Tuesday, March 22, 2016

ලොකු ඉස්කෝලෙට ගිය ලොකු අය

අද මිතුරෙක් ඔහුගේ ෆෝන් එකේ තිබූ ඔහුගේ පෝස්ට් එකක් පෙන්වා මේ කොහෙදැයි ඇසීය. මට කොතරම් කල්පනා කලත් මතක් කරගන්න  බැරිවිය.

"ම්හ්හු බෑ"

අපේ ඉස්කෝලෙ ඔහු බැරිම තැන කීවේය.

දැන් හැමතැනම ගොඩනැගිලි ඉදිකර විශාල විපර්යාසයකට බදුන් කර තිබූ පාසලට මා කලෙකින් ගොඩ වැදුනේ නැත.මට පාසල ගැන මහලොකු හැගීමක්ද නැත. එහෙත් රටේ බහුතරය එසේ නොවේ. පාසල වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම්ය.

පාසල් වාදය ගැන අපූරු ලිපියක් ජේමිස් බන්ඩා ලියා තිබිනි.ජේමිස් බන්ඩා යනු බ්ලොග් ලියන්නන් අතර සිටින ප්‍රගතිශීලියෙකි.අලුත් විදියට සිතන්නෙකි.ඔහු පාසල්වාදියෙක් නොවේ.ලිපියේ තිබුනේ වෙනත් ඕනෑම දෙයකදී සන්සුන් වන බන්ඩගෙ මිතුරෙක් පාසල යන වදන ඇසෙනවිටම මාරාවේශ වන කතාවකි.


ඇත්තටම කුමක්ද මෙයට හේතුව. බන්ඩා අපූරු හේතු දක්වා තිබිනි.පොඩිකාලෙ සිටම සම්ප්‍රදායන් ,චාරීත්‍ර,හැසිරීම් ආදිය තුලින් වෙනස් අනන්‍යතාවයක් ලබා දෙයි.තමන් සෙස්සන්ට වඩා වෙනස් බවත් උසස් බවත් යටිසිතට කාවද්දයි.පාසල් පාසල් අතර ගුටි කෙලිවලින් මෙය ශක්තිමත්වේ. පුද්ගලයාගේ මුලු ලොවම පාසල වටා බ්‍රමනය වන බව ඒත්තු ගන්වයි.

පාසලෙන් ඉවත් වූ පසු රැකියාවක් ලබාගැනීමේදී පාසල් සබදතා ප්‍රයෝජනවත්ය.සමහර කොම්පැනිද  ආදිශිෂ්‍යයන්ට තිබේ. ඒ හැර සමාජ සබදතා වලදී මෙම පාසල් ජාලවල සාමාජිකයෙක් වීම ආරක්ෂාවට හා පැවැත්මට හොදය. එනයින් පාසල යනු එක්තරා කුලයකි.

පාසල්වාදය යනු අධිපතිවාදයකි. ලොකු ඉස්කෝල තිබෙන්නේ පොඩි ඉස්කෝල තිබෙන නිසාය. ලොකු ඉස්කෝලවල අය ලොකු වන්නෙ පොඩි ඉස්කෝලවලට සාපේක්ෂවය. මෙම ලොකු ඉස්කෝලවලට සාමාන්ය අයටද යාමට හැකිනිසා වෙනම පන්තියක් බිහිවී නැත.මෙම පාසල්වාදය බිදදැමිය හැක්කේ ප්‍රාථමික ,ද්විතියික හා උසස් පෙල ලෙස පාසල් වර්ගීකරනයක් තුලින් පමනි.ලොකු ලෝක සිතියමෙත් අබඇටයක් වන අපේ ජනතාවට පාසල හරහා රන්ඩු කරගන්නට තවත් මාතෘකාවක් ලබා දී ඇත.

ගෝත්‍රවලට බෙදී සිටින්නේ අපගේ හීනමානය නිසාය. අනුන් ගැන ඇති බය නිසාය.ලොකු ඉස්කෝලකාරයෝ වෙනත් ලොකු අය සමග තරගයකි. පොඩි එවුන් ඉදිරියේ ලොකුකම දැම්මද ආගමික වශයෙන් වෙනස් ලොකු ඉස්කෝල සමග තරගයක් ඇත. මෙහෙම ඉස්කෝලවල ආගම්වාදය ඇවිස්සීම නිරතුරුව සිදුවේ.චන්ද්‍රිකා යුගයේ දී ප්‍රශ්නයක් ආ විට  මේක අපේ පොදු ප්‍රශ්නයක් යැයි ඔවුන් කීහ.නෑ නෑ මේක පොදු නෑ ඔහෙලගෙ ප්‍රශ්නයක් කියා අප කිව යුතු වෙමු.

දෙදෙනෙක් පාරේ යනවිට මුදල් පසුම්බියක් වැටී තිබී එකෙක් අහුලා ගත්තේය. එය තමන්ට තනිවම අයිති බව කියමින් ඔජවඩමින් යන විට අයිතිකාරයා අසුපිට කසයක්ද රැගෙන ඔවුන් ඉදිරියට ආ පසු මේ පසුම්බිය අපි දෙන්න අහුලගත්ත නේදැයි අහුලගත් එකා අනෙකා දෙස බලමින්වෙව්ලමින් කීවේය. එවිට අනෙකා දැන්ද අපි ව මතක් වුනේ කලින් මමය මාගේය සින්දුව නේද කීවෙ. දැන් ඔයා තනිවම බේරගන්න කියා ආපසු ගියේය.

මම නම් සිතන්නෙ කිසිම කෙනෙකුට විශේෂත්වයක් නොදැක්විය යුතු බවය. සැම  දෙනාම කරන්නෙ සෙසු සමාජය වෙනුවෙන් සිය භූමිකාවයි. එහි උසස් පහත්කම් නැත.


වියපත්වූවන් පවා පාසල් ගැන කියමින් රන්ඩුකරගැනීමෙන් අප තුල ඇති පුංචිකම ඉස්මතුවේ.

No comments:

Post a Comment