Monday, February 15, 2016

වැදගත්ම පුවතට අඩුම මාධ්‍ය අවධානය

වැදගත්ම පුවතකට ලැබී ඇත්තේ ඉතා අඩු සැලකිල්ලකි. ජාත්‍යාන්තර මාධ්‍යවල ද එසේමය. දේශීය මාධ්‍යවල සැලකිල්ල ගැන කියන්න දෙයක් නැත. කුමක්ද මේ පුවත. සවුදි අරාබිය සිරියාවේ ග්‍රවුන්ඩ් ඇටෑක් එකක් පටන් ගැනීමයි.

මෙය ලෝක යුද්ධයක් දක්වා ඇදී යාමටත් ඇතැම්විට මානව සංහතියම මිහිමතින් තුරන්වී යාමටත් ඉඩ ඇති පුවතකි.සවුදි අරාබිය තවත් රටවල් 20 ක් සමග කරන මේ මෙහෙයුම  පිටුපස ඇමරිකාව සිටින බව නොරහසකි. දැනටමත් රුසියාව සමග කොකු දමාගෙන සිටින තුර්කියද සවුදියට අනගි සහායක් දෙයි. සවුදිය හා සිරියාව අතර දේශසීමා ආසන්නකමක් නැති නිසා සවුදි හමුදා තුර්කියේ සිට මෙහෙයුම් කරනු ඇත.

මැදපෙරදිග සියලුම ශියා බලවේග සිරියාව සමග පෙලට සිට ගනු ඇත. ඔවුන්ට ලැබෙන රුසියානු සහාය නිසා මැදපෙරදිගට කුමකින් කුමක් වේදැයි කියන්නට බැරිය.

සවුදිය පෙර පුහුනුවීම අරබා ඇති අතර රුසියාව මධ්‍යධරනී මුහුදට තවත් කෲස් මිසයිල් නෞකාවක් යවා ඇත.සිරියාව  රුසියාවට ඉතා වැදගත් වන්නේ ඔවුන්ගේ නාවික කදවුරක් ඇති නිසාය.එය අහිමිවුනොත් රුසියාවට මැදපෙරදිගට ඇති සියලු ග්‍රහනය අහිමිවෙයි.

ලෝක යුද්ධ ගැන අනාවැකි කී අය අතර බාබා වැන්ගාට ඇත්තේ චිර ප්‍රසිද්ධියකි. ඇය උපතින්ම අන්ධය, බල්ගේරියානු කාන්තාවකි. තුන් වන ලෝක යුද්ධය 2010 නොවැම්බරයේදී  ඇතිවන බව ඇය කීවාය. 2010 දෙසැම්බරයේ ටියුනීසියාවෙන් අරාබි වසන්තය ආරම්භ විය.

අපේ අන්ධ මහතා මේ ගැන නිහඩ මන්ද කියා කුකුසකි.

4 comments:

  1. කොහොමට් මේ අවුරුද්ද අවසාන වෙන්න පෙර දෘණු ආර්ථික ආගාධයකට වගේම යුද්ධයක ළෝකය පැටලෙනවා..

    අනේ අපි නම් කෑවා ඇති වෙන්න.

    රුසියාවට වඩා ළොකුයි ඉරිසියාව කියලා ත්‍රී වීල් එකක නම් ගහලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ආර්ථික අර්බුදය දැන් ආරම්භවෙලා වගෙයි. කොහොමත් අද හෙට නැතත් නුදුරු අනාගතයෙම තුන් වෙනි ලෝක යුද්ධය ඇති වෙයි. ඒකෙන් බේරෙන අය රටවල් ජාති අගම් නැතිව එකම පාලන ඒකකයක ජීවත් වෙන්න පුරුදු වෙයි. හැබැයි එහෙම ඉතුරු වුනොත්.
      දැන් මැදපෙරදිග අවුල බැලුවොත් මහම විකාරයක්නෙ. කට්ටියක් සුන්නිලු තව කට්ටියක් ශියාලු.

      ලෝක යුද්ධයක් ආවොත්නම් අපටත් කන්න වෙයි මදි නොකියන්න.

      Delete
  2. වැදගත්ම දේවල් මතක්වෙන්නේ ළඟටම ඇවිත් 'ටොක්කක් ' ඇනල ගිය දාට....නිවුස් වල පටන් ගත්ත වෙලේ ඉඳන් කියන බහුබූත කතා නිසා ඒවා බලන්න හිතෙන්නත් නැහැ.මේ විස්තර මගහැරෙනව

    ReplyDelete
    Replies
    1. ජාත්‍යාන්තර මාධ්‍ය වලත් එහෙමට මේක ගැන පුවත් පල වුනේ නෑ. මෙහෙම දෙයක් ඇත්තටම සිදුවොත් ඒක ලෝක විනාශයමයි.

      Delete