Tuesday, March 29, 2016

බ්ලොග් සම්මාන උලෙල

ඇත්තෙන්ම බ්ලොග් සම්මාන ගැන මට මුලින් තිබුනේ දැඩි ඍනාත්මක අදහසකි. මෙය බ්ලොග් කලාවෙහි විනාශයට හේතුවනු ඇතැයි දැඩිව විශ්වාස කලෙමි. එහෙත් මගේ එම අදහස් වෙනස් වී ඇත. අප සැමදාම එකම මතයක සිටිය යුතු නැත. එසේම අප දරන බොහෝ මත වැරදි විය හැක. මන්ද අප අපේය කියා සිතන අදහස් ඇත්තෙන්ම වෙනත් අය පැටවූ හෝ අපට ලැබුන සීමිත මූලාශ්‍ර මත පදනම් වන බැවිනි.

රසික  වෘත්තිමය නොවන හැසිරීමක් ගැන අදහසක් දක්වා තිබිනි. එහිම රසික සමග පැරා සමග කතා කිරීමට සමහරුන් බියවූ බවද කියා තිබුනි. එය නම් ඇත්තකි. අපේ සමාජය බියපත් ගැත්තන්ගෙන් බහුලය. ගුටි කෑම නතරවූ සැනින් පටන්ගන්නෙ අනෙකාට තැලීමටය. (මෙය මා අහුලා ගත්තේ ඉෂාක් බශෙවිස් සිංගර්ගේ පොතකිනි.)කෙනෙක් සමග මුහුන දී කතා කරන්නට බිය අය ද සිටිති.මේ තත්වය ඇතිවුනේ කුඩා කල සිටම වන්දන් කිරීම නිසාය. ගුරුවරුන්ට පූජකයන්ට ආරක්ෂක අංශවල අයට ගරු කිරීමේ පුරුද්දක් ඇත.මෙය අනවශ්‍ය දෙයක්ය යනු මගේ හැගීමයි. මෙසේ ගරුකරන අයම තමන්ට වඩා දුර්වල අයෙක් දුටු විගස හිංසා කරන්නට පෙලබෙයි. අපට හුරු  පීඩක පීඩිත සම්ප්‍රදායක් මිස ඉගැලිටේරියන් සම්ප්‍රදායක් නොවේ.අපේ රටවලට ගැලපෙන්නේ රජවරුය.වැද නමස්කාරකරන්නන් බහුල බැවිනි.එසේම කෙනෙකුට හොද හෝ නරක යැයි සහතික දීමටද ඉක්මන් නොවිය යුතුය. සුදු කලු චරිත නැත ඇත්තේ අලු චරිතය.

වත්මන් රජය  මෙම වන්දනාමාන සංස්කෘතියට අනුග්‍රහයක් නොදක්වන බව මගේ මතයයි. මම නම් විශ්වාස කරන්නේ අප වන්දනාමාන කල යුත්තේ දෙමවුපියන්ට පමනක් බවය. බල්ලට පූසට වදින සම්ප්‍රදාය විහිලුවකි. පසුගිය රජය මෙම වන්දනාමාන සංස්කෘතිය හැදියාවක් ලෙස ප්‍රවර්ධනය කලේය.එහි අවසන් අරමුන රජුට නමස්කාර කිරීමයි ඉන්පසු රජපවුලේ සියලු නොපනත්කම් ඉවසීමයි.පවුලේ අය හැරුන විට සෙසු සියලුම මිනිසුන් හා තිබෙන්නේ ආර්ථික හා නීතිමය සම්බන්ධකම්ය.තමනට වඩා ඉහල නිළධාරීන්ට රාජකාරිමය වශයෙන් අවනත වීම වෙනම දෙයකි.

මිනිසුන්ට අනවශ්‍ය ගරු කිරීම් නොකල යුතුබව මට උදාහරන මගින් ඉගැන්වූයේ චීවරධාරීන්ය.  මොවුන් ඕනෑම කඩප්පුලිකමක් කර සිවුරේ සැගවෙති. සමාජය මොවුන් ගේ වැරදි හෙලා නොදකින්නේ මේ අපූරු වස්ත්‍රයේ ආනුභාවයෙනි.ඔබ කෙනෙකුට අනවශ්‍ය ගරුකිරීම් කරන්නේනම් ඔහුගේ හැම නොපනත්කමක්ම ඉවසීමට සිත හදා ගත යුතුය.ගෞරවය දිය යුත්තේ ක්‍රියාවටය පුද්ගලයාට නොවේ.

සමානාත්මතාව පිලිබද  ධර්මතා අපේ වැනි ආසියානු සමාජයන්ට හුරු කිරීම ඉතා අසීරුය.ඇත්තෙන්ම නියම සමානාත්මතාවය බිහිවන්නේ අනාගතයේදී තාක්ශනය තුලින් බව මම විශ්වාස කරමි.තාක්ශනය තුලින් මිනිසාගේ හැකියාවන් ට යම් සීමිත බවක් ලබාදුන් දිනක නියම සමානාත්මතා සමාජය බිහිවනු ඇත.

රසික හා පැරා දෙදෙනාම බ්ලොග් ලෝකයේ අති දක්ෂයෝය .එහි විවාදයක් නැත. එහෙත් ඔවුන් පොරවල් කර ඔවුන්ට වන්දනාමාන කිරීම ඔවුන්ට කරන අසාධාරනයකි.එයින් සිදුවන්නේ බ්ලොග් ලෝකයේ පූජක සංස්ථාවක් බිහිවීමයි. මානව ඉතිහාසයේ සමහර මිනිසුන් පොරවල් කර ඔවුන් වටා පුදපූජා සහිත ආගමික සංස්ථා ගොඩ නැගුන බව අප දනිමු. දේවාල සාදා දෙවි දේවතාවුන් ලෙස අදහන්නේද රසිකලා පැරාල මාතලන්ලා  වැනි මිනිසුන්මය.

තමන්ට වඩා දක්ෂතා තිබූ මිනිසුන් මියගිය පසු ඔවුන්ගේ ආත්ම  ජීවත්වන්නවුන්ට වඩා බලවත් කර පිහිට පතන්නට හුරු වූහ.කාලය සමග මෙම චරිත අත්භූත චරිත බවට පත්විය.මෙම සම්ප්‍රදාය දිගටම ගියානම් රසික ඔසී රටේ සිට ගුවන් මගින් මෙහි ආවා කියා ලිවීම රසිකට කරන මදිකමක් ලෙස සාහිත්‍යකරුවා විසින් සලකා රසික එර්දියෙන්  බ්ලොග් සම්මාන උලෙලට ආ බව ලියා තබනු ඇත.

බ්ලොග් ලිවීමේ වටිනාකම මෙම බ්ලොග් උලෙලින් මොනවට පැහැදිලි විය. එනම් බ්ලොග්කරුවන් ලියන දේ අප සිතනවාට වඩා ඵලදායී ලෙස සමාජගත වන බවයි .කොමෙන්ට් තුලින් කැපී කෙටී ඔපමට්ටම් වී වඩා සුන්දර මානික්‍යයක් බවට පත්වන බ්ලොග් ලිපිය සමාජයේ හැම තරාතිරමකම අය කියවන බවයි. මෙම ක්‍රමය අතීතයේද තිබිනිනම් උතුරේ තිස් අවුරුදු යුද්ධය හා දකුනේ කැරලිද  මගහරවාගත හැකිවනු ඇත.

එසේම බ්ලොග්වල අධිපති මතවාද නැත. අධ්‍යාපනයෙන් වැඩක් නෑ පක්ෂය දෙන අධ්‍යාපනය යි නියම අධ්‍යාපනය. අප එකත්පස්ව එය හැදෑරීමත්  විනය රැකීමත් පමනයි අවශ්‍ය " වැනි ත්‍රස්තවාදී රාමු බ්ලොග් ලෝකයේ නැත. එහි ඕනෑම මතයක් ප්‍රශ්න කල හැක. බ්ලොග් ලියන සියල්ලෝම සමානයෝය

අවසාන වශයෙන් බ්ලොග් ලිවීම ගැනද යමක් කිව යුතුය. පිස්සුවෙන් මෙන් බ්ලොග් ලියන්න හෝ බලන්න ගියොත්නම් වැඩිකලක් බ්ලොග් කෙරුවාව කල නොහැක. බ්ලොග් ලිවීම හා කියවීම කල යුත්තේ තම සතුට උදෙසාය.කොමෙන්ට් කල යුත්තේ එය අවශ්‍යම යැයි හැගෙන විට පමනි. මෙම කාරනයද බොහෝ බ්ලොග්කරුවන් තේරුම් ගෙන ඇත.


19 comments:

  1. //අප සැමදාම එකම මතයක සිටිය යුතු නැත. එසේම අප දරන බොහෝ මත වැරදි විය හැක.//

    ඔබේ පරිණත භාවයට මල් මිටක්

    ReplyDelete
    Replies
    1. මම දරපු මත විතරක් නෙවෙයි කරපු වැඩත් undo කරන්න හිතුන වාර අනන්තයි. අගයුමට ස්තුතියි.
      පමන දැන බ්ලොග් වැලදීමට ආ දා පටන් කාටවත් හිරිහැරයක් නැතිව බ්ලොග් ලියනවා. එයත් වරදක් නිවැරදිකරගැනීමක්.

      Delete
  2. බ්ලොග් ගැන බ්ලොග් නොලියන අයත් ඉන්නේ හොඳ ඇගයීමක... ඒ තත්වය රැක ගැනීමයි කල යුත්තේ...

    ReplyDelete
    Replies
    1. කියවන්නාට අදහස් දැක්වීමට හැකිවීමත් සමාජ සංසිද්ධීන් රසබරව හා අරුත්බරව සාකච්ඡාවට ගන්න හැකි නිසාත් බ්ලොග් කලාව ඉතා ඉදිරියෙන් සිටින සන්නිවේදකයෙක්.
      බ්ලොග්කරුවා සමාජයට මගපෙන්වන්නෙක් හා සමාජයේ කැඩපතක් වෙනවනම් ඒ තමා සතුට.
      දැන් පාර පැහැදිලියි අපි උතුම් චාරිකාවක යෙදෙමු.

      Delete
  3. \\\පිස්සුවෙන් මෙන් බ්ලොග් ලියන්න හෝ බලන්න ගියොත්නම් වැඩිකලක් බ්ලොග් කෙරුවාව කල නොහැක. බ්ලොග් ලිවීම හා කියවීම කල යුත්තේ තම සතුට උදෙසාය.කොමෙන්ට් කල යුත්තේ එය අවශ්‍යම යැයි හැගෙන විට පමනි.///

    මේ මා පිලිපදින රීතියයි.....!

    ReplyDelete
    Replies
    1. 2015 බ්ලොග් ලියූ බොහෝ දෙනෙක් වෙනස් වෙලා. සමහරු ලියන එක නවත්තල ,තවත් බොහෝ දෙනෙක් පමන දැන වලදනව. එයයි විය යුත්තෙ.නැත්නම් ලිවිල්ල කියවිල්ල කරදරයක් වෙනව. හුගක් බ්ලොග් අකලට මියදුනේ පිස්සුවෙන් වගෙ ලියන්න කියවන්න ගිහින්.හොද ලියන්නන් අහිමිවුනේ මේ රීතිය නොදත් නිසා.

      Delete
  4. මං ආවේ ඉර්දියෙන් තමයි. ඉසිපතනේ ගාවින් තමයි බිමට බැස්සේ.
    මේවාට හිනා වෙලා ජාතික චින්තනය අවුල් කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවයැ. දැන් අනාගත සාහිත්‍යකරුවන්ට මේ කොමෙන්ට් එක සාක්ෂියක් ලෙසත් ඉදිරිපත්කරන්න පුලුවන් වෙයි. හ හ හා

      Delete
  5. පරිණත මතයක් බොහොම වැදගත් ලිපියක්.සතුටුයි සිව්වෙනි මානය.

    ReplyDelete
  6. //මිනිසුන්ට අනවශ්‍ය ගරු කිරීම් නොකල යුතුබව මට උදාහරන මගින් ඉගැන්වූයේ චීවරධාරීන්ය// මටත්..

    දැන්නම් හිතෙනවා උඹ අහවලාම තමයි කියලා.. හැක්.

    ReplyDelete
    Replies
    1. සිවුවැනි මානය තවම බ්ලොග් ලෝකයේ අතදරුවෙකි. පුනරුත්පත්තිය කීමට තරම් බහ තෝරා නැත. ඉදිරියේදී කියන්නට බැරිත් නැත.

      මෙම බ්ලොග් ලෝකයේ සිව්වැනි මානයට පෙර ආත්මයක් තිබෙන්නට ඉඩක්ද ඇත. බ්ලොග් ලිවීම හා කියවීම ජීවිතය කරගෙන විභාගයක් පේල් වී බ්ලොග් ලිවීම අන්තයටම එපාවී එම බ්ලොගය අවසන් වන්නට ඇත.එම බ්ලොග් එක පිස්සුවෙන් මෙන් කල එකකි. බ්ලොග් ලිවීම හැර වෙන වැඩක් නොතිබුනා සේය.

      එහෙත් එම බ්ලොග් එක නිවන් දැක්කේ නැත. බ්ලොග් අඩවි බ්ලොග් සසරේ සැරිසරන්නේ බ්ලොග් තෘෂ්නාව නිසයි.එම නිසා එම අඩවිය වෙනත් බ්ලොග් එකක් ලෙස පුනරුත්පත්තියක් ලැබීම ගැන පුදුමයක් නැත.

      එහෙත් මෙම භවයේදී පෙර භවයේ තිබූ අඩුපාඩු මගහරවාගෙන අනවශ්‍ය ගැටුම්කාරී සංවාද වලට නොගොස් ,බ්ලොග් ලියන්නන් බහුතරයකගේ සිතුම් පැතුම් වලටද සමගාමීව ,සියල්ලන් සමගම හිතවත්ව, ,කාලවේලාව නිසිලෙස කලමනාකරනය කරගෙන පමන දැන බ්ලොග් වැලදීම බලාපොරොත්තුවයි.

      Delete
    2. මා හිතන්නේ ඔබ කළේ කළ යුතු හොඳම දෙයයි. මමනම් 'සමහර බ්ලොග් චරිත' මැරෙන විට ශෝකප්‍රකාශ නිකුත් කිරීමට (හෝ කිරිබත් කෑමට) හදිස්සි නොවුණේ එවැනි බ්ලොග් හා සම්බන්ධව චුතූපපාත ඥානය ක්ෂණිකව පහළ වූ බැවිනි.

      Delete
  7. //පිස්සුවෙන් මෙන් බ්ලොග් ලියන්න හෝ බලන්න ගියොත්නම් වැඩි කලක් බ්ලොග් කෙරුවාව කළ නොහැක. බ්ලොග් ලිවීම හා කියවීම කළ යුත්තේ තම සතුට උදෙසාය.කොමෙන්ට් කළ යුත්තේ එය අවශ්‍යම යැයි හැගෙන විට පමණි.//
    හරියට හරි. හොඳ ආදුරුසයක්

    ReplyDelete
    Replies
    1. බ්ලොග් නවත්තපු හුග දෙනෙක් වැඩ වරද්දගත්තෙ ඔතන.

      Delete
  8. බ්ලොග් සම්මාන නරකක් නැහ​, නමුත් සම්මානයක් බලාපොරොත්තුවෙන්ම යමක් ලියන්න පෙළෙඹුනහම ලියන්නාගේ යටිසිතේ මතුවන අදහසේ නිදහස වෙනතකට හැරී, එල්ලය වෙනස් වී​ ලිපියේ නියම රසය මග ඇරී යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මමත් මුලින් බයවුනේ ඒ ගැන තමා. නමුත් ඒක හුබස් බියක්. මේ වගෙ දේවල් නිසා බ්ලොග් රටේ ප්‍රචලිත වෙනවා. බ්ලොග් කලාවෙ පූජක පැලැන්තියක් බිහිවෙනව කියල බොරුවට බයවෙන එක තේරුමක් නෑ.
      බ්ලොග් රටේ ප්‍රධාන දහරාවෙ මාධ්‍යයක් වෙනව දකින එක තමා අපි හැමෝගෙම ආසාව.බොග් සම්මාන කියන්නෙ ඒ ගමනෙ යෝධ පිම්මක්.

      Delete