Wednesday, March 23, 2016

අලුත් හෙටක්

ඉන්ටනෙට් එකේ අපූරු මිනිසුන් සිටිති. සැබෑ ලෝකයේ දුටු පමනින් නමස්කාරයට බදුන් වන භික්ෂූන්ගේ වැරදි මෙහිදී විවේචනය වෙයි.භික්ෂූන් මතුනොව ඕනම ලොක්කෙක් සයිබරයට මායිම් නැත.

සයිබරය තුලින් සමාජ සමානාත්මතාවයක් ඇතිවීද

මටනම් සිතෙන්නේ ඒ එසේ බවයි.

සයිබරයේ ලොක්කන් නැත. හැමෝම සමානය. එසේනම් එය සැබෑ ලෝකයෙන් වෙනස් වන්නේ ඇයි

සයිබරයද ,බිම් මට්ටමද තම්මට්ටමද හරි

ඇත්තටම හරි සයිබරයයි. අප බිම් මට්ටමේදී වෙනස්කම් නිර්මානය කරගෙන සිටිමු.

අපට අනෙකාගෙන් වෙනස් වීමට චාරීත්‍ර උවමනාය,සම්ප්‍රදායන් උවමනාය, උත්සව උවමනාය,ඇදුම් පැලදුම් වල වෙනසක් උවමනාය,ඉන්න තැනේ වෙනසක් උවමනාය. අප මෙයට සංස්කෘතිය කියමු.

එහෙත් සංස්කෘතිය කියා කෙහෙල්මලක් නැත. එකිනෙකාට ඇථි බිය නිසා කල්ලි ගැසීමට අවශ්‍ය නිසා ගොඩ නගගත් විකාරය.

සයිබරයේ මේ මිනිසුන් බහුතරය වුනොත්

අන්න එදාට හද පායනු ඇත..
සයිබරයේ අලි ඇල්ලීමට එරෙහි වී බිම් මට්ටමේදී අලි පෙරහරේ ගියොත්.

එහෙමනම් හැමදාම කලුවරය.

එන්න කතා කරමු. මත ගොඩනගමු ඉන් නොනවතී බිම් මට්ටමට යමු. කිසිවෙකුට විශේෂත්වයක් නොලැබෙන ලොක්කන් නැති හැමෝම සමාන  ඒ සුන්දර ලෝකය ඉදිකරමු.

මට මේ සිතිවිල්ල ආවේ පැරාගෙ අලුත් පක්ෂය නමින් බ්ලොග් ලොව ඇතිවූ හීන් කෙදිරිය මොන හේතුවක් නිසා හෝ යලි සිහිවීමෙනි.

8 comments:

  1. // අපට අනෙකාගෙන් වෙනස් වීමට චාරීත්‍ර උවමනාය,සම්ප්‍රදායන් උවමනාය, උත්සව උවමනාය,ඇදුම් පැලදුම් වල වෙනසක් උවමනාය,ඉන්න තැනේ වෙනසක් උවමනාය. අප මෙයට සංස්කෘතිය කියමු.

    එහෙත් සංස්කෘතිය කියා කෙහෙල්මලක් නැත. එකිනෙකාට ඇථි බිය නිසා කල්ලි ගැසීමට අවශ්‍ය නිසා ගොඩ නගගත් විකාරය. //

    නෙලුන් යාය උත්සවේට ට නේද ඔයි ටොක්කක් ඇන්නේ?

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය උත්සවය බොහොම හොද දෙයක්. ඉඩක් ලැබුනොත් මාත් එනවා.
      ඒක නෙමේ මල්ලෙ පොල් එකේ මගෙ කොමෙන්ට් එකට මොකුත් කියල නැත්තෙ ?. කට උත්තර නැතිවාවත්ද

      Delete
  2. // අපට අනෙකාගෙන් වෙනස් වීමට චාරීත්‍ර උවමනාය,සම්ප්‍රදායන් උවමනාය, උත්සව උවමනාය,ඇදුම් පැලදුම් වල වෙනසක් උවමනාය,ඉන්න තැනේ වෙනසක් උවමනාය. අප මෙයට සංස්කෘතිය කියමු.

    එහෙත් සංස්කෘතිය කියා කෙහෙල්මලක් නැත. එකිනෙකාට ඇථි බිය නිසා කල්ලි ගැසීමට අවශ්‍ය නිසා ගොඩ නගගත් විකාරය. //

    // නෙළුම් යාය උත්සවය බොහොම හොද දෙයක්. ඉඩක් ලැබුනොත් මාත් එනවා. //

    තමා විසින් ම තමන් දෙසූ බන nullify කිරීම...
    :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද ඒ. තමන් දෙසූ බන ය කියන්නේ.සිව්වැනිමානය ලෙස බ්ලොග් ලොව තුල ලැබූ වත්මන් ආත්මභාවයේ නම් එසේ බනක් කියා නැහැ.

      Delete
  3. //අපට අනෙකාගෙන් වෙනස් වීමට චාරීත්‍ර උවමනාය,සම්ප්‍රදායන් උවමනාය, උත්සව උවමනාය,ඇදුම් පැලදුම් වල වෙනසක් උවමනාය,ඉන්න තැනේ වෙනසක් උවමනාය. අප මෙයට සංස්කෘතිය කියමු.//

    වෙනස් එහෙත් බොහෝ තාත්වික අර්ථදැක්වීමක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      අප එකිනෙකාගෙන් නිතරම වෙනස් වෙන්නට උත්සාහ කරන්නෙ මන්ද යන්න මට තිබෙන ගැටළුව. මා පාසල් ගියෙ මධ්‍ය මහා විද්‍යාලයකට. ඒ කිට්ටුවම තිබුන මහා විද්‍යාලය. නමුත් මේ පාසල් දෙකේ සිසුන් පාසල හේතුවක් කරගෙන රන්ඩු කලේ නෑ. ලොකු ඉස්කෝලවල පාසල් පාසල් අතර ගුටි කෙලි යන බව මා අසා තිබෙනවා. මට හිතෙන්නෙ මධ්‍ය මහා විද්‍යාලෙත් මහ විද්‍යාලෙත් සිසුන් අතර වෙනස්කම් අඩුවීම ගැටුම් අඩුවීමට හේතුවක් කියලයි. පාසල් යුද්ධවලට වඩා ඔවුන්ට ජීවන යුද්ධය තුබුනා. විකාර සම්ප්‍රදායන් ගැන සිතයොමුකරනවාට වඩා හේනට කුඹුරට ගත සිත යොදන්න තිබුනා.

      Delete
  4. //එහෙත් සංස්කෘතිය කියා කෙහෙල්මලක් නැත.// මෙය වැරදි තර්කයක්. අප කැමති උනත් නැතත් සංස්කෘතිය අප වටා හැම තැනම තියෙනවා. උදාහරණයක් ලෙස අන්තර්ජාලය සහ මේ බ්ලොග් අවකාශය ගන්න. එම අවකාශය තුල මිනිසුන්ට අනන්‍ය හැසිරීම, විශ්වාස කරන දේ, කතා බහ කරන දේ, අදහස් හුවමාරුවේදී යොදා ගන්නා විධි ක්‍රම, තමන් විසින් තමන්ව හදුන්වා ගන්න ආකාරය ආදී දහසකුත් එකක් දේ ගැන කල්පනා කර බලන්න. ඒ තුල ඇති උප සංස්කෘතිය ඔබට වැටහේවි.

    සතුන් පවා හැසිරෙන්නේ ඔවුන්ට අනන්‍යවූ යම් යම් සංස්කෘතිකමය සීමාවල. මේ ලෝකය පවතින තුරු සංස්කෘතිය කියන සංකල්පය නැති නොවේවි.

    ReplyDelete
    Replies
    1. මා මෙහිලා සදහන් කලේ එකිනෙකා අතර ගැටුම් හදන එකිනෙකා පහත් කරන බෙදුම්වාදී ප්‍රවනතා ගැනයි. සංස්කෘතිය කියන්නෙ වෙනස් වෙන දෙයක්. එය අනෙකාට බැට දෙන්නට තිබෙන යගුලියක් නෙවෙයි.

      Delete