Wednesday, March 16, 2016

නිදහස් සෞඛ්‍ය සේවයක් එපා




මේ මගේ පෞද්ගලික අත්දැකීමකි. මගේ පියා රාගම රෝහලට ඇතුලත් කලේ කිට්ටුම රෝහලේ නිසි ප්‍රතිකාරයක් නොකෙරන නිසාය.රාගම රෝහලේ තත්වය සාපේක්ෂව හොදය. එක පෝලිමක ගොස් අවසානයේ යලි වෙනත් පෝලිමකට හරවා යැවීම .යලි ආපසු එවීම ,ලියකියවිලි කාර්ය මන්ඩලය විසින් නැතිකර ඒවා මුල සිට සොයාගන්නා ලෙස දැණ්වීම,ටිකට් කපන්නට රෑවනතුරු සිටීමට සිදුවීම වැනි රෝහල්වල සාමාන්‍යයෙන් දුප්පතුන්ට දෙන දඩුවම් හැරුන විට ලොකු කරදරයක් නොවීය.එහෙත් එක්තරා පරීක්ෂනයකින් පසු cardio thoracic surgeon කෙනෙක් හමුවීම සදහා මහරෝහලට යන ලෙස දන්වන ලදී.

මහ රෝහලේදී හමුවිය යුතු cardio thoracic surgeon ගැන සදහනක් නැති බව පවසා රස්තියාදු කිරීමෙන් පසු එක් වෛද්‍යවරියකට යොමුකරන ලදී. ඇය ආවේ ආවේශ වුනා සේය. වාර්තාව අතට ගෙන හෘද රෝගියා ඉදිරියේම මෙයා නම් සර්ජරි එකේදි මැරෙනව.කැමතිනම් පොරොත්තු ලේඛනයට දාන්නම් අවුරුදු 3 ක් යනව.නමුත් වෙනත් ප්‍රතිකර්මයක් තියනව ඒකට ලක්ෂ 12 ක් යනව කියා කීවාය.ඇය එය කියා ඇත්තේද ම්ලේච්ඡ ආකාරයෙනි.( දරුනු පිලිකා වැනි රෝගවලදී වෛද්‍යවරු එය කියන ශිෂ්ට ආකාරය මා අසා ඇත ).ලක්ෂ 12 ක් හොයාගන්න ඕන නෑ. මැරෙන එක කවදත් මරෙනවනෙ කියා මගේ පියා පැවසීය.

අප ගැන අනුකම්පා කල එක් අයෙක් අප පසුපස ඇවිත් අහවල් ඩොක්ටර් හමුවෙන්න යන්න අහවල් ප්‍රයිවෙට් තැනට එනව කියා කීවේය. අප එම පෞද්ගලික රෝහලට ගොස් එම වෛද්‍යවරයා හමුවූ පසු ඔහු මෙය පරීක්ෂා කර සර්ජරි එකක් අවශ්‍ය නැති බව කියා ඇත.අර පරට්ටි තම මතය ප්‍රකාශකලේ රිපෝට් එක බලන්නෙත් නැතිවද කියා සිතේ.

පෞද්ගලික රෝහල්වල තත්වය සතුටුදායකය. කාර්යමන්ඩල ආචාරශීලීය. ඔවුන්ගෙන් වරදක් වෙනවා තබා අපෙන් අතපසුවීමක් සිදුවුනත් කාරුනිකව ඉටුකර දෙයි.රාගමදී ඔවුන් අතින් ලියකිලිවිලි නැතිකර අපට ඒවා සොයාගන්න සිදුවීමත් ටිකට් කපන්නට රෑවනතුරු ටිකට් කපන එකෙක් සොයමින් සිටින්නට සිදුවුන සැටිත් සිහිවිය.පෞද්ගලික රෝහල්වල දොස්තරලා සමග කතා කරන්නට පුලුවන්ය. ඔවුහුද අපට සවන් දෙයි.

(රාගම රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර උපරිමව සිදුවූ බව එම රෝහලේ වෛද්‍යවරුන්ට ගරුකිරීමක් ලෙස ලියමි. ප්‍රශ්නය තිබුනේ පරිපාලනයේය.)

පෞද්ගලික රෝහලට එන අය දෙස මම විමසිලිමත්ව බැලුවෙමි. ඔවුහු ධනපතියන් නොවේ.රජයේ රෝහල්වල සිදුවන අකටයුතුකම් නිසා පෞද්ගලික රෝහල්වලට එති.

මගේ නම් මතය සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරනය කල යුතු බවයි. එවිට රජයේ රෝහල්වල ඇති බමුනු ධූරාවලිය වෙනුවට රෝගියා කේන්ද්‍ර කරගත් සේවයක් ඇතිවනු ඇත. පෞද්ගලික රෝහල්වල ඇත්තේ රෝගියා (සල්ලි ) කේන්ද්‍රකරගත් ක්‍රමයකි. එහි රෝහල් සේවකයන් යනු සේවා සපයන්නන් පමනි.ඔවුහු සේවා උපරිමව සපයති.අප මුදල් ගෙවමු.

රජයේ රෝහල්වල තදබදය මෙයට එක් හේතුවක් විය හැක.නමුත් රිපෝට් එකවත් හරියට නොකියවා මතය ප්‍රකාශකරන විශේෂඥ වෛද්‍යවරුන් ?

අපි පොඩ්ඩක් හෝ ඔලුව උස්සගෙන ඉන්න නිසා අර පරට්ටි කී මුදල සොයාගැනීමත් ගේමක් නොවේ. නමුත් අවුරුදු 3 ක් පොරොත්තු ලේඛනයේ සිටියානම් ?

කෙනෙක් මෙසේ කීමට ඉඩ ඇත. එහෙම කියන්න එපා. දුප්පත් අයට නිදහස් සෞඛ්‍ය සේවයෙන් අපමන සේවයක් සැලසෙනවා කියා. කෙහෙල්මල. අපේ ගමේ ගස් බඩගා පොල් කඩන කෙනා රෝගී විය. ඔහුට නිසි ප්‍රතිකාරයක් නොලැබුනි.මියගියේය.

මේ රටේ පුරවැසියන්ට පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට සෞඛ්‍ය රක්ෂන ක්‍රමයක් හදුන්වාදිය යුතුය.රජයේ රෝහල හදිසි අනතුරු වැනි විශේෂ අවස්ථා සදහා සීමා වෙනවානම් හොදය.

සමාජවාදී සුබසාධන ක්‍රමවල තිබෙන සියලු දුර්ගුන සෞඛ්‍ය සේවයටද අදාලය.නිසි අයිතිකාරයෙක් නැතිතැන අයිතිකාරයන් වැහි වැහැලාය.උන් එහි ලොක්කෝය. ඇටෙන්ඩන් පවා උත්තමයෙකි.සමහරු වැඩ නොකර පඩිගනිති.සමහරු කාක්කෝය.පෞද්ගලික අංශයේ මුදලට සේවය සැලසේ. අවශ්‍ය එය නේද.සමූපකාරයේ තිබූ අකාර්යක්ෂමතාවය දූෂනය ,ඥාති සංග්‍රහය,අයිතිකාරයන් සිටීම වැනි සියලු දුර්ගුන රෝහලේද ඇත.

11 comments:

  1. අම්මේ තාත්තේ මාමේ නැන්දේ පූසේ බල්ලේ මීයේ ...නිදහස් අජ්ජාපනේ අනතුරේ, මාලබේ උපාදි කඩේ වසනු.

    ReplyDelete
    Replies
    1. මමනම් කියන්නෙ නිදහස් කියන දේවල් ඕනම නෑ. දුප්පත්ම අයට ණය ක්‍රමයක් යටතෙ ඉගෙන ගන්න අවස්ථාව දිය යුතුයි.පෞද්ගලික පාසල් ,පෞද්ගලික වෛද්‍යවිද්‍යාල,පෞද්ගලික රෝහල් අවශ්‍යයි. රජයේ රෝහල් හදිසි අනතුරු හා වෙනත් හදිසි ආපදාවන් වගෙ දේවල්වලට මූලිකත්වය දී පවත්වාගෙන යා හැකියි.
      පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිවෙන අයගෙ උපාධිවල කොලිටිය අපි දන්නවනෙ

      Delete
    2. දුප්පත්ම අයට ශිෂ්‍යාධාර හෝ ශිෂ්‍යත්ව ලෙස නොමිලේ තියන එක හොඳයි.
      අන් හැමෝටම ණය ක්‍රමයක් හඳුන්වා දිය හැකියි.

      Delete
    3. ඔවු පරාජෙ එහෙම තමයි හොද .දුප්පත්ම අයට ශිෂ්‍යත්ව දෙන පුළුල් වැඩපිලිවෙලක් හදන්න ඕන.ඉගෙනගන්නෙ නැතිව පිස්සු කෙලියොත් ශිෂ්‍යත්වය අවලංගුකරන්නත් ඕන.


      ණැය ගත්ත අයත් ණයක් නිසා පිස්සු කෙලින්නෙ නැතිව ඉගෙන ගනීවි.නිකම් දෙන පාසල් පොත් කොයිතරම් නාස්ති කෙරෙනවද. සල්ලිවලට ගත්තනම් පරිස්සම්කරනවනෙ.ණය අරන් ඉගෙන ගන්න කොට බන්කර් පෙරලන වෙලාවෙ පාඩම් කරයි. ඒ වගෙම සල්ලි වලට රැකියා වෙලදපොලේ ඉල්ලුමක් නැති උපාධි කරන එකත් නතර කරාවි.නැත්නම් මේ රජයේ රැකියාම බලාගෙන කටපාඩම් කරන දෙලොවටම නැති කලා උපාදිකාරයො ටිකක් බිහිවෙනව.

      Delete
  2. සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට ලබාදීම මගින් ගැටලුව විසදෙනවායැයි සිතිම සහ එලෙස කටයුතු කිරීම වඩාත්ම පහසුම ක්‍රමයයි. එහෙත් අප පළමුව බැලිය යුත්තේ සෞඛ්‍ය සේවය අවශ්‍ය ඇයි යන්න පිලිබදවය.

    එමෙන්ම රජයේ රෝහල් තුලින් සහ රජයේ වෙනත් ආයතන තුලින් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් පිලිබදවද හොද අධ්‍යනයක් කල යුතු අතර දැනට රෝහල්වල ක්‍රියාත්මකවන සේවාවන් තවදුරටත් ගුණාත්මක හා කාර්යක්ෂම කිරීම සදහා වැඩපිලිවෙලක් සකස්කල යුතුයැයි සිතමි. එය කිසියම් හෝ පුද්ගලයෙකු අපහසුයැයි සිතන්නේ කිසිවකුට එය සිදුකිරිමට අවශ්‍යතාවයක් නොමැති බැවින් සහ පාලකයින් සහ වෛද්‍ය ක්ෂෙත්‍රෙය් ඉහල සිටින නිලධාරින් පෞද්ගලික සේවාවන් සැපයිම මගින් වැඩි ප්‍රතිලාභයක් ලබන නිසාය.

    පවතින සෞඛ්‍ය සේවයෙන් සාමාන්‍ය ජනතාවට සහනයක් සිදු නොවේයැයි කිව නොහැකිය. එහෙත් මේ තියෙන සම්පත් වලින්ම හොද ක්‍රියාවලියක් සකස් කිරිම මගින් අමතර වියදමක් සිදු නොකර මෙයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකියැයි මම විශ්වාස කරමි. ඒ සදහා රෝහල් කාර්ය මණ්ඩලවල, රෝගින්ගේ සහ රෝගින් බැලිමට යන ඥතින්ගේ ආකල්පයන් වෙනස් කල යුතුය. ආකල්පයන් වෙනස් කිරිම සදහා දැනට පවතින ක්‍රියාවලින් හොදින් අධ්‍යනය කර තොරතුරු තාක්ෂණය භාවිතාකර රෝහල්වල පවතින පොලිම් අඩුකර ගත හැකිවනු ඇතැයි සිතමි.

    තවද රජයේ රෝහල් තුල පෞද්ගලික අංශය යටතේම ආකාරයට මුදල් ගෙවා පහසුකම් ලබාගතහැකි ක්‍රමවේදයක්ද සකස් කල හැකිය.(දිනකට චැනල් රෝගින් යම් ප්‍රමාණයක් මුදල් ගෙවා සිදුකර ගැනිමට අවස්ථාව ලබාදීම - උදා,දිනකට වෛද්‍යවරයා විසින් බලන්නේ රෝගින් 25ක්නම් ඉන් 5ක් මුදල් ගෙවා වෙන්කරවා ගැනිමට අවස්ථාව ලබාදීම) එවැනි ආකාරවලින් උපයන මුදල් වලින් කොටසක් රොහල් කාර්ය මණ්ඩලවලට දීමනා ලෙස ලබාදීමද හැකිය.

    ReplyDelete
    Replies
    1. මටනම් අත්දැකීම තියෙන්නෙ හවුල් වැඩ අවුල් කියලයි.මොනව කලත් රජයේ දෙයකින් හරියට සේවයක් සැලසෙන්නෙ නෑ.මොකද කස්ටමර් ආවත් එකයි නැතත් එකයි පඩි හම්බවෙනව.නමුත් තමන්ට පඩිලැබෙන්නෙ ලාභයෙන් කොටසක් ලෙස නම් වැඩේ හරියට කරනව.පෞද්ගලික රෝහල් ගත්තොත් දක්ෂම වෛද්‍යවරු තමා ගන්නෙ.කොලිටිය අඩුවෙන නිසා.

      ගමක ගොවි සමිතියකට තෙල් ටැංකියක් ගත්තම ඒක වැඩි දවසක් යන්න ඉස්සර කඩල දානවනෙ. මොකද පොදු දෙයක් නිසා තමන්ගෙ කියන හැගීම නෑ.

      අවශ්‍යතාවය තිබ්බත් ඕක කරන්න බෑ. අනිත් එක ආකල්ප වෙනස් කරනව කියන එක නම් මේ කපේට කෙරෙන දෙයක් නෙමෙයි.හොදම ප්‍රායෝගික දේ තමා පුද්ගලිකකරනය. රෝහල් පමනක් නෙමෙයි හැම දෙයක්ම.එතකොට වැඩේ හරියට කෙරෙයි.

      අධ්‍යාපනය ගත්තම එතන ලොක්ක ගුරුවරු ,නිළධාරීන්. නමුත් කේන්ද්‍ර විය යුත්තෙ ශිෂ්‍යය සහ දෙමවුපියන්. රෝහල ගත්තම කේන්ද්‍රවෙන්න ඕන රෝගිය. නමුත් ඇටෙන්ඩන් ගෙ ඉදන් ලොක්කොනෙ. මේව වෙනස් කරන්න නම් පොදු කියන වචනය වෙනුවට පුද්ගලික කියන වචනය ආදේශ වෙන්න ඕන.

      රජයේ රෝහල්වල ගෙවන වාට්ටු හැදුවට මොකෙක්වත් එන්නෙ නෑ. ඒව පාඩු ලබයි. සිකියුරිටිකාරය ලෙඩ්ඩු බලන්න එන අයට කුනුහරපෙන් බැනපු හැටියෙ එතනින්ම ඉවරයි.අනිත් එක දොස්තරල නර්ස්ල නොගෙවන ලෙඩ්ඩු බලන මානසිකත්වයෙන්ම ගෙවන ලෙඩ්ඩුත් බලන්න ආවම ගෙවන ලෙඩ්ඩු පුද්ගලික රෝහල්වලටම යනව.

      ප්‍රයිවෙට් එකේදි මගේ දෙමවුපියො චැනල් ඩොක්ටර් ට කතා කලේ සර් කියල. එන ගමන් මම කිව්ව එහෙම එපා මෙතන ලොක්කො අපි (සල්ලි ) කියල.

      විස්සාස කරපන්කො ගොයියො සල්ලි හරිම සුවදයි බොල

      Delete
    2. ඔබ යෝජනා කරල තියෙන විදිහට සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ඇතිකරල ඒ මගින් පෞද්ගලික ආයතන හරහා සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ ක්‍රියාවලියක් සකස් කිරීම හොදයි, හැබැයි එ්ක එකසැරේ පටන් ගන්න පුලුවන් කියල හිතනවනම් ඒක හිතලුවක් විතරයි. දැනට තියෙන සෙවාවන් සහ පහසුකම් ලබාදීම පෞද්ගලික අංශය සමග තරගයක් ඇතිකර අවශ්‍ය පුද්ගලයින්ට පමණක් රක්ෂණ ක්‍රමයට පැමිණිමටයි පළමුව අවස්ථා ලබා දෙන්න අවශ්‍යයි

      දෙවැනි කරුණ තමයි එකම විසදුම පෞද්ගලික අංශයට සියල්ල පවරාදීම නෙමෙයි. වෙනත් විකල්ප විසදුම් තියෙන්න පුලුවන්, ඒ සදහා සියලුම මිනිසුන්ගේ ආකල්ප සහ සේවාවන් පිලිබදව සිතන ආකාරය වෙනස් කල යුතුයි. එය කල නොහැකි යනුවෙන් සිතිම මුලාවක්....

      කිසිම පුද්ගලයෙක් තෘප්තිමත් භාවයක් නැතුව සේවාවක් කරන්න කැමති නැහැ, යම් මානසික අපහසුතායන් තියෙන පුද්ගලයින් හැර අනෙක් කිසිවෙක් ආස නැහැ අනෙක් මිනිසුන්ව පිඩාවට පත් කරන්න, හැබැයි තියෙන ක්‍රියාවලිය විසින් රාජ්‍ය අංශයේ සේවකයින්ගේ ආකල්පය තමන් තමයි ස්වාමියා කියන තත්වයට හදල තියෙනව සහ ඔවුන් ස්වයංක්‍රියව අනෙක් පුද්ගලයින්ව පිඩාවට පත් කරනවා

      එය වෙනස් කල හැකියි, එය වෙනස් කල නොහැකියි කියා සිතන්නේ එයට වඩා පහසු විසදුම් ඇතැයි සිතන නිසා.

      රජයේ රෝහලකදී දවසකට බලන රෝගින් ප්‍රමාණය කලින් නිශ්චය කරන්න පුලුවන් යම් තාක්ෂණික ක්‍රමවේදයක් මගින්, අන්තර්ජාලය හරහා අදාල රෝහලේ වෛද්‍යවරයා හමුවීමට වෙලාවක් වෙනකරවා ගන්න ඕනෑම පුද්ගලයෙකුට පුලුවන් ඒ අනුව තමන් වෙන්කරවා ගත් වෙලාවට පැමිණ බෙහෙත් ගන්න පුලුවන්, මේ මගින් රෝහලතුල විශාල රෝගින් ප්‍රමාණයක් එකවර ඇතුල්වීම වලක්වා ගන්න පුලුවන් ඒ වගේම රෝගින්ට ගතකිරීමට සිදුවන අමතර කාලය අඩුකර ගන්න පුලුවන්, මෙහිදි ඇතිවිය හැකි අක්‍රමකිතාවයන් අවම කර ගැනිමට හැකි උපක්‍රම යොදවන්න පුලුවන්.මෙයින් රෝහල් තුල සේවය කරන පුද්ගලයින්ගේ මානසික බලපෑම් අවම කිරීමට පුලුවන්...

      Delete
  3. සාපේක්ෂව බැලුවම රාගම හොද රෝහලක්, සමහර තැන් වල ප්‍රශ්ණ ඇති. ඇස් සායනයට ගිහින් තියනවා.

    ReplyDelete
    Replies
    1. රාගම රෝහලේ ප්‍රතිකාරවල තත්වය ඉතාම උසස්.අවුල අත්තෙ පරිපාලනයෙයි. කිලෝම්මීටර් 80 ක් දුර ගෙවාගෙන රාගම ආවෙ ඒකයි. අපේ පැත්තේ බොහෝ රෝගීන් රාගම හෝ වැලිසර යනවා. අපේ ප්‍රදේශයේ රෝහල සතපහකට වැඩක් නැති නිසා.
      තදබදය වගෙ ප්‍රශ්න විසදන්න වෛද්‍යවරු විදේශගත වීම වලක්වන්න ඕන. ඒ ආකර්ශනීය වැටුප් හා වරප්‍රසාද තුලින්. වෙන කරන්න දෙයක් නෑ. පෞද්ගලික රෝහල් දිරි ගැන්වීමත් අවශ්‍යයි.

      Delete
  4. වරද ඇත්තේ පුද්ගලික හෝ පොදු හෝ ක්‍රමයේ නොවේ.

    මෙය අපේ සිංහලකමේ හෝ ලාංකිකකමේ ඇති අමානුෂික ලක්‍ෂණයක් පමණි.

    එයටම උඩගෙඩි දෙන පරිපාලන යන්ත්‍රයක් ද, එය ක්‍රියාත්මක කිරීමට පෙර කී අමානුෂික ලක්‍ෂණවලින් ම යුතු පිරිසක් ද ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාවෙත් ලොකු ඇත්තක් තියනවා. මැදපෙරදිග රෝහල්වලට ගිය ලංකාවෙ අයට මෙහෙ ක්‍රමයට අදුරන අයට ප්‍රමුඛත්වය වගෙ සක්කිලි ක්‍රම තිබුනනම් කවදාවත් ප්‍රතිකාර ලැබෙන්නෙ නෑ.මැදපෙරදිග රෝහල් ගැන මෙහෙ අයත් කතා කලේ ප්‍රශංසා මුඛයෙන්.

      ඉන්දියාව බංග්ලාදේශ් වගෙ රටවලත් සිංහලකම වගෙ සක්කිලි කම් තියන බව අසා තිබෙනවා.
      පොදු ක්‍රමයෙ අයිතිකාරයො ගොඩයිනෙ. ඇටෙන්ඩනුත් රෝහලේ අයිතිකාරයෙක්. මේ නිසයි පෞද්ගලිකකරනය වැදගත් වෙන්නෙ. එතන එක අයිතිකාරයයි. ඔහු මුදල් වෙනුවෙන් සේවයක් සපයනව.ඔහුට වැදගත් වෙන්නෙ ලාභය.

      Delete