම  දෙනාම කරන්නෙ සෙසු සමාජය වෙනුවෙන් සිය භූමිකාවයි. එහි උසස් පහත්කම් නැත.


වියපත්වූවන් පවා පාසල් ගැන කියමින් රන්ඩුකරගැනීමෙන් අප තුල ඇති පුංචිකම ඉස්මතුවේ.