මාධ්‍ය ගැන ලිපියක් බ්ලොග් අඩවියක කියවීමි. ඇත්තෙන්ම මාධ්‍යවේදියෙකු වීම යනු මහත් වරප්‍රසාද සහිත රැකියාවකි.ඕනෑම ලොක්කෙකු සමග සමානයෙක් ලෙස වැඩ කිරීම.ඕනෑම තැනකට ගොස් වැඩක් කර ගැනීම, නොබියව ඕනෑම තැනකට කඩා වැදීම මෙම වරප්‍රසාද අතර වේ.
එසේම තෑගිබෝග ,අත යට ගනුදෙනුද ඉතා පහසුවෙන් ලැබෙන ලස්සන රස්සාවකි.සුළු පිරිසක් අවදානමක් දරාගෙන කටයුතු කළද වැඩි පිරිසකට ඇත්තේ වරප්‍රසාද භුක්ති විදීමයි.
මේ රැකියාවට යාමට සුදුසුකම් මොනවාද.වාචාලකම සහ ලිවීමේ හැකියාවයි.මොනවහරි කුරුටුගාන්න පුළුවන්නම් එච්චරය.
වෙනත් වෘත්තිකයන්ද තම ප්‍රකාශන පවත්වාගෙන යති. උදාහරනයකට වෛද්‍යවරුන්ගේ ප්‍රකාශනයක සියලු සංස්කරන කටයුතු කරන්නේ වෛද්‍යවරුන් විසිනි.වෛද්‍යවරුන් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කලද මාධ්‍යවේදීන්ට වෛද්‍යවරුන් ලෙස කටයුතු කළ නොහැක. මාධ්‍යවේදය යනු විශේෂඥ දැනුමක් අවශ්‍ය නොවන ලිපිකරු මට්ටමේ රැකියාවක් බව පෙනේ.
මාධ්‍යවේදීහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරති. කිසිදු මාධ්‍ය ආයතනයක ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. තමන්ට නිශ්චිත ව වෙන්කරගත් සම්පත් දායකයන් සිටිති. ඇතැම් සම්පත්දායකයෝ මාධ්‍යවේදීන්ට ගෙවති.තම මතය වෙනුවෙන් හතර අතට නටති.
නව තාක්ෂනය හිතුවෙන් මාධ්‍ය භූමිකාව වෙනස් වන්නේ කෙසේද.අද ප්‍රවෘත්තියක් අසුරු සැනෙන් සමාජ ජාල හරහා සංසරනය වේ. එහි වගකීම් සහගත බව අඩු බව සැබෑවකි.නමුත් එය නරඹන අයට තම අදහස් දැක්වීමට ඉඩ ලැබේ.මාධ්‍යවේදියා අධිකාරී බලයෙන් ජනතාව මත පුවත් පැටවීමක් එහිදී සිදු නොවේ.
මාධ්‍යවේදීන්ගේ එක් සුදුසුකමක් නම් වාචාලකමය. විද්‍යුත් මාධ්‍යවල රජකල හැක්කේ මෙවැනි වාචාලයන්ටය.නමුත් ප්‍රවෘත්ති කියවන රොබෝ කෙනෙක් ගැනද ජපානයෙන් අසන්නට ලැබුනි.
ලංකාව වැනි නීතියක් රීතියක් නැති කිසිම දෙයක් පිලිවෙලට සිදුනොවන රටක මාධ්‍යවේදීන් අවශ්‍යය.යමක් හරියට කෙරෙන්නේ මාධ්‍යවල පෙළැඹවීමක් වූ පසුය. මෙම තත්වය අවාසනාවකි.
මාධ්‍යවේදීන් ජනමතය හසුරුවති. සේයා සිදුවීමේදී මාධ්‍ය වල භාවිතාව මොනතරම් ජඩද නිහීනද තුච්ඡද කියා අවබෝධවිය. මාධ්‍ය විසින් පුද්ගලයන් වරදකරුවන් කර එල්ලුම්ගහටම දක්කයි.මාධ්‍යවලින් කෙනෙක් වරදකරුවකු කලපසු එම කැලල මැකිය නොහැක.
සක්විතිට සෝභිත නම් මන්ත්‍රකාරයාට රැවටී සිය සේසතම නාස්තිකරගත්තේ ජනතාව අච්චු අකුරු විශ්වාස කිරීම නිසාය.
මාධ්‍යවේදියා සිය සීමා මායිම් දැනගත යුතුය. ඇතැම් රැකියාවල පරාසය ඉක්මවා වෙනත් භූමිකා ආරෝපනය කරගනු දැකිය හැක. දේශපාලකයා ,ගුරුවරයා උදාහරන වේ. අපට සිටින්නේ ගුරු වෘත්තිකයන් නොව ගුරු පියවරු හා ගුරු මෑනිවරුය.දේශපාලකයෝද ජාතියේ පියවරුය. මෙසේම මාධ්‍යවේදියා විනිසුරු ගේ පූජකයන්ගේ ,පොලිස්භටයන්ගේ භූමිකා ආරෝපනය කරගන්නට යති.තොරතුරු සොයා පරීක්ෂනවල යනවිට හොරුන් කියා අල්ලාගෙන පොලීසියට භාරදුන් මාධ්‍යවේදීහුද වෙති.මාධ්‍යවේදියා මාධ්‍ය භුමිකාව තුල සිටින්නේනම් ප්‍රශ්නයක් නැත. මා කියවූ ලිපියේද තොරතුරු ලබාගැනීමේ අවශ්‍යතාවය මත හමුදාවේ උසස් නිළධාරීන් සමග ඇසුරු කලත් තමන් මේජර් ජෙනරාල් කෙනෙක්,බ්‍රිගේඩියර් කෙනෙක් නොවන බව මාධ්‍යවේදියා සිහිතබාගත යුතුය.මාධ්‍යවේදියා පහල නිළයන්ට සෙබලුන්ට නියෝග දෙන්න ගියොත් එය අවුලක් වේ.
මාධ්‍යවේදියා මහා ප්‍රගතිශීලියෙක් කීවද ඔය හැම මාධ්‍යවේදියෙක්ම සේවය කරන්නෙ මුදලාලිලා දෙතුන් දෙනෙකුටය.මේ ආර්ථික ක්‍රමය තුල ස්වාධීන මාධ්‍යවේදීන් ට පැවැත්මක් නැත.
මාධ්‍ය ලෝකය පුළුල් විය යුතුය.පත්තර ගත්තොත් රාවය හැර වෙන කිසිම පත්තරයක් සල්ලි දීල අරන් බැලිය යුතු ඒවා නොවේ. දේශපාලකයන්ගෙ ඉන්ටවීව් ,අපරාධ රසකර ඉදිරිපත් කල ලිපි, හොල්මන් කතා ,නලු නිළියන්ගෙ විකාර අදහස් දැක්වීම් හැරුන විට කිසිම ශාස්ත්‍රීය දෙයක් නැත.විද්‍යුත් මාධ්‍ය යනු නලවන අන්දන පිස්සු කෙළින ක්ශේත්‍රයකි. මෙම දෙකෙන්ම ජනතාව ඈත්වනුද පෙනේ.
මාධ්‍යවලට විකල්පයක් නැද්ද
සියල්ල අවසානයේ මටද ප්‍රශ්නයක් ඇත. ඒ මට මාධ්‍යවේදියෙක් වෙන්නට බැරිද යන්නයි.ඉහත සදහන් කල වරප්‍රසාද භුක්ති විදිමින් කෝපි කඩේ අබිලින් මෙන් සැරිසරන්නට මමද කැමතිය.