Wednesday, March 23, 2016

89 කැරැල්ල හා භීෂනය වැන්නක් යලි ඇති නොවීමට නම්

නොකී කතා බ්ලොග් එකේ පලවූ ලිපියක් නිසා අලුත් සංවාදයකට පැටලෙන්නට සිදුවිය. නොකී කතා ලිපිය පාදක කරගෙන ඉයන් අගනා ලිපියක් ලියා තිබිනි.

88 සිදුවීම් ගැන 1990 න් පසු උපන් අය නොදන්නා නිසාත් එවැන්නක් මෙරට නොව ලොව කිසිම රටක යලි සිදුනොවිය යුතු නිසාත් ඒවා ගැන කතා කිරීම ප්‍රයෝජනවත්ය. මෙහිදී ජවිපෙ මෙම යුගය දකින්නේ සිය අහිමි විප්ලවය සිදුවූ යුගය ලෙසයි ජවිපෙ මිනීමරුවෝ ජවිපෙට පිලිම නෙලා නැති විරුවෝය.ඔවුන් වෙනුවෙන් මිහිකත දෙස් දෙනවාලු. එවකට පැවති රජයට අනුව ඉතා සාධාරනව පැවති ආන්ඩුව අවි බලයෙන් පෙරලන්නට තැත් කල කඩාකප්පල්කාරීන් වීර හමුදාව හා පොලීසිය විසින් යුක්තියුක්ත ලෙස මර්ධනය කර ඇත.

එහෙත් මේ දෙපැත්තටම නැතිව සමබරව කතා කරමු.මේ යුගය වනවිට උතුර ගිනිඇවිලෙමින් තිබිනි.රජයේ හමුදා උතුරේ දෙමල සන්නද්ධ සංවිධාන සමග යුධ වැදී සිටියහ.මෙම සන්නද්ධ සංවිධානවලට ඉන්දියානු සහාය ඍජුවම ලැබීම ලොකුම ප්‍රශ්නයකි. ජේ ආර්ට උතුරේ සටන ජයගන්නට බැරිවුනේත් මහින්දට හැකිවුනේත් මහින්දගේ අමුතු මෙව්වා එකක් නොව 1988 සහ 2009 ජාත්‍යාන්තර තත්වයේ මෙම වෙනසයි. ජේ ආර් යනු මෙරට සිටි බුද්ධිමත්ම පාලකයෙකි.ඔහුට දැක්මක් තිබිනි. රට විවෘත කිරීම , පෞද්ගලික විශ්ව විද්‍යාල, කර්මාන්ත කලාප හා මහවැලිය ආදිය තුලින් හොද ආරම්භයක් ලබා දී තිබිනි. එහෙත් උතුරේ කොටිත් දකුනේ ජෙප්පෝත් ඔහුට ඔහුගේ ගමන යන්නට ඉඩ නොදුන්හ.ලලිත් ඇතුලත්මුදලි,ගාමිනී දිසානායක ,රනිල් වික්‍රමසිංහ වැනි දක්ශ ඇමතිවරු සිටීම ඔහු ලද අනෙක් භාග්‍යයයි. එහෙත් රටේ අවාසනාවට සියල්ල අවුල් විය. ජේ ආර් කලේ දකුනු කොරියාවේ,සිංගප්පූරුවේ, තායිවානයේ හොන්කොන් වල කල දෙයයි. එනම් ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් කැප කිරීමයි. එයට වැරදියි කියන්නට බැරිය.

උතුරේ ක්‍රමයට දකුනෙත් සන්නද්ධ ව්‍යාපාරයක් කල යුතුය යන අදහස ඇතැම් වාමාංශික කන්ඩායම් වල තිබිනි. මේ අදහස මුලින්ම සංවාදයට බදුන් කලේ මහජන පක්ෂයයි. ජවිපෙට කවදත් යටිබිම්ගත දේශපාලනයක් තිබිනි. ඔවුන්ට අවශ්‍ය කලේ උතුරු කොරියාවේ,චීනයේ ,සෝවියට් දේශයේ වැනි පාලන ක්‍රමයක් මෙරට ස්ථාපිත කිරීමයි.ඔවුන්ට හිතකර චින්තන සම්ප්‍රදායක් තරුනයන් අතර තිබූ අතර ගොර්බශොෆ් ගේ ප්‍රතිසංස්කරන තව වසර දෙකක් කලින් සිදුවුනානම් 89 භීෂන සමය මේ රටේ උදා නොවන්නට තිබිනි. ජවිපෙ යනු කැරැල්ලකට හේතු සොයමින් වටපිට ගිය වෘකයෙකි. එල් ටී ටී ඊය ටී එන් ඒ එක ආවරනයක් ලෙස තබාගත් ලෙස ශ්‍රීලනිපය ආවරනයක් ලෙස තබාගැනීම සැලසුම විය.

1987 ඉන්දියානු සාම ගිවිසුම අඩන්නට සිටි එකාට ඇගිල්ලෙන් ඇනීමක් විය. මේ වන විටත් යුධ සූදානමක සිටි ජවිපෙ සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් පටන් ගත්තේය. ඒ අතර එජාප ක්‍රියාකාරීන් ඝාතනය, ඇදිරි නීතිය දැමීම බස් ගිනිතැබීමද කලහ.දෙවන කැරැල්ලේ ජවිපෙ උපාය මාර්ගය වුනේ ජනතාව බියවැද්දීමයි. ජනතාව ජවිපෙට බියෙන් බිරාන්ත වී සිටියහ. ආන්ඩුවේ ඇදිරිනීතිය කැඩුවේ බඩගින්නට ඇදිරිනීතිය දාන්නෙ කොහොමද කියා අසමිනි. හැබැයි ජවිපෙ ඇදිරිනීතිය දා මිනිස්සු බඩගින්නටද ඇදිරිනීතිය දැමූහ. මෙම බිය ඇතිකලේ කුරිරු දඩුවම් හා ඝාතන තුලිනි.

ජවිපෙ මිනීමැරුම් අතිශයින්ම ම්ලේච්ඡ විය. සිය සතුරන් මරන ලද්දේ පවුලේ අය ඉදිරිපිටදීය. ඔවුන් කල එකම වරද තම කැමැත්ත පරිදි දේශපාලන පක්ශයක ක්‍රියාකාරී දේශපාලනය කිරීමයි.නැතිනම් ජවිපෙ ඇදිර්නීතිය දා කඩය ඇරීමයි. ජවිපෙ බලහත්කාරී උද්ඝෝෂනවලට නොයාමයි.නැතහොත් තහනම නොතකා කුප්පි ලාම්පුව දැල්වීමයි.පක්ෂයේ අන පරිදි ඕනෑම කෙනෙක් මරන්නට සූදාන පාක්ෂිකයෙක් නිර්මානය කල සැටි අපූරුය. එසේම මරන ලද අයගේ අවසන් කටයුතු කල යුතු වුනේද ජවිපෙට අවශ්‍ය ලෙසය. එනම් දනහිසෙන් පහලට ගෙන යා යුතුය. මෙම නියෝගයට අවනත නොවුනොත් මල සිරුර ගොඩ ගෙන මිදුලට දමනු ලැබේ.


උතුරේ කැරැල්ලක් තියන වෙලාවක දකුන ගිනි අවුලමින් ජවිපෙ කල භයානක සෙල්ලම නැවැත්විය යුතුවිය. එසේම මෙම ජවිපෙ සාමාජිකයන් පිස්සු බල්ලන් නිසා පිස්සු බල්ලන්ට සලකන ආකාරයෙන් ඔවුනටද සැලකීම සුදුසුය. බැරිවෙලාවත් ජවිපෙ බලයට ආවානම් ලංකාව තවත් උතුරු කොරියාවක් වනු ඇත. ජවිපෙ සාමාජිකයාට මිනීමරනව කියන්නෙ අමුදුන්කොල කනව වගෙ වැඩකි.පක්ෂයට විරුද්ධ  කාටත් මරනයයි.ජනතාව යනු කිසිත් නොදත් දැනුවත් කලයුතු අහිංසකයන්ය. ජනතාවගේ හිස මටහ් සිට පක්ෂය මගපෙන්වනු ලැබේ. ජවිපෙ ආන්ඩුවක් 89 දි ආවානම් එතනින් එහාට ලියන්නට දෙයක් නැත. හිතන විටත් හිරිගඩු පිපේ.

දැන් කැරැල්ල මර්ධනය කලයුතුය යන තැනට අපි ඇවිත් ඇත. මුලු රටම අකර්මන්‍ය වී ගෙදරින් එලියට බහින්න බැරි වාතාවරනයක් තිබිනි. රජයේ වගකීම මෙය මර්ධනය කර සාමය ඇතිකිරීමයි.ප්‍රශ්නය ඇත්තේ මර්ධනය කල ආකාරයේය.

1988 දී ජේ ආර්ගේ අවසන් කාලයේදී මර්ධන අනපනත් ගෙන ආ අතර එහිදී වැරදි ගනනාවකට හදිසි තත්ව යටතේ මරන දඩුවම නියම කර තිබිනි.තුවක්කුවක් එල්ලකර තර්ජනය කිරීමද මරන දඩුවම ලැබීමේ වරදකි.අවාසනාවට ජේ ආර් යුගය නිමා විය. ඉන්පසු මේ අනපනත් ගැන කතාවක් නොවීය.ඕනෑම කෙනෙක් මරන්නට හමුදාවට පොලීසියට බලය ලැබුනේ ඉන් පසුය.

පිස්සු බල්ලන් පිරිසක් කලබල කරනවානම් කල යුත්තේ එම පිස්සු බල්ලන් හදුනාගෙන සුවකල නොහැකි උන් වෙන් කරගෙන උන්ට නීත්‍යානුකූලව මරන දඩුවම දීමයි. පිස්සු බල්ලන් හදුනාගැනීමේදී ගෝනි බිල්ලන් භාවිතා කිරීම සුදුසුය.නිවෙස් වලටපැන අත් අඩංගුවට ගත්තට කමක් නැත.

නමුත් මේ සියල්ලෝම කෙටි නඩුවිභාග්යකට යොමු කල යුතුය. ඔවුන් කර ඇති වැරදි සොයාගෙන සාක්ෂි සහිතව ඔප්පු වූ පසු නීත්‍යානුකූලව මරන දඩුවම දිය යුතුය. මෙම ක්‍රියාවලිය ඉඩම් නඩු මෙන් දිග් ගස්සෙන එකක් නොවේ. එසේම සාමාන්ය උසාවියකදී විත්තිකරුට හිමි වරප්‍රසාදහ නොලැබේ. විත්තිකරු වෙනුවෙන් නීතීඥයන් පෙනී සිටීම අවශ්‍ය නැත. අධිකරන මන්ඩලය ,විත්තිකරු හා චෝදකයන් ප්‍රමානවත්ය. මෙහිදී විත්තිකරුට එරෙහි සාක්ෂි ඉදිරිපත් කරනු ලැබේ. සාක්ෂිකරුවන් ගේ ආරක්ෂාව සදහා ද ක්‍රියාමාර්ග ගැනේ.

මෙම ක්‍රියාවලිය තුල අහිංසකයන් සැකයට භාජනය වීම වැලැක්විය නොහැක. අභියාචනා ද නැති නිසා කරන්න දෙයක් නැත. එහෙත් මේ තුලින් සැබෑ කැරලිකරුවන්ට පමනක් දඩුවම් දිය හැක. පිස්සු බල්ලන් මර්ධනය කියා ලව දෙව නැතිව බල්ලන් මැරීමේ ක්‍රමයක් නොවේ. අපි නම් ඒ කාලෙ පොඩි නිසා ජීවිත අවදානමක් නොතිබිනි. නමුත් සියලුම තරුනයන් සිටියේ ජිප් සද්දයක් ඇසුනොත් දුවන්න බලාගෙනය.

වරදකරුවන්ට මරන දඩුවම දීමද කටු කම්බි බැස්සීම ,ඇස් ගැලවීම හම ගැසීම ,පනපිටින් පිලිස්සීම වැනි ක්‍රම නොව වෙඩි තැබීම වැනි ශිෂ්ට ක්‍රමයකින් කල හැක.

නිකම් සිතන්න සේයා සිදුවීමට දඩුවම් දීම පොලීසියට බාර දුනානම් අඩුගානෙ 20 ක් වත් මරයි.

ගාමිනී දිසානායක එදා නුවර සිට කොලබට එනවිට එක දිගට මිනී ය. ඔහුට වාහනය පාලනය කරගැනීමටත් බැරි වුනාලු. කෙලින්ම ගොස් එවකට රාජ්ය නායකයාට කීවේ මේ ක්‍රමයෙන් නම් මෙය පාලනය කල නොහකි බවයි.ලලිත් ගාමිනී වැනි ශිෂ්ට මිනිසුන් එජාප තීරන ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැර වී තිබිනි.ඒ වෙනුවට සිදුවුනේ කිසිම වගවිභගයක් නැති පොලිස් හමුදා දඩ බල්ලන් මුදාහැරීමයි.අහිංසකයන් 20 කට එක ජේවීපීකාරයෙක් ලෙස ඝාතන සිදුවිය.අහිංසකයො 20 ක් මැරිල එතන එක ජේවීපීකාරයෙක් සිටියම ඇති යන්න ස්ලෝගන් එක විය.හමුදාවට පොලීසියට  කැමති ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක මැරිය හැකි විය. ජවිපෙ මර්ධනයෙන් පසුද මිනීමැරීම් නතර නොවීය. රිචඩ් සොයිසා මලේ රටේ සාමය පැවති කාලයේය.රන්ජන් ගේ මරනයත් සමග රටේ පවති භීෂනය අවසන් විය.

විදේශීය රාජ්‍ය නොවන සංවිධාන පැමින හමුදාවට් පොලීසියට වැඩමුලු පවත්වා ඔවුන් කූල් ඩවුන් කලත් සම්පූර්නයෙන්ම තත්වය යහපත් වුනේ ආන්ඩු පෙරලියත් සමගය. එදා පොලීසිය අද පොලීසිය මෙන් නොවේ. පාරෙ යන අයටත් ගුටිබැට දෙන කුනුහරපෙන් බනින බිහිසුනු පොලීසියකි.අත් අඩංඋවට ගන්න අය පහර දීම් වලදී මිය යාම  පුවත්පත්වලට ප්‍රවෘත්තියක්ද නොවීය.භීෂන සමයේ උරුමයක් ලෙස එය 1994 වන තුරුම පැවතුනි.

රතනපාල එරෙහිව ධර්මසිරි නඩුව පොලිස් වධහිංසා වලට එරෙහි එකල ලබාදුන් අපූරු තීන්දුවකි. මෙම තීන්දුවද ලැබුනේ ඩී බී විජේතුංග යුගයේය. (ප්‍රේමදාස යුගයේ අධිකනය ඉතා ස්වාධීන වූ බව අප දනිමු ) .සොරකමකට අත් අඩංගුවට ගත් රතනපාල නමැත්තාට රත්නපුර පොලීසියෙන් වධ දුන්නේ භීෂනකාලයේ වධදුන් අයුරිනි. කුමන හෝ හේතුවක් මත මෙය අධිකරනයට ගියේය.මෙය එකල ආන්දෝලනයක් වුනේ එහි අරුම සොබාවය නිසාය. වධදීම හා මැරීම ආරක්ෂක අංශවල අනුලංඝනීය අයිතියක් වී තිබීම නිසාය.

යළිත් 89 ක් නො එන්නට නම් සිවිල් සමාජය ශක්තිමත් විය යුතුය. තමන් වෙනුවෙන් පෙනී සිටින්නට ත්‍රස්තයන්ට ඉඩ නොදිය යුතු අතර ප්‍රචන්ඩත්වයෙන් කිසිම ප්‍රශ්නයක් විසදිය නොහැකි බව ඒත්තු ගත යුතුය. රතුපස්වල සිද්ධිය බලන්න . 89 රට ගිනිතබූ අයම මෙහිදීද මිනිස් බිලි ගෙන  එම මලමිනී වෙන්දේසි කල හැටි. මේ මෑතක පොලීසියෙන් ගුටි ගස්සගෙන නැටූ නාඩගම බලන්න.පොලීසියට ගල් ගහල පක්ෂෙ අය පස්සට යනව. පොලීසියෙන් ගුටි කෑවම ඒක නිව්ස් එකක් වෙනව. 89 දි කලෙත් මේකමයි. මෙවැනි වරත්ත දේශපාලන පක්ෂ ගැන අවධානයෙන් සිටීමද වැදගත්ය.



 ඌන පූර්නයක් කරන්න තියනවා.
විරුද්ධවාදීන් පැහැරගෙන ගොස් වධදී මරා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම ප්‍රේමදාස රන්ජන් රජය ඊශ්‍රායලයෙන් උගත් දෙයක් බව සමහරු පවසනවා. ඒක නෙවෙයි ඇත්ත. මෙය  සිරිමාවෝ රජය ඉරාකයෙන් උගත් දෙයක්. සදාම් හුසේන් සමගි පෙරමුනු රජයේ ප්‍රධානීන් ත්‍රස්ත මර්ධනය ගැන පුහුණු කලා. 1971 දී මෙය  අත්හදා බැලුනා. නමුත් මහා පරිමානයෙන් අත්හදා බලුනෙ 1989 දී.
සදාම් හුසේන් විසින්ම එවකට ජනපති අබ්දුල් කරීම් කාසිම් ගේ කෙස් වැටියෙන් අල්ලා සිරුර ප්‍රදර්ශනය කලා.
ඉරාකයේ ශියා මුස්ලිම්වරු මෙම ක්‍රමවේදයට ගොදුරු වූ පලමු ජනතාව . නමුත් මහා පරිමානයෙන් මෙයට ගොදුරු වුනේ ශ්‍රී ලාංකිකයන්. ලොව වෙනත් සමාජයක මෙම ක්‍රමය මහා පරිමානයෙන් භාවිතා වූ බව මා අසා නැහැ.

ඉරාකයේ ශියා ජනකොටස මර්ධනයට සදාම්ට මෙම ක්‍රමය මහත්සේ ප්‍රයෝජනවත් වන්නට ඇති. සමගි පෙරමුනේ ආරක්ෂක ඇමතිවරයා පුවත්පත් සාකච්ඡාවකදී මෙම ක්‍රමය ගැන අගයීමක් කලා. විරුද්ධමතයකට කිසිම ඉඩක් නැති මේ අපූරු ක්‍රමය ඔවුන්ට 1971 දී ප්‍රයෝජනවත් වුනාලු.71 චේගුවේරලට එරෙහිව ජයකොඩි දැම්මෙ එහෙමයි.

මෙම ක්‍රමය ඉරාකයෙන් ලබාගත්තත් අපේ රටේ මහා පරිමානයෙන් භාවිතා කල නිසා වැඩි උරුමය අපිටයි.1971 දී අප මෙය මුලින්ම අත්දුටු නිසා ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ මැතිනියට ගෞරවයක් ලෙස මෙය (විරුද්ධවාදීන් පැහැරගෙන ගොස් වධදී මරා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම) සිරිමාවෝ ක්‍රමය ලෙස නම් කරමුද?

සිරිමාවෝ ක්‍රමය ප්‍රේමදාස යුගයේදී දිගුකලක් මහා පරිමානයෙන් භාවිතා කල නිසා අපේ සමාජය තෙම්පරාදු වුනා. ආන්ඩුවක් මිනීමරන එක කොයිතරම් නරකද කියන එක ගැන කාටත් අවබෝධයක් ආවා.

13 comments:

  1. //එහෙත් මේ දෙපැත්තටම නැතිව සමබරව කතා කරමු//

    කියල වැඩේ පටන් ගත්තට අන්තිමට

    //සිරිමාවෝ ක්‍රමය ලෙස නම් කරමුද//

    කියලයි ඉවර වෙන්නේ , අනේ මන්ද

    කෝ මේ චාමර

    ReplyDelete
    Replies
    1. මගෙ ඊලග ලිපිය ඒ ගැන බං. 1948 ඉදන් මේ වෙනකම්ම තිබුන ආන්ඩුවලින් නරකම ආන්ඩුව මොකක්ද කියල මම කල්පනා කලා.ඒකත් අලුත් මානයකින් දුටු දෙයක් වේවි.
      මෙම ක්‍රමය පටන්ගත්තෙ එතුමියගෙ කාලෙ නිසා එතුමියට ගෞරවයක් ලෙසයි නම් කලේ. නමුත් මහා පරිමානයෙන් කලේ ප්‍රේමෙ නිසා ඕනනම් ප්‍රේමරන්ජන ක්‍රමය ලෙස නම් කලත් අවුලක් නෑ.

      Delete
    2. මේ මට දැන් මතක් වුන දෙයක්. ඉරාකයෙ කලින් අගමැති මලිකි යෝජනා කලා සර්කාවිගෙ ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රේමරන්ජන ක්‍රමය භාවිතා කරන්න. එහෙම වුනොත් ඉලක්ක වෙන්නෙ සුන්නි ජනතාව. ඒක ක්‍රියාත්මක වුනාද මන්ද .

      බලහන් .අපි මලිකිලගෙන් ඉගෙන ගෙන මලිකිලටම උගන්නව. කාටද ආඩම්බර .අපට මොකුත් අලුත් දෙයක් බෑ කියල කියන උන්වනම් චාමර ටම යොමු කරන්න ඕන. මොන තරම් අලුත් වදක ක්‍රම අපේ හමුදා පොලීසිවලින් සොයාගත්තද . අපට ආඩම්බර නැද්ද මං අහන්නෙ

      Delete
  2. අගය කල යුතු සටහනක්.

    අපි කාටවත් මේ දේවල් ගැන උදම් අනන්න බෑ. කොටින්ම කවුරුත් හරිය කියලා මේ ඝාතන සාධාරණීය කරන එක විහිළුවක්.

    මට මතක බොහෝ සිදුවීම තියෙනවා. ඒවයේ තිබුන කුරිරුබව හාඩ්කෝ යුඑන්පර්ස්ලාවත් අනුමත කලේ නෑ. කොටින්ම ලලිත් ගාමිණී විතරක් නෙමෙයි එවකට ආණ්ඩුවේ හිටිය බහුතරයක් මන්ත්‍රීවරුන් පවා.
    මේ ළඟ කාලෙකදි දැණට ජේශ්ඨ නි‍යෝජ්‍ය පොලිස්පති කෙනෙක් එක්ක කතාවකදි ඒ කාලේ ඔහු මිනිස්සු මැරුව හැටි කීව. මට පුදුම හිතුනේ අඩු ගානේ එච්චර කාලයක් ගිහිනුත් එහෙම් උදම් අනන්න කූම්බි මරණවා වගේ මිනිස්සු මරලා පුළුවන් වෙන්නේ කොහොමද කියලා.
    වෙනසක් නෑ තනතුර වෙනස් වුනා කියලා කලින් සඳහන් කල පෝස්ට් එකෙන් තවත් ඔප්පු වුනා අපේ මිනිස්සු බාබෙරියන්ස්ලාට වඩා එහා කියලා.

    ReplyDelete
    Replies
    1. මම කුඩා කාලෙ නට්සි ජර්මානුවන් කල අපරාධ කියවල කොහොමද මෙහෙම දේවල් මිනිස්සු කරන්නෙ කියල හිතල පුදුම වුනා. නමුත් 89 කාලෙ දේවල් බලපුවම අපරාධ කරන්න ජෙවීපීකාරයොයි හමුදාවල පොලීසිවල අයයි පිටසක්වලින් ආවෙ නෑනෙ.
      මිනී මරපු හමුදාවෙ පොලීසියෙ අයට පස්සෙ කාලෙක ඒ ගැන කියන්න අවස්ථාවක් ලැබුනම ඊට වැඩි දෙයක් නෑ. රහකර කර කියන හැටි බලන් ඉන්න ලස්සනයි. ඒ වෙලාවට ඒ අය කතා කරන්නෙ මුලු ඇගෙන්මයි. දීපු වධ ගැන , ඒ වධ දෙන කොට සිරකරුවන් කෑගහපු හැටි අනුකම්පාව ඉල්ලා මරලතෝනි දුන් හැටි ,කෑ ගහනකොට පිකප් වෙලා තව තව වධ දුන් හැටි කියන්නෙ හරිම ආශාවෙන්. මෙහෙම අය කීප දෙනෙක්ම මට මුන ගැහිල තියනව. මාත් පෝර දදා අහගත්ත. මට ස්ටඩි කරන්න ඕන නිසා.

      දෙවන ලෝක සංග්‍රමයෙන් පසු ප්‍රචන්ඩත්වය ගැන අධ්‍යන කලා. එරික් ෆ්‍රොම් වගෙ විද්වතුන් අගනා ග්‍රන්ථ පලකරල තියනවා.නමුත් අපි 2500 යි ලාබයි ලාබයි ඈවරයි දෑවරයි කියනව මිස මේ ගැන සොයන්නෙ නෑ.අපි මනුස්සයයි තිරිසනාවයි වෙන්කරනව මනුස්සයට මනුස්සකම තියනව කියල. මම නම් හිතන්නෙ මනුස්සයට මිනීමරන්නයි වද දෙන්නයි තියනව නම් කන්න බොන්න හෝ ලිංගික කටයුතුවලින් වැඩක් නෑ කියල.ආහාර ලිංගිකත්වයටත් වඩා මිනිසාට ඕන කෲරත්වය කියල මට සිතෙන්නෙ. 89 කාලෙ හමුදාවල පොලීසිවල තරගයක් තිබිල තියනව වධදීම් හා මිනීමැරීම් වලට.පොරකකා ගිහින් මිනීමරල තියෙන්නෙ.

      සත්තු තව සතෙක් මරන්නෙ බඩගින්නට .ඒත් මිනිසාට මිනී මරන්න තියනවනම් කන්න *කන්න ඔය මොකුත් ඕන නෑ. දිව්යලෝකෙ ගියා වගෙ තමයි. 89 වගෙ මල් මසුරන් යුග හැමදාම නැති නිසා මිනිසා ඉන්නෙ අසහනයෙන් ( අවිඥානික අසරනභාවයක් ).
      මෙය ටිකක් අන්තවාදී කියා කෙනෙකුට සිතුනත් මා කියවා ඇති පොත් සහ ඇසූ දුටු දේ අනුව මටනම් මෙය අන්තවාදී විග්‍රහයක් කියල හිතෙන්නෙ නෑ.

      Delete
    2. ඩෙස්මන්ඩ් මොරිස් යුද්ධ නැති කාලෙ සියදිවිනසාගැනීම් වැඩි බවට සංඛ්‍යාලේඛන සහිතව අදහසක් පලකරල තිබුන. යුද්ධ කාලෙ සියදිවිනසාගැනීම් අඩුලු තව කෙනෙක් මරල ආතල් ගන්න පුලුවන් එකේ ඇයි තමන්වම මරාගන්නෙ කියල.සියදිවිනසාගැනීමට හේතුවත් මැරීමේ ආශාව කියලයි කියන්නෙ. සියදිවිනසාගැනීම් ගැන එමිල් ඩුර්කයිම්ගෙ මතයට වඩා මෙය කොච්චර වෙනස් ද අමුතුද කියල බලන්න.

      Delete
  3. නිවස වටකර පපුවට ටී-56 එල්ල කෙරෙන විටත්, මරණ තර්ජන මැද මැතිවරණ රාජකාරි කරන විටත් මෙන්ම පිට්ටනි වල පෝලිම් ගස්වා බිල්ලන් ඉදිරිපිටින් යවන විටත්, ඒ කාලයේ හැටියට අත් අඩංගුවට පත් වීමට ප්‍රමාණවත් තරම් දේවල් ළඟ තිබියදී ආරක්ෂක හමුදාවන්ගේ පරීක්ෂාවන්ට ලක්වන විටත් දැනුනු මරණ බියේ ප්‍රභේද වල ලොකු වෙනස්කම් නොමැති නිසා මා රජය විසින් හෝ දේජව්‍ය විසින් කළ මිනීමැරීම් හා ඇති කළ භීෂණය කිසිසේත්ම අනුමත නොකරමි. කිසිදු පාර්ශ්වයකට මා මරා දමන්නට ප්‍රමාණවත් හේතුවක් නොතිබුණත් මරණය ඉතාම ලාභදායක වූ මේ කාලයේ සුළු අත්වැරදීමකින් බොහෝ දේ වෙනස් විය හැකිව තිබුණි. මේ කාලයේ මගේ සමීපතම හා දැනසිටි සෑහෙන දෙනෙක් දෙපාර්ශ්වය අතින්ම දරුණු වධ බන්ධන වලට ලක්වී මිය ගොස් තිබේ. එක පවුලේම ඇතැම් සාමාජිකයින් දේජව්‍ය අතින්ද, තවත් අය රජයේ හමුදා අතින්ද මිය ගොස් තිබේ. රටේ වෙනත් ප්‍රදේශ වල කෙසේවුවත්, මා සිටි ප්‍රදේශයේනම් වැඩිම මරණ සිදුවුනේ දේජව්‍ය පාර්ශ්වයෙනි. ඉතා කුරිරු මරණ වලට මුහුණ දුන් මේ බොහෝ දෙනෙකු අහිංසක සිවිල් වැසියන්ය. ඇතැම් අය පණ පිටින් පිලිස්සුනේ ආරක්ෂක හමුදාවක සේවය කළ දරුවෙකු ඉල්ලා අස් නොවීම නිසාය. එසේ නැත්නම් තමාගේ රැකියාවෙන් ඉල්ලා අස්වී දැන්වීමක් නොදැමීම හෝ නිසි පරිදි මාසික කප්පම් මුදල් නොගෙවීම නිසාය. ආරක්ෂක හමුදා අතින් මියගිය මා දන්නා බොහෝ දෙනෙකු ඇත්තටම ජවිපෙ හා කිසියම් සම්බන්ධයක් තිබුණු අයයි. එහෙත්, මේ බොහෝ දෙනෙකු පෝස්ටර් ගැසීම වැනි කටයුතු හැර මිනීමැරීම් වලට සම්බන්ධ වූ අය නොවේ. එමෙන්ම, ඇතැම් අය ජවිපෙ සාමාජිකයින් වූ බව ඔවුන්ගේ දෙමවුපියන් හෝ දැන සිටියේ නැත. ජවිපෙ කළේ එවැනි රහසිගත දේශපාලනයකි. ඇතැම් විට දෙමවුපියන් උග්‍ර එජාප පාක්ෂිකයින් වෙද්දී දරුවකු ජවිපෙ වෙනුවෙන් කටයුතු කළ අවස්ථාද තිබුණේය. මෙහිදී මා ජවිපෙ වෙනුවෙන් කටයුතු කළ අය කියන්නේ පන්ති පහ කළ අය නොවේ. මේ ඇතැම් අය 'කොකු හරහා' ජවිපෙ යාන්ත්‍රණය හා බද්ධ වූවද ජවිපෙ සමඟ සෘජු සම්බන්ධතාවයක් නොතිබුණු අයයි. මෙවැනි අයෙකු මරා දමනු ලැබූ විට හෝ අත් අඩංගුවට ගත් විට එය ප්‍රසිද්ධ වූයේ ජවිපෙ ලේබලය යටතේ අහිංසක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් ලෙසින්ය.

    ReplyDelete
  4. මේවා ගැන අපක්ෂපාතී අයුරින් කෙටි විවරණ කිරීම අපහසු දෙයකි. මේ කාලය ගැන පොතක් ලියන්නට තරම් අත්දැකීම් ඇතත් ඒ සඳහා කාලවේලාවක් නැත. ඉයන් විසින් ලිපියේ කරුණු ගොනු කර ඇත්තේ අපක්ෂපාතී විවරණයක් කිරීමේ අරමුණින් නොවේ. වෙනත් ප්කෂග්රාහී විවරණ වලට එරෙහි ප්‍රති-තර්ක ඉදිරිපත් කිරීමේ අරමුණෙනි. එහි වරදක් නැත. මේ ලිපිය දෙපැත්තේම වැරදි කතා කරන අපක්ෂපාතී ලිපියක් බව ඔහු කියා නැත. සිවුවෙනිමානය විසින් ඊට අමතරව මෙහි අනිත් පැත්තද කතා කර තිබේ.

    ජයවර්ධන රජය විසින් ජවිපෙ තහනම් කිරීමට හේතු වූ තර්කානුකූල කරුණු මට තවමත් අපැහැදිලිය. ජවිපෙ 1982දී ලබාගත් ඡන්ද ප්‍රමාණය 273,000 (1982 මේ මැතිවරණ ප්‍රතිපලය එදා සිට අද දක්වාම මගේ කටපාඩමේ ඇති එකකි.) වුවද ඒ වන විට ජවිපෙ වර්ධනය වන ප්‍රවණතාවයක් විය. ජවිපෙ විසින් 1982 වන විට සම්ප්‍රදායික වාමාංශික පක්ෂ වල ඡන්ද පදනම් බොහෝ දුරට ආක්රමණය කර අවසන්ව ශ්‍රීලනිප ඡන්ද පදනමට අතගසා තිබුණේය. මේ අනුව ජවිපෙ තවදුරටත් වර්ධනය වීනම් එජාප-විරෝධී ඡන්ද දෙපිල බෙදීම නිසා එජාපයට දේශපාලනික වාසියක් ලැබිය හැකිව තිබුණි. ජයවර්ධන රජය ජවිපෙ නායකත්වය නිදහස් කිරීමෙන් අපේක්ෂා කළ උපක්‍රමික වාසියද මෙයයි. මේ අනුව, ජවිපෙ තහනම විසංවාදයකි. මා හිතන පරිදි, මේ තීරණයට මුල් වූයේ ජවිපෙ විසින් විප්ලවයකින් බලය ඇල්ලීම පිලිබඳ අපේක්ෂාවන්ගෙන් ඉවත් වී නැති බවට ජයවර්ධන රජයට රහස් ඔත්තු සේවාවන්ගෙන් ලැබුණු වාර්තාවන් බවයි. මුල සිටම දැඩි කමියුනිස්ට් විරෝධියෙකු වූ (1971 දී ජේආර් සමඟි පෙරමුණු රජයට සහාය දුන්නේද මේ පදනමිනි.) ජේආර් ජයවර්ධන නියපොත්තෙන් කඩා ප්‍රශ්නය විසඳිය හැකි වේයැයි සිතන්නට ඇත. (මා සිතන පරිදි කළු ජූලියට ඉඩ දීමෙන් ජේ ආර් බලාපොරොත්තු වුයේද මෙවැන්නකි.) ආර්ථිකය හා අදාළව ජේආර් ඉතා දූරදර්ශී වුවද රටේ ජන විඥානය හැසිරෙන හැටි ගැන ඔහුට තිබුණේ ඉතා දුරස්ථ දැනීමකි (මේ තත්ත්වය රනිල් වික්‍රමසිංහටද යම් තරමකට අදාළය.). ජවිපෙ අභ්‍යන්තරය ගැන මා නොදන්නා නමුත් තහනමින් පසු ඉතා කෙටි කලක් තුළ සන්නද්ධ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පැමිණීමට හැකි වීමෙන් පෙනෙන්නේ ජේආර්ට ලැබුනේයැයි කියන රහස් ඔත්තු සේවා වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ලෙස සැලකිය නොහැකි බවයි.

    ඉයන් විසින් පෙන්වා දෙන එක් වැදගත් කරුණක් වන්නේ ජවිපෙ තහනම කැරැල්ලට හේතු වූ බව පුහු තර්කයක් බවයි. පළමුව, ජවිපෙ තහනම් කළද ජවිපෙ සාමාජිකයින්ව පන්න පන්නා දඩයම් කිරීමක් සිදුවුනේ නැත. දෙවනුව, ජවිපෙ සමඟ වූ සැබෑ ජනතා පදනම රටේ ජනගහණයෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. ජවිපෙ විසින් මුල සිටම කළේ භීෂණය යොදවා තමන් සමඟ ජනතාව සිටින බව පෙන්වීමයි.

    ඉයන්ගේ ප්‍රති-තර්ක ඉස්මතු කිරීමට උපකාරී වන එහෙත් ඔහුගේ ලිපියේ මතු කර නැති වැදගත්ම කරුණක් වන්නේ ජවිපෙ හා රජය විසින් භීෂණය ඇති කළ අනුපිළිවෙළයි. සිවුවෙනි මානයේ පැහැදිලිව ලියා ඇති පරිදි, භීෂණය ඇරඹුණේ රජය පාර්ශ්වයෙන් නොවේ. ජවිපෙ පැත්තෙන් යම් සාර්ථකත්වයක් ලබමින් අවසන් වූ ලංගම වර්ජනයෙන් ඇරඹුණු වර්ජන රැල්ල ඉදිරියට ගෙනගියේම ජවිපෙ ක්‍රියාමාර්ග වලට එරෙහි වන්නන්ට මරණ තර්ජන කරමින් සහ ඒ තර්ජන ප්ර්දර්ශනාත්මක්ව ක්‍රියාත්මක කරමිනි.

    ReplyDelete
  5. මේ කාලයේදී සරසවි හා පාසැල් සිසුන්ට අමතරව රටේ සිවිල් වැසියන්ටද ඉන්දීය සාමසාධක හමුදාවන්ට එරෙහි පෙළපාලි වලට සහභාගී වන්නට සිදු වූ බව ලිපි දෙකෙන් එකකවත් ලියවී නැත. ගම්වල සිටි ශ්‍රීලනිප මෙන්ම එජාප පවුල් වල සාමාජිකයින්ටත් ජවිපෙ බැනර් හා පෝස්ටර් ගෙන (ජවිපෙ අනුබද්ධ සංවිධානද ඇතුළුව) මේ පෙළපාලි වල යන්නට වුනේ සාමසාධක හමුදාවට ඔවුන් විරුද්ධ වූ නිසා නොවේ. ප්‍රබල එජාප සාමාජිකයින් ලෙස නම් කළ නොහැකි එජාපයට ඡන්දය පමණක් දුන්, රජයෙන්ද කිසිදු විශේෂ ආරක්ෂාවක් නොතිබුණු පවුල් වලට තමන් ජවිපෙ-විරෝධී රජයේ ඔත්තුකරුවන් නොවන බව පෙන්වන්නට මේ පෙළපාලි වලට සහභාගී වීමට විය. ජවිපෙ නිර්ණායක අනුව රටේ සිටියේ දෙපිරිසක් පමණි. ඒ දේශප්‍රේමින් හා දේශද්‍රෝහීන්ය. දේශප්‍රේමීන්නම් ජවිපෙ ඉල්ලා සිටින දේ කියන පරිදි කළ යුතුය. දේශද්‍රෝහියෙකු වීමට දඬුවම මරණයයි. මෙවැනි පෙළපාලි වල ජවිපෙ සාමාජිකයින් කිසිවෙකු ඉදිරියෙන් ගියේ නැත. ඒ අය සිටියේ පසුපසිනි. පසුකාලයේදී LTTE සංවිධානයටද ආදර්ශයක් දෙමින් පොලිසිය වෙඩි තබද්දී ඉදිරියට යැවුවේ අහිංසක සිවිල් වැසියන්වය. ඉන්පසු ඒ මරණ රජයේ ගිණුමට එකතු විය.

    රජයේ පාර්ශ්වයෙන් භීෂණය ඇරඹුණේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට ඉල්ලා අස්වෙන්නට නියෝග කර එසේ නොකළ අයගේ දෙමවුපියන් කුරිරු ලෙස ඝාතනය කිරීම ඇරඹුණු පසුවය. ඇතැම් අය මෙය රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණයක් බව පවසති. එය එසේ විය හැකිය. රහස් ඔත්තු සේවා මඟින් උපයෝගී කරගන්නේද පුද්ගලයින්ගේ හෝ සංවිධාන වල නෛසර්ගික දුර්වලතා නිසා මට අනුවනම් එය එසේ වුනාද නැද්ද යන්න වැදගත් කරුණක් නොවේ. මේ කාලයේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙකු සිටියේ ගිරයට අහුවූ කරුන්කා මෙනි. මා සේවය කරන්නේ දහදෙනෙකු සේවය කරන තැනකනම්, යම් දිනක වර්ජනය කරන ලෙස ජවිපෙ නියෝග කළ විට වෙනත් අය කෙසේ ක්‍රියා කරනු ඇත්ද යන්න මට තීරණය කිරීමට සිදුවේ. නවදෙනෙකු වර්ජනය කර මා නොකළොත් අනිවාර්යයයෙන්ම මා ද්‍රෝහියෙකු බව කැපී පෙනේ. ප්‍රතිඵලය මරණය විය හැකිය. අනෙක් අතට, වර්ජනය කළේ මා පමණක්නම් ජවිපෙ සාමාජිකයෙකු බවට මා සැකයට ලක්වේ. ඒත් ප්‍රතිඵලය මරණය විය හැකිය.

    ReplyDelete
  6. මෙවැනි තත්වයක කැරැල්ල මර්දනය කිරීම ජනතාව වෙනුවෙන් නොව රජය රැකගැනීම සඳහා පමණක් කළ දෙයක් බව කිසිවකු කියනවානම් එය නිවැරදි නැත. ජවිපෙ ක්‍රියාකළ ක්‍රමවේදය අනුව සම්ප්‍රදායික ක්‍රමයකින් කැරැල්ල මර්දනය කිරීමේ හැකියාවක් තිබුණේ නැත. කෙසේවුවද, මේ වන විට ජේආර්ගේද ජනප්‍රියත්වය පිරිහී තිබුණේය. ජේආර්ට මේ වෙලාවේ ප්රේමදාසව නායකත්වයට පත් කරන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැත. ජේආර් ප්රෙමදාසව දැම්මේ පැරදෙන ඡන්දයකටය. (ජේආර්ගේ බලාපොරොත්තුව වූයේ අනුර වැනි පුද්ගලයෙකු ශ්‍රීලනිප බලය ගැනීම හා ද්විපාක්ෂික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අනාගත දේශපාලනයකි.) 2005දී ප්‍රභාකරන් විසින් මහින්ද රාජපක්ෂ දිනවූ අයුරින් ජවිපෙ ප්‍රේමදාසව දිනවා බලාපොරොත්තු වූයේ රටේ පැවති එජාප විරෝධය එක්තැන් කරගනිමින් අළුත් ආණ්ඩුව බිඳ දැමීම ශ්‍රීලනිප රජයක් බිඳදමනවාට වඩා පහසු වනු ඇති බවයි. ඇතැම්විට සිරිමාවෝ විසින් 1971දී සිදුකළ මර්දනය ගැන මතකයන් ජවිපෙ තුලින් ගිලිහී නොතිබුණු නිසාද විය හැකිය.

    අන්තිමට ජවිපෙට වුනේ ප්‍රභාකරන්ට පසුව වූ දෙයමය. ජවිපෙට ඇමති ධුර තුනක් දීමට පවා ප්‍රේමදාස සූදානම් විය. ජවිපෙ කළේ සාම සාකච්ඡා කියමින් රජය රැවටීමයි. ජවිපෙ 1971 මෙන්ම 87/90 සාපේක්ෂ සාර්ථකත්වයට හේතුව වූයේ (මෙය ප්‍රභාකරන්ටද අදාලය) එජාප, ශ්‍රීලනිප, ද්‍රඑවිපෙ මෙන්ම සම්ප්‍රදායික වාමාංශික පක්ෂ වල නායකත්වයටද සාපේක්ෂව රටේ බහුතර ජනතාවගේ ජන විඥානය හොඳින් හඳුනාගෙන සිටීමයි. ප්‍රේමදාසද (පසුව මහින්දද) ජවිපෙ මෙන්ම 'සතා අඳුනාගෙන' සිටි නායකයින්ය. ඒ නිසා, භීෂණයට එරෙහිව ප්‍රති-භීෂණය යොදා ගැනුණේය. එය සාර්ථක විය. මානව හිමිකම් වැනි 'බටහිර සංකල්ප' ජේආර්, බණ්ඩාරනායක, අමිර්තලිංගම් වැනි අයට තේරුනත් රටේ සාමාන්‍ය මිනිස්සු වූ ජවිපෙ සාමාජිකයින්ට, LTTE සාමාජිකයින්ට වගේම හමුදා පොලිස් සාමාජිකයින්ටත් (ඇතැම් විට ඉහළම මට්ටම් හැර) මේවා අමු ගොංපාර්ට්‍ය. ගෙවල්වලවත් නැති මානව හිමිකම් 'සතුරන්ට' එරෙහිව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නට හේතුවක් නැත. භීෂණය ඇති කළ විට කොතනත් වන ටික අන්තිමට සිදුවුණේය. (මා කිසිසේත්ම රජය විසින් ඇති කළ ප්‍රති-භීෂණය සාධාරණීකරනය කරන්නේ නැත. එහෙත්, එය පෙර සිදු වූ සිදුවීම් වල තර්කානුකුල ප්‍රතිඵලයයි.)

    අවසාන කරුණ සංඛ්‍යාලේඛණයි. මෙවැනි ගැටුමක් වන විට රජයට හැමවිටම අවශ්‍ය වන්නේ සිදුවූ මරණ අඩුවෙන් පෙන්වීමටය. ජවිපෙ හෝ LTTE මඟින් මිනීමැරුම් කළත් එයින් පෙනෙන්නේ රජයේ දුර්වලතාවයයි. සිදුවිය යුතු පරිදිම රජය ගණන් පෙන්නුවේ අඩුවෙනි. එහෙත්, රජයට විරුද්ධ පාර්ශ්වයට අවශ්‍ය වන්නේ මරණ වැඩියෙන් පෙන්වීමටය. රටින් පලාගිය හා රහසිගතව ජීවත් වූ බොහෝ අයද මේ රජය විසින් කළ මරණ සංඛ්‍යාලේඛණ වලට ඇතුලත්ය. 1990දී විරු සමරු වල සැමරුණු බොහෝ අය දැන් ප්‍රසිද්ධ දේශපාලනයේ සිටිති. රජයේ හමුදා වලින් කර කුරිරුම දෙය බොහෝ දෙනෙකු නොමරා මැරීමයි. ඒ අතින් LTTE සාමාජිකයින් වඩා වාසනාවන්ත අයයි.

    ReplyDelete
    Replies
    1. ඉකොනො ගෙ විග්‍රහය පට්ට සුපිරි. මම ඒක මුලින්ම කියෙව්වෙ ඉයන් ගෙ අඩවියෙ. තර්ක කරල තියන විදියටත් ආසයි. මටත් තියන ප්‍රශ්නෙ ජවිපෙ සන්නද්ධ අංශෙ එවුන් පන බේරගන ඉස්කෝලවල වර්ජන කල එවුන් ටයර් උඩ යාම. උන්ට ඉන්දියන් හමුදාවෙන් වැඩක් නෑ ,සමාජවාදී විප්ලව ඕනත් නෑ .පුහු වීරත්වයක් වෙනුවෙන් ආතල් එකට වර්ජන කලේ. ජේවීපී එකේ බලල් අතක් වෙලා මැරුන.මෙහෙම බලල් අත් තමා වැඩි හරියක් පිච්චුනෙ.

      ජවිපෙ සන්නද්ධ එවුන්ට දඩුවම් දීම ගැන කතාවක් නෑ. ඉන්දියන් හමුදාවෙන් හෝ විප්ලවයෙන් කාරියක් නැති අහිංසකයො බලහත්කාරී උද්ඝෝෂන වලට ගෙන යාමත් හමුදාවෙන් වෙඩිකෑමත් හරිම සෝචනීයයි.

      89 අත්දැකීම් තියන හැමෝගෙම යුතුකම මොකෙක් හරි එකෙක් කම්මැලිකම යන්නත් එක්ක ආයෙ සන්නද්ධ අරගලයක් වත් කරල දාමු නේද කියල ඇගට පතට නොදැනි කිව්වොත් උගෙ කන පුපුරන්න අත දිග ඇරල හොදවයින් එකක් ගහන එක.

      Delete
  7. /රහසිගතව ජීවත් වූ බොහෝ අයද මේ රජය විසින් කළ මරණ සංඛ්‍යාලේඛණ වලට ඇතුලත්ය. 1990දී විරු සමරු වල සැමරුණු බොහෝ අය දැන් ප්‍රසිද්ධ දේශපාලනයේ සිටිති./
    ඇත්ත, ඒ කාලයේ අතුරුදහන් වූ අය විදිහට ගනන් තියා ගත්ත යාළුවෝ ගෙන් 1/3 ම දැන් ගමට ආපසු ඇවිත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ජේවීපීකාරයො කලබල කලේ අහිංසකයො ඉස්සරහට දාගෙන. මැරුනෙ ඒ අහිංසකයො. ජේවීපී වරත්තු බල්ලො හැංගිලා හිටිය. පහුගිය දා සිදුවුන පොලිස් පහරදීම බලන්න.එතන පොලීසිය කුලප්පු කරල පෙරටුගාමියො හැංගුනා. උන් කියන්නෙ බැටන් චාජ් එකක් නැත්නම් පිකටින් එකෙක් වැඩක් නෑ කියල.ඒ වගෙම 89 දි ජේවීපී උන් කීවෙ ටයර් චාජ් එකක් නැත්නම් විප්ලවෙන් වැඩක් නෑ කියල. පොලීසිය හමුදාව කුලප්පු කරල අහිංසකයො ඉස්සරහට දාල හැංගිල සාකච්ඡා කලේ මිනී වෙලදාම් කරන හැටි.

      Delete