Monday, March 14, 2016

බෞද්ධ ලෝකයේ මහා පොදු සාධකය

මම සිංහල බෞද්ධ සංස්කෘතිය නියෝජනය කරන්නෙක් නොවෙමි. ඊට හේතු වෙනම කතාකල යුතුව ඇත. මේ ටිකකට පෙරත් භික්ෂු නාඩගමක් විවේචනය කර අත ගත්තා පමනය. එහෙත් අප සමාජයේ ඇති එක්තරා අයුක්තියක් ගැන කතා කිරීමට එය බාධාවක් නොවේ.

ට්‍රාන්සිල්වේනියා බ්ලොග් එකේ දිසානායක නුවන් ගේ කොමෙන්ට් එකක් මෙහි පලකරමි.


###හැබැයි ඌම වැරද්දක් කලොත් මුලින්ම එළියට එන්නේ "සිංහල බහුද්ධ කම"...
ඔන්න කනෝ පිනුම් කිව්වලු...###

අැත්තටම ලොකු පුතේ මෙන්න මේ දේ තමයි සිංහලයටල බෞද්ධයට මඩ ගහන්න, ගරහන්න ලස්සනටම යොදාගන්නෙ.
හොදක් කරාම උන් ඌ වෙනව. නරකක් කලාම ඌ උන් වෙනව. ්‍
අනිවාරයෙන්ම මේ පුද්ගලයා සහ මේ අදහස් දරන පුද්ගලයින් හෙලාදැකිය යුතුමයි, ඒ වගේම අන්තගාමී මත දරන්නන්ද හෙලාදැකිය යුතුයි. ප්‍රශ්ණය එයට අවශ්්‍ය විදියට හසුරුවාගැනීමට අප අපොහොසත් වීමයි...

ඇත්තටම ලොකුපුතේ මේ තමයි පිනුම් :)

පුද්ගලයන් කරන වැරදිවලට සමූහයට දොස් නැගීම වැරදි බව මා මුලින්ම දුටුවේ දලයිලාමාගේ කතාවකිනි.

සේයාගේ සිදුවීම වැනි දේවල් වල හත්පොලේ ගා ගත් මාධ්‍ය මේ සිදුවීමද මාකට් කලේය.මෙහිදී මෙම දරුවාට බරපතල අයුක්තියක් සිදුවූ බව කීම අවශ්‍ය නැත. එහෙත් මෙහි දෙපැත්තක් තිබේ. මේ පවුල චාටර් පවුලක් බව කියති. එසේම මෙම ගම ද කුලියපිටියේ චාටර් ගමකි.

කෙසේ හෝ මෙවැන්නක් සිදුවුනොත් ලංකාවේ ඕනෑම ගමක තත්වය කුලියාපිටියේ බෝ හන්දියට වඩා වෙනස් නොවේ. සමහර ගම්වල මෙම මව සහ දරුවා ට ඇඩ්‍රස් නැති මරනයක් හිමිවීමටද ඉඩ තිබිනි.කුලියාපිටිය යනු ප්‍රචන්ඩත්වයට නම් දැරූ ගමක් නොවේ. එවැනි ප්‍රදේශ ලංකාවේ තිබෙන බව ඔබත් මමත් දනිමු.ප්‍රචන්ඩත්වයට බර මෙන්ම අපරාධ බහුල ,පාතාලය විසින් පාලනය කරන මැතිවරන කොට්ටාස මේ රටේ තිබේ.(කරුනාකර පොලිස් වාර්තා පරීක්ෂා කරන්න ).

මේ සියල්ලෝම කුලියාපිටිය කුරුසයේ තබා ඇන ගැසූහ. එය කමක් නෑ කියමු. ඒ සමගම සිංහල බෞද්ධ සංස්කෘතියද කුරුසියේ තබා ඇණ ගැසීමට උත්සාහ කරති.

සිංහල බෞද්ධ සංස්කෘතියේ මහා පොදු සාධකය කුලියාපිටියේ බෝ හන්දිය ගම්මානය බව දැන් අප දනිමු.ගමක් ලෙස බෝ හන්දියයි. පුද්ගලයෙක් ලෙස ගතහොත් නිමල් රංජිත්ය.

5 comments:

  1. ආගම් අදහන එක අතහැරලා ගොඩක් කල්.. දැන්නම් කතා කරනකොටත් තිත්තයි.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි. මම මේ බ්ලොග් එකෙත් දෙමළ මුස්ලිම් ජනතාවගෙ පැත්තෙ ඉදන් කතා කරල තියනවා. මෙතන කෙරෙන වැරැද්ද ගැන කතා නොකලොත් මාත් එන්ජීඕ කාරයෙක් වෙනව. ඒකීය පුද්ගලයගෙ වැරදිවලට සංස්කෘතීන්ට බනින්න බෑ.නිමල් රංජිත් වැරැද්දක් කලොත් ඒකට සිංහල බෞද්ධ සමාජය පලි නෑ.

      Delete
  2. මේ සිද්ධිය කෙනෙකු බෝගහ හන්දියනම් ගමේ මිනිසුන්ගේ අවුලක් ලෙසද,
    තවකෙකු කුලියාපිටියේ ප්‍රශ්නයක් ලෙසද
    වෙනත් කෙනෙකුට සිංහල බෞද්ධ සංස්කෘතියේ ගැටලුවක් ලෙසද
    නැතහොත් ලංකාවේ මිනිසුන්ගේ අවුලක් ලෙසද
    බයියන්ගේ හැටි විදහට හෝ .....
    පුද්ගල දොෂයක් ලෙස බැලීමට පුලුවන්ය.

    තමන්ට තිබෙන දැනුම, මුලාශ්‍ර හා අත්දැකිම් අනුව එක් එක් පුද්ගලයින් තමන්ගේ විචාරයක් මෙයට ඔබා ගන්නවාය

    මම දකින්නේනනම් මෙය අප ජිවත්වන සමාජය විසින් ඇතිකර තිබෙන තත්වයක් යන්නය.
    මිනිසුන්ට අවශ්‍ය තම්නගේ ළමයින් උපරිමයෙන් ආරක්ෂා කරමින් ඔවුන්ට තනි තනිව හොදම ජිවිතයක් සකස්කර දීමය. ඔවුන්ට ඇති ගැටලුවනම් මෙම ළමයාගෙන් තමුන්ගේ ළමුන්ට AIDS බෝ වුවහොත් යන්නය. සියලු දෙනාම එලෙස බෝ වෙන්නේ නැතැයි කියුවද වැරදිලා හෝ බෝවුවහොත් කියා ඔවුන් සිතනවාය. කවුරුන් කෙලෙස කියුවද තමන්ගේ අත්දැකිමට ගෝචර වන්නේ අම්මාගෙන් ළමයාටත් ළමයාගෙන් තමාගේ ළමයාටත් මේ ලෙඩය බෝවිය හැකි බවය. (කිසිවකුට මොවුනට ඇත්තටම AIDS තියෙනවාද කියා දැනගැනීමට අවශ්‍ය නැත)එලෙස සිදුවුවහොත් තමන්ගේ අනාගතයම ඉවරය. මොවුන්ට ඇති ගැටලුව තමන්ගේ දරුවා අවධානමකට ලක්වේයැයි සිතිමය

    තමන්ගේ ළමයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මහන්සිවන මිනිසුන්ට දවසපුරා පෙනෙන්නේ සබන්, යෝගට්, කිරිපිටි, විෂබිජ නාශක දියර වැනි විවිධ දැන්වීම්ය. හොදම වෛද්‍යවරුන් රූපවාහිනිය ඉදිරියේ දවසට සිය දහස් වාරයක් පවසන්ගේ ඉතාකුඩා දෙයකින් ළමයා රෝගිවිය හැකි බවය. එබැවින් ඔවුන් ආරක්ෂා කරන ලෙසය.

    දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව අධ්‍යාපනය සෞඛ්‍ය පිලිබදව අනවශ්‍ය ප්‍රමාණයට මැදිහත්වීමට වට පිටාවක් සකස්කර ඇත්තේ කවුරුන්ද යන්න පිලිබදව විමසනවානම් සහ එය නිවරදිව තේරුම් ගෙන අනවශ්‍ය ප්‍රමාණයට වන මැදිහත්වීම් අවම කරමින් ඒ සදහා අවශ්‍යවන සමාජීය මැදිහත් වීම නිවරදිව වනවානම් මෙවැනි ගැටලු ඇතිවන්නේ නැතැයි මම සිතනවාය. එලෙස මැදිහත්වු විටකදී පමණක් සියල්ලන්ටම අනෙක් මිනිසුන්ගේ දරුවන්ද තමන්ගේ දරුවන් සේ දැනෙනු ඇත. එලෙස නොමැතිව මෙය සිංහල බෞද්ධ ගැටලුවක්, කුලියාපිටියේ අවුලක්, පුද්ගල දොෂයක් ලෙස තේරුම් ගැනිම වැරදියැයි මම සිතමි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. ලාංකික සිතුවිලි මෙන්ම ඔබත් ඉතාම අපූරූ තර්ක ඉදිරිපත් කරමින් ප්‍රශ්න දෙස බලන බව පේනවා.ඔබ වැනි අය බ්ලොග් කියවන්නන් අතර ඉතා සුළු පිරිසක්.

      Delete
  3. පවුල චාටර් උනත් මෙතනදී බලන්ඩ ඕනේ ළමයාගේ අද්‍යාපනය ගැනයි, මේක මගේ අදහස.

    ReplyDelete