Monday, December 28, 2015

තනපට අහසට


ලතින් ඇමරිකානු ගායක එන්‍රිකේ ඉග්ලේසියස් ගේ ප්‍රසංගයකට පැමිණි කාන්තාවක් සිය තනපටය ගායකයා දෙසට විසිකර ලිංගික ආරාධනාවක් කිරීමත් තරුණියන් විස්කි ,බ්‍රැන්ඩි පානය කර මත්වී වේදිකාවට පැන ගායකයා බදා ගැනීමත් පසුගියදා මහත් ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමක් විය. අතිගරු ජනාධිපතිතුමාද අම්පාරේ පැවති රැස්වීමක් අමතමින් මෙවැනි ක්‍රියා මින් මතු සිදුවීමට ඉඩ නොතබන බව කීවේය.

මෙම සිදුවීම ගැන විවිධ අදහස් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්වෙනු දැඛිය හැක. දිනකට ළමා අපචාරස්ත්‍රී දූෂන විශාල ප්‍රමානයක් සිදුවන ලංකාවේ මෙය මහ ලොකු දෙයක්ද

සුද්දා එනවිට මෙරට කාන්තාවන් සිටියේ උඩුකය නිරුවත්වය.
මෙම සිද්ධියට විරුද්ධ අය ගොන් බයියන්ය.අසහනකාරයන්ය.
විශාල මුදලක් වියදම් කර මෙතනට එන්නේ ආතල් ගන්නටය. එහිදී ආතල් එක කාටවත් බයේ ගන්නට බැරිය .ආදී වශයෙනි


මට මතක හැටියට ලංකාවේ සංගීත සංදර්ශන පටන් ගත්තේ 1991 න් පසුය. සංගීත කන්ඩායම් හතුපිපෙන්නාක් මෙන් බිහිවන්නට පටන් ගත්තේ ඉන් පසුය. මේ සංගීත කන්ඩායම් ආශ්‍රිත සංස්කෘතියක් ගොඩනැගුන අතර සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන විට ගුටි කෙලියක් අනිවාර්ය විය. එසේම සංගීතය පැවැත්වෙන තැන මත්ද්‍රව්‍ය ගහන විය. කොල්ලන්  කෙල්ලන් එලිවනතුරුම දාඩිය පෙරාගෙන නැටීම සුලබ දසුනක් විය. මෙසේ නටන්නේ ඉවක් බවක් ඇතිව නොවේ. පිරිතටද ජාතික ගීයටද නටන තරුන පරම්පරාවක් බිහිවිය.

මීට සමගාමීව සංගීත කාරයන් තරුණියන් අතර ජනප්‍රිය වූ අතර අලුත් බාසාවෙන් කියනවානම් කෙල්ලන් සංගීතකාරයන්ට නිතරම දෙන්නට සූදානමින් සිටියහ. සංගීතකාරයෝද කල දුටුකල වල ඉහ ගත්හ. මෙහි ප්‍රතිපලය වුනේ ගැහැනු ළමුන් විශාල පිරිසක් සංගීතකාරයන් අතින් දූෂනයට ලක්වීමයි. සංගීතකාරයන් පමනක් නොව උන්ගෙ ආවතේවකාරයන්ද හිරිමල් ගැහැනු දරුවන් දූෂනයට සැදී පැහැදී සිටියහ.සමහර ගැහැනු ළමුන් තමන් ප්‍රිය කරන නළුවාට ගායකයා සමග ලිංගිකව එක්වීමට කැමතිය. තමන් රිදී තිරයේ දකින චරිතය සැබෑ චරිතය යැයි ඔවුහු සිතති. දුර දිග නොබලන ලාබාල කෙල්ලන් මෙම පුද්ගලයන් අතින් දූශනයට ලක්වන අතර ඉන් පසු ඔවුන්ගේ මුළු ජීවිතයම කාලකන්නි වෙයි.

සිරස තිත්ත ඇත්ත වැඩසටහනකදී ජනප්‍රිය සංගීත කාරයෙක් මෙම දූෂන ගැන හෙළිකළේය.

එසේම මෙම සංගීතය අවට ජනයාට කංකරච්චලයක් විය. පොඩි ළමයෙක් නිදිකරවාගත හැකිනොවීය. පාඩම් කරන සිසුන්ට ඉමහත් හිරිහැරයක් විය. ඊටත් වඩා මෙම ප්‍රසංගවල නිවේදකයන් හා ගායකයන් ඩබල් මීනින් කතා නිතර කියන නිසා දෙමවුපියන් දරුවන්ද මහත් අපහසුතාවයට පත්වූහ. රාත්‍රී දහයෙන් පසු සංගීත තහනම් කිරීමට අධිකරන නියෝගයක්ද ආවේ ඉන් පසුය. ඊටහේතුවුනේ ශබ්ද දූෂනයයි. මෙම සංගීතකාරයන් පරිසර දූෂනය සතේකට මායිම් නොකළහ. එසේම මොවුන් උත්කර්ෂයට නැංවුයේ ටවුමේ චන්ඩින්ගේ සංස්කෘතියයි. කොන්ඩ බැදගෙන ,තඩි කුරුස එල්ලාගෙන,කැමා ශර්ට් ඇද දාමරික පෙනුමක් ආරෝපනය කරගත් මොවුහු තරුණයන්ට දුන්නේ වැරදි ආදර්ශයකි.මේ සංගීතකාරයන් සිහිකලේ මුහුදු මංකොල්ලකාරයන්වය.


ආතල් එක ගැන ගැටළුව විමසා බලමු. මොකක්ද මේ ආතල් එක. මේ ආතල් එක කියන වචනය මුලින්ම භාවිතා වුනේ කුඩුකාරයන් අතරය. ෂොට් එකක් ගැසූ පසු ආතල් එක ලැබේ.මේ ආතල් එක කියන වචනය ඉන්පසු සෙසු ව්‍යවහාරයන්ටද ආවේය. ආතල් එක ලැබෙන්නේ මොළයට ඩෝපැමින්.සෙරටොනින් ශ්‍රාවය වීමෙන්ය. ක්‍රීඩා කිරීමෙන් එකෙක් ලබන ආතල් එක තව එකෙක් සින්දුවක් අසා ලබයි. එම ආතල් එකම තවත් එකෙක් ආගමික කටයුත්තකින් ලබයි. එසේ නැතිව කිසියම් ක්‍රියාවකට සුවීශේෂ වූ සර්වශ්‍රේෂ්ට ආතල් නැත.

ලෝකයේ හැම රටකම මත්ද්‍රව්‍ය තහනම්ය. ඒ ඇයි. එයින් ප්‍රකෘති ශිය නරක් කරන බැවිනි. හොද සිහියකින් සිටින ගැහැනියක් දහස් ගනනක් ඉදිරියේ සිය ඇදිවත උනා දමන්නේ නැත. එනම් එන්‍රිකේගේ සංගීතයෙන් සිදුවී ඇත්තේ සිහි විකල් කිරීමය. සිහි විකල් කරන මත්ද්‍රව්‍ය නරක යම් පමනකටද එපමනකටම මෙම ඝෝෂාකාරී සංගීතයද හානිකරය.

සුද්දා එන විට මෙරට හා ඉන්දියාවේ කාන්තාවන් උඩුකය නිරුවත්ව සිටි බව ඇත්තකි.එසේම ලිංගිකත්වයද මහ මැජික් එකක් නොවීය. හැඟීම් ඇවිස්සීමක්ද සිදුනොවීය. නමුත් වර්තමානයේදී සිදුවන්නේ හැඟීම් අවුස්සා ලිංගිකත්වය වෙනුවෙන් දිවි පුදන තරුන පරපුරක් නිර්මානය කිරීමය. ලිංගිකත්වය ජීවිතයේ අවශ්‍ය අංගයකි. නමුත් ජීවිතයම නොවේ.

මෙබදු සංගීතයක් අවස්ථාවේ ඉන්දියානු තරුණියන් හැසිරුන හැටි දැක ඉන්දියානු අගමැතිවරයා අවවාදයක් දුන්නේය. ඒ තමන් ඉන්දියානුවන් බව අමතක නොකරන ලෙසයි.

මෙවැනි හැසිරීම් දැක්වීම නිසා ඊනියා ජාත්‍යාන්තරය අප ගැන පොසිටිව් ලෙස සිතනු ඇතැයි සමහරු කියති. ජාත්‍යාන්තරය කියන්නේ බටහිර අධිරාජ්‍යවාදී රටවල් අතලොස්සටය. රුසියාව ,චීනය ,ඇතුලු ආසියානු අප්‍රිකානු රටවල් ජාත්‍යාන්තරය නොවේ.

එන්‍රිකේ යනු බටහිර හිපි සංස්කෘතිය ප්‍රචාරය කිරීමේ උපකරනයක් බවත් යහපත් සිහියකින් සිටීම සියලලටම වඩා වැදගත් බවත් කිව යුතුය.එසේම අප අන්ධානුකරනයෙන් බටහිර සංස්කෘතිය වැළද ගත යුතු නැත. බටහිර හොද දේ ගත යුතුය. මෙම දේවල් තහනම් කර ඇති රටවල් බොහෝ ඇති අතර එම රටවලට නරකක් වී නැත.


9 comments:

  1. ආවා !

    "ඔබ සදහා ඔබේ සතුට සදහා" ලියන "මෙම බ්ලොග් අඩවියේ සර්වබලධාරියා" ඔබ වුවත් "ඕනෑම කෙනෙකුට ඇවිත් යාමට තහංචියක් නැති බැවින්ද, එන ලෙස ආරාධනාවකුත් නැති මුත් අදහස් දැක්වීමටද බාධාවක් නැති බැවින්ද" අදහසක් ද දැක්වීමි.

    2016 ඔබට සහ මේ බ්ලොග් අඩවියට චමත්කාරජනක වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා. අදහස් දැක්වීම අගය කරනවා

      Delete
  2. ඔය බටහිර සංස්කුතික ආයුධය අතට ගත්ත කට්ටියම තමයි සිරිසේන ජ්නාධිපති කරවන්න වෙහෙසුනේ ඒ කාලේ. අන්න ඒකයි අනෙක් විහිලුව.

    ReplyDelete
    Replies
    1. සංගීතකාරයෝ බෝමයි පුප්පන්ට ඉතා සමතෝමයි

      Delete
  3. කතාව සහතික ඇත්ත මචන්..
    සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා. අදහස් දැක්වීම අගය කරනවා

      Delete
  4. අනිවා........මම 100% එකඟයි මේ ලිපිය එක්ක

    ReplyDelete
    Replies
    1. ඔය සංගීතසංදර්ශන සංස්කෘතිය පටන් ගත්තට පස්සෙ සිදුවුන ඇත්ත සමාජ ඛේදවාචකය තමයි මේ. ගම්වල මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ලිංගික අතවර කරන මත්පැන් බී රැයපහන්වන තුරු නටන සම්ප්‍රදායක් බිහිවුනා. මෙය මහා ආතලයක් බවත් එය ගත යුතුම එකක් බවත් සිතන්නට අපේ මනස් පුරුදු කරවනවා

      ගෑනු ළමයෙකුට නෙමේ නාකි මිනිහෙකුටවත් පාරෙ බැහැල යන්න බැරි වුනේ මේ බෑන්ඩ් සංස්කෘතියක් එක්ක.

      Delete
  5. /* මට මතක හැටියට ලංකාවේ සංගීත සංදර්ශන පටන් ගත්තේ 1991 න් පසුය. */

    සභාවේ සිනා!

    ඔබ ඉපදුනේ 1991 දී යැයි සිතමි!

    ReplyDelete