Thursday, February 11, 2016

මාතලන්ගේ ආන්ඩුවට උපදෙසක්

මාතලන් එක්තරා බ්ලොග් එකක මෙසේ අදහස් දක්වා ඇත. ඒ ගැන ගුනදොස් කීම නොව ඔහුගේ අදහස්වල අපූර්වත්වය පෙන්වාදීම මෙහි අරමුණයි.
ඔහු වරෙක 80 ජූලි වර්ජනයේදී 40 000 කට රැකියා අහිමිකිරීමද සාධාරණීකරනය කලේ එසේ නොකලා නම් වර්ජන එක පිට එක පැමින රට අවුල් වන බවය.

ඔහු කියන මේ දේ බලන්න.

ආයෝජන ඒවීය ජනාධිපතිවරුන් දෙන්නෙක් ඉන්න රටකට. නිව්ස් බලන ඕන එකෙක් හිතන්නේ ජනාධිපති මහින්දය කියලා. ඊයේ පෙරේදා පාලමකුත් විවෘත කලේ.

වොයිස් කට් දෙන්නේ තාමත් ජනාධිපති කියලා හිතාගෙන. ජේ ආර් සිරිමාවොන්ට කල වැඩේ නොකර මෛත්‍රි කොරන්න ගියොත් නම්, වැඩි කල් නොයා සිරිසේනට නෙමෙයි කස්ටියටම අඩි 6 ක් යට ඉන්න පුළුවන් වෙයි.

බෙංගමුවේ ආලවක සහ අනාථ සිල්වා කියන ඒවා වෙන රටක කිව්වා නම් වෙලහකට ඇතුලේ.

නිදහස ඕනවට වඩා වැඩියි... අන්තීමට ඇට දෙකත් ගලවගෙන යයි.

සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමිකිරීම එදා ශිෂ්ට ලෝකය හෙලා දැක්ක දෙයකි. එසේම බෙංගමුවේ නාලක හිමි හෝ නලින් ද සිල්වා හිරේ දැමීමට තරම් දේවල් කියා නැත.

යෝෂිත හිරේදැමීමට හා හොරු ඇල්ලීමට අප පක්ෂ බවත් එහෙත් කාලානුරූපීව වර්ධනය වූ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් විනාශකිරීමට එරෙහි බවත් සිහිපත් කර සිටිමු.

5 comments:

  1. මාතලන් කියන ඒවගේ වචන අයින් කරලා තේරුම විතරක් ගත්තම හරි.

    ReplyDelete
  2. උමබත් නගුලකට බදින්න නම් සෝක

    ReplyDelete
  3. මම එක අනාවැකියක් කියන්නද 88-89 මේ රට ගිනි තිබ්බා වගේ සිරි ලංකා කාර මේ සෙට් එක රට ආයෙත් ගිනි තියනවා මේවා වහාම නැවත්තුවේ නැත්නම්.. (ජේ වී පී කාරයෝ ගොන්නු උනාට ගිනි තියන වැඩේ පටන් ගත්තේ පිටකොටුවේ බෝධිය ගාවින් සිරිමාවෝ ප්‍රමුඛ නඩයා.)

    මේ රටේ මිනිස්සු ආයෙත් කාලකන්නියෝ කරන්න හදන්නේ මේ ආන්ඩුව...

    ReplyDelete
    Replies
    1. හැබැයි මාතෙ ඔය සැකයනම් මටත් තියනවා. මරා පැරදිලා ගමට ගිය දා ඉදන් බයියන්ගෙ හැසිරීම දැකල ලොකු බයක් හිතේ හොල්මන් කරනවා.ආන්ඩුව බොහොම කල්පනාකාරීව වැඩ කරන්න වෙයි.

      අපට ඕන යහපාලනය මිස කිසිම පක්ෂයක පාලනයක් නෙමෙයි. රනිල් රට යහපාලනය පැත්තට හැරෙව්වොත් නම් ආයෙ කාටවත් ආපහු දක්කන්න බෑ. නමුත් යහපාලනය පැත්තට රට හරවනව කියන්නෙ ලේසි දෙයක් නොවෙයි. මේ ආන්ඩුවට ඒ හැකියාව තියනව කියල මට නම් පේන්නෙ නෑ.

      Delete
  4. // මේ රටේ මිනිස්සු ආයෙත් කාලකන්නියෝ කරන්න හදන්නේ මේ ආන්ඩුව.. //

    // මේ ආන්ඩුවට ඒ හැකියාව තියනව කියල මට නම් පේන්නෙ නෑ. //

    ::D // උමබත් නගුලකට බදින්න නම් සෝක //

    ReplyDelete