Sunday, January 24, 2016

ඉන්දික තොටවත්ත

50% සම්භාවිතාවයට ඔට්ටු අල්ලමින් සාත්තර කීම ලංකාවේ අනාදිමත් කාලයක් සිට සිදුවන්නකි. යම් සාත්තරයක් හරිගිය විට ඔහු ඉසිවරයෙක් වේ. ඔහු ඉන් පසු කියන අනෙක් සාත්තර වැරදීම අවුලක් නැත. 50% සම්භාවිතාවය නිසා එක්කො හරි යයි නැත්නම් වරදියි. 

සමහර සාත්තරකාරයන් බොරු කීමට පෙර සාමාන්‍ය දැනුමක්වත් ලබාගැනීමට ප්‍රවේසම් වී නැත. නවසීලන්තය ලෝක කුසලානය දිනීම, රන්ජන්ට ලෝක සම්මාන ලැබීම වැනි අනාවැනි උදාහරන වේ. එක්කෝ සිය අනාවැකිය නිසා පිකප් වන අය එම දේවල් ලබාගනීය කියා සිතීම හෝ මහජනයා මෝඩයන් බවට ඇති මතය ගැන ඇති අධිතක්සේරුව නිසා එසේ සාත්තර කියනවා විය හැක.

පසුගිය ජනාධිපතිවරනයෙන් පසු සාත්තරකාරයන්ගේ ග්‍රහයන් නීච විය. නක්ෂත්‍රය තුලින් සිදුවන්නේ සිදුවූ දේවල් එසේනම් මෙසේ විය කියා හේතු පැහැදිලි කිරීමයි. එයින් අනාවැකි කීම මුලින් කී 50% සම්භාවිතාවයට ඔට්ටු ඇල්ලීමය.

මේ සියලු සාත්තරකාරනගේ ක්‍රමවේදයට වෙනස්ව අපූරු මහත්මයෙක් ගහෙන් ගෙඩි එන ලෙසින් ඍජු අනාවැකි කීම මෙරට අනාවැකි ඉතිහාසයේ ටර්නින් පොයින්ට් එකක් විය. ඔහු 50% සම්භාවිතාවය නොව කිසියම් අධිමානසික බලයක් වැනි දෙයක් භාවිතා කරන බව සිතිය හැක.

අනාවැකි කීම ගත්විට අපූරු පරස්පරයන් මතුවේ. එනම් සුනාමිය ගැන දන් නේ නම් එදා කිසිවෙක් එහි නොයයි. එවිට මුලින් දුටු අනාගතය සැබෑ අනාගතය නොවේ. පරදින බව දන්නේ නම් මහින්ද ඉල්ලන්නේ නැත. 


ප්‍රසන්න රණතුංග මීලග අගමැති වන බව ඉන්දික කියයි. එයද 50% සම්භාවිතාවයක් නොව අති විශේෂ එකකි. එහෙත් එය බලන්නට 2020 වනතුරු ඉන්නට සිදුවේ.ඉන්දික මහතා මහින්ද පරදිනබව ස්ථිරවම ප්‍රකාශ කළේය.එසේම යලි මැදමුලන බල්ලෙකුටවත් අරලියගහ මන්දිරේට යන්න බැරි බව කීය. හරියටම හරිගියේය. ෆොන්සේකා 2017ට පෙර රට හැරයනබව ඔහු කියයි. ආ අපට 2010 වනතුරු ඉන්න සිදුනොවේ. 

මහින්ද පරදින අනාවැකිය සහ ඔහු අරලියගහමන්දිරයට නොයාම අතිසුවිශේෂ අනුමානයක් ලෙස තර්ක කළ හැක. ඉන්දිකව යලි පරීක්ෂා කළ යුත්තේ එබැවිනි.

නමුත් ඉන්දික මහතා අපගේ නොඉවසිල්ල දැනගෙනමදෝ ඉතා ලග අනාවැකියක් කියයි. ඒ මාර්තුවට පෙර කස්ත්‍රෝ මියයන බවය. ආ අපට ඉන්දික පරීක්ෂා කිරීමට තව ඇත්තේ මාසයකි. 

එඩිතර අනාගතවක්තෲවරයානෙනි ඔබගේ නිර්භීතබවට අපේ ආචාරය. නමුත් මාර්තුවට පෙර අප ඔබව පරීක්ෂා කරමු. ඉරහද කාරයා පිලිප් කුමරු ගැන කී අනාවැකිය මෙන් නොවේවා. ඉරහද කාරයා ගේ අනාවැකි බොරුවීමේ සම්භාවිතාව 100% ක් පමන වේ.කරූට කිසිදා ඇමතිකමක් නොලැබෙන බව කීවේය. ප්‍රභාකරන් අල්ලන දින දී කිච වූ වාර අනන්තය. ඔබට එසේ නොවේවා. ඔබගේ කීර්තිනාමය රැකීමට කස්ත්‍රෝ වගබලාගනීවා.

කස්ත්‍රෝලට කියන්නෙ අපි ඉන්දික වගෙ කෙලින් ඉන්න කියා පරන සම සමාජ ගීතයක් තිබුනා කියා මට මතකය.

5 comments:

  1. මම අහපු කථාවක්. ඔය ස්කෑන් එහෙම හොයාගන්න කලින් ප්‍රසව වෛද්‍යවරයෙක් 100% හරියටම ළමයා දුවෙක්ද පුතෙක්ද යන්න කියන කෙනෙක් ව්දිහට ප්‍රසිද්ධ වෙලා හිටියලු. එයාව බලන්න මවක් වෙන්න ඉන්න කෙනෙක් ආව පළමුවෙනි දවසෙම එයා කියනවලු මොන ළමයෙක්ද ලැබෙන්නෙ කියල.එහෙම කියල ඩයරි එකේ ලියාගන්නවලු. 100% හරියන්නෙ මෙහෙමයි. එයා අනුමාන කළොත් ගැහැණු ළමයෙක් කියල ඩයරි එකේ ලියාගන්නෙ පිරිමි ළමයෙක් කියල. 50% චාන්ස් එකෙන් හරි ගියොත් හරි. එහෙම නැතුව අම්මල ඇවිත් ඇහුවොත් අනාවැකිය වැරදුනා කියල ඉක්මනට ඩයරි එක අරන් බලල කියනවලු "මේ බලන්න මම කියල තියෙන්නෙ පිරිමි ළමයෙක් කියලනෙ" කියල. ඉහින් අම්මලත් අනේ මට හරියට ඇහෙන්නෙ නැතුව ඇති කියල හිත හදාගෙන යනවලු. දොස්තරගෙ නම මට හරියට මතක නැහැ, සුමනදාස වගේ නමක්.

    ReplyDelete
    Replies
    1. ඔය ක්‍රමයට තමා කේන්දරකාරයො මිනිස්සු රවට්ටන්නෙ. ඔය දොස්තරට මොලේ පාවිච්චි කලානම් කෝටි ප්‍රකෝටි පතියෙක් වෙන්න තිබුනනෙ .අනිත් එක නමත් සුමනදාස වුන එකේ මොනව කරන්න බැරිද

      Delete
  2. මට තියෙන ප්‍රශ්න...
    හැබෑට ඉන්දික තොටවත්ත ට අධිමානසික බලයක් තියෙනවද?
    එහෙනම් එයා ඒක ලබාගත්තෙ කොහොමද?
    සිත දියුණු කිරීමෙන්ද නැත්තං උපතිම්ම ලැබුණු දෙයක්ද?
    එයා ඒ බලය තමන්ගෙ දියුණුවට යොදාගෙන කොටස් වෙළඳපොළ වගේ තැනක ආයෝජන කරන් නැත්තෙ ඇයි?
    එයා පොලිසියට සහය දක්වන් නැත්තෙ ඇයි (අර සේයා දැරැයගෙ ඝාතනය වගේ අවස්ථා වලදි වත්)

    ReplyDelete
    Replies
    1. එහෙම බලයක් කෙනෙකුට තියනව කියන්නෙ ලොකුම වරප්‍රසාදයක්. නමුත් ඇස් පෙනීම ඊටත් වැඩි වරප්‍රසාදයක් බව මගෙ හැඟීමයි. කෙනෙකුට අධිමානසික බලයක් තිබෙනවානම් එය දේශපාලකයන්ට පේන කීම වැනි සිල්ලර දෙයකට යෙදවීමම ගැටළු සහගතයි.
      කොටස්වෙළද පොලේ ආයෝජනය ,අපරාධ ඇල්ලීම වගෙ දේවල්වලට වඩා නම් මුග්ධයන් රැවටීම ලාබදායකයි. ඇස්පියගහන මොහොතින් කෝටිපතියෙක් වෙන්න පුලුවනි.රටේ මුග්ධ ප්‍රමානයට සරිලන අනාවැකිකාරයන් නෑ. ඉල්ලුම තරමට සැපයුම නෑ.

      Delete
    2. //කොටස්වෙළද පොලේ ආයෝජනය ,අපරාධ ඇල්ලීම වගෙ දේවල්වලට වඩා නම් මුග්ධයන් රැවටීම ලාබදායකයි. //
      කොටස් වෙළඳපොළේ අවදානම වැඩියි. මේ වැඩේ ඊට වඩා බොහොම අඩු අවදානමක් තියෙන්නේ.

      Delete