Monday, February 8, 2016

හිලරිද බර්නිද

මා ඇමරිකානු පුරවැසියෙකු වී නම් මා ඡන්දය දෙන්නේ හිලරි ක්ලින්ටන් මහත්මියටයි. එහෙත් 2008 දී බැරැක් ඔබාමා සහ හිලරි අතර ප්‍රාථමික ඡන්ද විමසීම් වලදීනම් මා බැරැක් ඔබාමා මහතාට ඡන්දය දෙමි.ඊට හේතුව ඔහු කලු ජාතිකයෙක් වීම නිසාත් ඔහු යෝජනා කල වෙනස නිසාත්ය. මේ වෙනස යන්න ප්‍රායෝගික නැති බව දැනුනත් මම එම වචනයටද ප්‍රේම කරමි.

නමුත් බර්නි හා හිලරි අතර තරගයේදී නම් තෝරාගැනීමක් නැත.දක්ශිනාංශයෙන් තරම ඈත් වූ බවක් පෙනෙන බර්නි ගැන ප්‍රසාදයක් ඇතත් හිලරිට ඡන්දය දෙන්නෙ ඇය කාන්තාවක් වීම මෙන්ම රිපබ්ලිකන්වරුන්ට තරගයක් දිය හැක්කේ ඇයට පමනක් වීම නිසාත්ය.හිලරිද වරෙක කීවේ ඔබ බර්නිට කැමති වුනත් ට්‍රම්ෆ්ට තරගයක් දිය හැක්කේ මා හට බවයි. හිටපු රාජ්‍ය ලේකම්වරියක් වූ මැඩ්ලින් ඕල්බ්‍රයිට්ද කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේ හිලරිට ඡන්දය දෙන ලෙසය . එකිනෙකාට උදවු කර නොගන්නා කාන්තාවන්ට අපායේ වෙනම තැනක් වෙන් වී ඇතැයි ද ඇය කීවාය. ඇත්තෙන්ම ඇමරිකාවට කාන්තා ජනාධිපති කෙනෙක් අවශ්‍ය වී ඇත. ගතවූ වසර 200 ටම එවැන්නෙක් පත් නොවූ බැවිනි. 2008 දීද නූලෙන් ගිලිහුනි.

රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් හා ටෙඩ් කෲස් යන අයගේ අදහස් දෙස බලන විට රිපබ්ලිකන් ජනපති කෙනෙක් පත්වුනොත් තුන් වන ලෝක යුද්ධයක් හටගනු නො අනුමානය. ට්‍රම්ප් මධ්‍යකාලීන වධ හිංසාද යලිගෙන ඒමට යෝජනා කරන අතර සුළුජාතීන්ට ප්‍රසිද්ධියේම එරෙහි වෙයි.

සුළු ජාතීන්ද ඇමරිකානු ඡන්දයේ තීරනාත්මකය .මිට් රොම්නි සුදු ඇමරිකානු ඡන්ද 59% ක් ගත්තත් ඔහුට ජය ගැනීමට බැරි විය. එහෙත් මීට වඩා අඩු ප්‍රතිශත ගත් අය මීට පෙර ජනපති වී ඇත.සුළුජාතීන්ගේ බලය එන්න එන්නම ප්‍රබල වෙයි. එය ඩිමොක්‍රටික් පක්ෂයට වාසියකි.

අනාවැකිකරුවන්ද පෙරට පැමින ඇත. හිලරි ,බර්නි ,ට්‍රම්ප්, කෲස් යන ඉදිරිපෙල අපේක්ෂකයන් දිනන බවට අනාවැකි කියනු දැකිය හැක.

5 comments:

  1. වෙලාවට ඇමෙරිකන් පුරවැසියෙක් නොවුනේ.. වැරදිලා හරි වෙලා හිටියනම් ඒ කාලෙම චන්දෙ දෙනවා අල්-ගෝරේ ටද කාටද.. අර global warming ගැන කතා කරපු හිටපු උප ජනාධිපතිට..

    ReplyDelete
    Replies
    1. මට මතක නෑ අල් ගෝර් කා එක්ක තරඟ කළාද කියන එක. මමත් ඔහුට කැමැත්තෙන් සිටියෙ.

      Delete
    2. බිල් ක්ලින්ටන් එක්ක..

      Delete
    3. http://economatta.blogspot.com/2015/07/blog-post_54.html

      Delete
    4. ලින්ක් එකට ස්තුතියි. ඇල් ගෝර් ඒ වෙලාවෙ දිනුවනම් ලොකු වෙනසක් වෙන්න තිබුන තමයි.ඇමරිකාවෙ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නෑ තමයි. නමුත් එතන තව පැත්තක් තියනවා යම් සුළු ජාතියක් ගෙඩිය පිටින් එක් අපේක්ෂකයෙකුට යම් නරක චේතනාවකින් ඡන්දය දෙන්නට පෙළඹුනොත් මේ ක්‍රමය නිසා එය වලකිනවා නේද.එහෙම හිතුවොත් පළාත් මට්ටමේ ඡන්ද විද්‍යාලයක් ප්‍රයෝජනවත්.එය ප්‍රජාතන්තරවාදී නොවුනත් . එහෙම නේද

      Delete