ඇත්තෙන්ම බ්ලොග් සම්මාන ගැන මට මුලින් තිබුනේ දැඩි ඍනාත්මක අදහසකි. මෙය බ්ලොග් කලාවෙහි විනාශයට හේතුවනු ඇතැයි දැඩිව විශ්වාස කලෙමි. එහෙත් මගේ එම අදහස් වෙනස් වී ඇත. අප සැමදාම එකම මතයක සිටිය යුතු නැත. එසේම අප දරන බොහෝ මත වැරදි විය හැක. මන්ද අප අපේය කියා සිතන අදහස් ඇත්තෙන්ම වෙනත් අය පැටවූ හෝ අපට ලැබුන සීමිත මූලාශ්‍ර මත පදනම් වන බැවිනි.
රසික වෘත්තිමය නොවන හැසිරීමක් ගැන අදහසක් දක්වා තිබිනි. එහිම රසික සමග පැරා සමග කතා කිරීමට සමහරුන් බියවූ බවද කියා තිබුනි. එය නම් ඇත්තකි. අපේ සමාජය බියපත් ගැත්තන්ගෙන් බහුලය. ගුටි කෑම නතරවූ සැනින් පටන්ගන්නෙ අනෙකාට තැලීමටය. (මෙය මා අහුලා ගත්තේ ඉෂාක් බශෙවිස් සිංගර්ගේ පොතකිනි.)කෙනෙක් සමග මුහුන දී කතා කරන්නට බිය අය ද සිටිති.මේ තත්වය ඇතිවුනේ කුඩා කල සිටම වන්දන් කිරීම නිසාය. ගුරුවරුන්ට පූජකයන්ට ආරක්ෂක අංශවල අයට ගරු කිරීමේ පුරුද්දක් ඇත.මෙය අනවශ්‍ය දෙයක්ය යනු මගේ හැගීමයි. මෙසේ ගරුකරන අයම තමන්ට වඩා දුර්වල අයෙක් දුටු විගස හිංසා කරන්නට පෙලබෙයි. අපට හුරු පීඩක පීඩිත සම්ප්රදායක් මිස ඉගැලිටේරියන් සම්ප්රදායක් නොවේ.අපේ රටවලට ගැලපෙන්නේ රජවරුය.වැද නමස්කාරකරන්නන් බහුල බැවිනි.එසේම කෙනෙකුට හොද හෝ නරක යැයි සහතික දීමටද ඉක්මන් නොවිය යුතුය. සුදු කලු චරිත නැත ඇත්තේ අලු චරිතය.

වත්මන් රජය මෙම වන්දනාමාන සංස්කෘතියට අනුග්‍රහයක් නොදක්වන බව මගේ මතයයි. මම නම් විශ්වාස කරන්නේ අප වන්දනාමාන කල යුත්තේ දෙමවුපියන්ට පමනක් බවය. බල්ලට පූසට වදින සම්ප්රදාය විහිලුවකි. පසුගිය රජය මෙම වන්දනාමාන සංස්කෘතිය හැදියාවක් ලෙස ප්‍රවර්ධනය කලේය.එහි අවසන් අරමුන රජුට නමස්කාර කිරීමයි ඉන්පසු රජපවුලේ සියලු නොපනත්කම් ඉවසීමයි.පවුලේ අය හැරුන විට සෙසු සියලුම මිනිසුන් හා තිබෙන්නේ ආර්ථික හා නීතිමය සම්බන්ධකම්ය.තමනට වඩා ඉහල නිළධාරීන්ට රාජකාරිමය වශයෙන් අවනත වීම වෙනම දෙයකි.
මිනිසුන්ට අනවශ්‍ය ගරු කිරීම් නොකල යුතුබව මට උදාහරන මගින් ඉගැන්වූයේ චීවරධාරීන්ය. මොවුන් ඕනෑම කඩප්පුලිකමක් කර සිවුරේ සැගවෙති. සමාජය මොවුන් ගේ වැරදි හෙලා නොදකින්නේ මේ අපූරු වස්ත්‍රයේ ආනුභාවයෙනි.ඔබ කෙනෙකුට අනවශ්‍ය ගරුකිරීම් කරන්නේනම් ඔහුගේ හැම නොපනත්කමක්ම ඉවසීමට සිත හදා ගත යුතුය.ගෞරවය දිය යුත්තේ ක්‍රියාවටය පුද්ගලයාට නොවේ.
සමානාත්මතාව පිලිබද ධර්මතා අපේ වැනි ආසියානු සමාජයන්ට හුරු කිරීම ඉතා අසීරුය.ඇත්තෙන්ම නියම සමානාත්මතාවය බිහිවන්නේ අනාගතයේදී තාක්ශනය තුලින් බව මම විශ්වාස කරමි.තාක්ශනය තුලින් මිනිසාගේ හැකියාවන් ට යම් සීමිත බවක් ලබාදුන් දිනක නියම සමානාත්මතා සමාජය බිහිවනු ඇත.
රසික හා පැරා දෙදෙනාම බ්ලොග් ලෝකයේ අති දක්ෂයෝය .එහි විවාදයක් නැත. එහෙත් ඔවුන් පොරවල් කර ඔවුන්ට වන්දනාමාන කිරීම ඔවුන්ට කරන අසාධාරනයකි.එයින් සිදුවන්නේ බ්ලොග් ලෝකයේ පූජක සංස්ථාවක් බිහිවීමයි. මානව ඉතිහාසයේ සමහර මිනිසුන් පොරවල් කර ඔවුන් වටා පුදපූජා සහිත ආගමික සංස්ථා ගොඩ නැගුන බව අප දනිමු. දේවාල සාදා දෙවි දේවතාවුන් ලෙස අදහන්නේද රසිකලා පැරාල මාතලන්ලා වැනි මිනිසුන්මය.
තමන්ට වඩා දක්ෂතා තිබූ මිනිසුන් මියගිය පසු ඔවුන්ගේ ආත්ම ජීවත්වන්නවුන්ට වඩා බලවත් කර පිහිට පතන්නට හුරු වූහ.කාලය සමග මෙම චරිත අත්භූත චරිත බවට පත්විය.මෙම සම්ප්රදාය දිගටම ගියානම් රසික ඔසී රටේ සිට ගුවන් මගින් මෙහි ආවා කියා ලිවීම රසිකට කරන මදිකමක් ලෙස සාහිත්‍යකරුවා විසින් සලකා රසික එර්දියෙන් බ්ලොග් සම්මාන උලෙලට ආ බව ලියා තබනු ඇත.
බ්ලොග් ලිවීමේ වටිනාකම මෙම බ්ලොග් උලෙලින් මොනවට පැහැදිලි විය. එනම් බ්ලොග්කරුවන් ලියන දේ අප සිතනවාට වඩා ඵලදායී ලෙස සමාජගත වන බවයි .කොමෙන්ට් තුලින් කැපී කෙටී ඔපමට්ටම් වී වඩා සුන්දර මානික්‍යයක් බවට පත්වන බ්ලොග් ලිපිය සමාජයේ හැම තරාතිරමකම අය කියවන බවයි. මෙම ක්‍රමය අතීතයේද තිබිනිනම් උතුරේ තිස් අවුරුදු යුද්ධය හා දකුනේ කැරලිද මගහරවාගත හැකිවනු ඇත.
එසේම බ්ලොග්වල අධිපති මතවාද නැත. අධ්‍යාපනයෙන් වැඩක් නෑ පක්ෂය දෙන අධ්‍යාපනය යි නියම අධ්‍යාපනය. අප එකත්පස්ව එය හැදෑරීමත් විනය රැකීමත් පමනයි අවශ්‍ය " වැනි ත්‍රස්තවාදී රාමු බ්ලොග් ලෝකයේ නැත. එහි ඕනෑම මතයක් ප්‍රශ්න කල හැක. බ්ලොග් ලියන සියල්ලෝම සමානයෝය

අවසාන වශයෙන් බ්ලොග් ලිවීම ගැනද යමක් කිව යුතුය. පිස්සුවෙන් මෙන් බ්ලොග් ලියන්න හෝ බලන්න ගියොත්නම් වැඩිකලක් බ්ලොග් කෙරුවාව කල නොහැක. බ්ලොග් ලිවීම හා කියවීම කල යුත්තේ තම සතුට උදෙසාය.කොමෙන්ට් කල යුත්තේ එය අවශ්‍යම යැයි හැගෙන විට පමනි. මෙම කාරනයද බොහෝ බ්ලොග්කරුවන් තේරුම් ගෙන ඇත.